ආවා ආපහු ඇවිත්
යතුරුපැදි කල්ලියක් චුන්නාකම්හිදී
තරුණයන් දෙදෙනකු ආයුධවලින් කපලා
සමන් ගමගේ, ප්රදීප් ප්රසන්න සමරකෝන්
යාපනය චුන්නාකම් රොට්ටයාල්ලඩි මන්සන්ධියේදී පෙරේදා (2 දා) යතුරුපැදිවලින් පැමිණි තියුණු ආයුධවලින් සන්නද්ධ වූ කල්ලියක් තරුණයන් දෙදෙනකුට පහරදී කපා කොටා බරපතළ තුවාල සිදුකර පලාගොස් ඇත.
සින්නරාසා ශ්රීකාන්ත් සහ යෝගරාසා අනෝස් නමැති තරුණයන් දෙදෙනකු නාඳුනන යතුරු පැදි කල්ලියේ ප්රහාරයට ගොදුරු වී ඇති අතර බරපතළ තුවාල ලැබූ ඔවුන් ප්රතිකාර සඳහා තෙලිප්පිලෙයි රෝහලට ඇතුළත් කර ඇත.
මෙම තරුණයන් දෙදෙනා මහ මග යමින් සිටියදී රාත්රි 11.30ට පමණ මෙම ප්රහාරයට ලක්වී තිබෙන බව පොලිස් විමර්ශනවලදී හෙළවී තිබේ.
ප්රහාරයට පැමිණි යතුරුපැදි කල්ලියේ තිදෙනකු චුන්නාකම් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර මෙම කල්ලියට හිටපු එල්ටීටීඊ සාමාජිකයන් සම්බන්ධව ඇත්දැයි යන්න සොයා බැලීම සඳහා පොලිසිය පුළුල් විමර්ශනයක් අරඹා ඇත.
මේ අතර යාපනය කෝපායි ප්රදේශයේදී රාජකාරී කටයුත්තකට යතුරුපැදියකින් ගමන්කරමින් සිටි පොලිස් නිලධාරීන් දෙදෙනකුට තියුණු ආයුධවලින් පහරදී කපාකොටා තුවාල සිදුකිරීමේ සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් දෙදෙනකු ඊයේ (03 වැනිදා) යාපනය මූලස්ථාන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම සැකකරුවන් දෙදෙනා යාපනය කෝපායි හා නල්ලූර් යන ප්රදේශවලදී අත්අඩංගුවට ගෙන ඇති අතර ඒ අනුව මෙම සිද්ධියට අත්අඩංගුවට ගෙන ඇති මුළු සැකකරුවන් ගණන 5 ක් වේ.
ඊයේ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ යාපනය නල්ලූර් පදිංචි යෝගරාසා සගිසි නොහොත් "මුත්තු" (18) සහ යාපනය කෝපායි පදිංචි අරුල් මිලන් (18) යන දෙදෙනා වන අතර ඔවුන් 'ආවා' කල්ලියේ සාමාජිකයන් බව පැවැසේ.
http://www.divaina.com/2017/08/04/news08.html