ආවා ආපහු ඇවිත්

KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,932
    4,597
    113
    ආවා ආපහු ඇවිත්

    යතුරුපැදි කල්ලියක්‌ චුන්නාකම්හිදී
    තරුණයන් දෙදෙනකු ආයුධවලින් කපලා

    සමන් ගමගේ, ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

    යාපනය චුන්නාකම් රොට්‌ටයාල්ලඩි මන්සන්ධියේදී පෙරේදා (2 දා) යතුරුපැදිවලින් පැමිණි තියුණු ආයුධවලින් සන්නද්ධ වූ කල්ලියක්‌ තරුණයන් දෙදෙනකුට පහරදී කපා කොටා බරපතළ තුවාල සිදුකර පලාගොස්‌ ඇත.

    සින්නරාසා ශ්‍රීකාන්ත් සහ යෝගරාසා අනෝස්‌ නමැති තරුණයන් දෙදෙනකු නාඳුනන යතුරු පැදි කල්ලියේ ප්‍රහාරයට ගොදුරු වී ඇති අතර බරපතළ තුවාල ලැබූ ඔවුන් ප්‍රතිකාර සඳහා තෙලිප්පිලෙයි රෝහලට ඇතුළත් කර ඇත.

    මෙම තරුණයන් දෙදෙනා මහ මග යමින් සිටියදී රාත්‍රි 11.30ට පමණ මෙම ප්‍රහාරයට ලක්‌වී තිබෙන බව පොලිස්‌ විමර්ශනවලදී හෙළවී තිබේ.

    ප්‍රහාරයට පැමිණි යතුරුපැදි කල්ලියේ තිදෙනකු චුන්නාකම් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර මෙම කල්ලියට හිටපු එල්ටීටීඊ සාමාජිකයන් සම්බන්ධව ඇත්දැයි යන්න සොයා බැලීම සඳහා පොලිසිය පුළුල් විමර්ශනයක්‌ අරඹා ඇත.

    මේ අතර යාපනය කෝපායි ප්‍රදේශයේදී රාජකාරී කටයුත්තකට යතුරුපැදියකින් ගමන්කරමින් සිටි පොලිස්‌ නිලධාරීන් දෙදෙනකුට තියුණු ආයුධවලින් පහරදී කපාකොටා තුවාල සිදුකිරීමේ සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් දෙදෙනකු ඊයේ (03 වැනිදා) යාපනය මූලස්‌ථාන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

    මෙම සැකකරුවන් දෙදෙනා යාපනය කෝපායි හා නල්ලූර් යන ප්‍රදේශවලදී අත්අඩංගුවට ගෙන ඇති අතර ඒ අනුව මෙම සිද්ධියට අත්අඩංගුවට ගෙන ඇති මුළු සැකකරුවන් ගණන 5 ක්‌ වේ.

    ඊයේ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ යාපනය නල්ලූර් පදිංචි යෝගරාසා සගිසි නොහොත් "මුත්තු" (18) සහ යාපනය කෝපායි පදිංචි අරුල් මිලන් (18) යන දෙදෙනා වන අතර ඔවුන් 'ආවා' කල්ලියේ සාමාජිකයන් බව පැවැසේ.


    http://www.divaina.com/2017/08/04/news08.html
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,932
    4,597
    113
    හමුදාවට භාර නොවූ කොටි 4000 ක්‌

    හමුදාවට භාර නොවූ කොටි 4000 ක්‌ දැන් උතුරේ ක්‍රියාත්මකයි
    රියර් අද්මිරාල් සරත් වීරසේකර

    කීර්ති වර්ණකුලසූරිය

    කොටි 4000 ක්‌ හමුදාවට භාර වූයේ නැති බවත් ඔවුන් දැන් උතුරේ සිට ක්‍රියාත්මක වන බවත් රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා ඊයේ (03 දා) හෙළි කළේය.

    වන්නි මෙහෙයුමින් පසු හමුදා බුද්ධි අංශ උතුරේ ක්‍රියාත්මක වූ බවත් දැන් එම බුද්ධි අංශ බැරැක්‌කවලට සීමා වී සිටින බවත් පැවසූ හෙතෙම උතුරේ පවතින තත්ත්වය මතු වූයේ බුද්ධි අංශ අක්‍රීය වීම නිසා බවද කීය.

    හිටපු කොටි සම්බන්ධ ගෝලීය ද්‍රවිඩ සංසදයේ තහනම ඉවත් කිරීම නිසා එම සංසදයේ ක්‍රියාකාරීන්ට උතුරට ඒමට ඉඩ ලැබුණු බවද වීරසේකර මහතා කියා සිටියේය.


    http://www.divaina.com/2017/08/04/news16.html