කිලිනොච්චියේදී පොලිස් නිලධාරියෙකුට ප්‍රහාරයක්
කිලිනොච්චිය මහරෝහල ඉදිරිපිටදී ඊයේ (25දා) සවස පොලීසියට බෝතල් ප්‍රහාර එල්ල කරමින් කලහකාරී ලෙස හැසුරුණු පිරිස් අත්අඩංගුවට ගැනීම සඳහා පුළුල් පරීක්ෂණයක් අරඹා ඇතැයි කිලිනොච්චිය පොලීසිය පවසයි.
මේ අතර ඊයේ සවස රෝහල ඉදිරිපිටදී බෝතල් ප්‍රහාරයට ලක්ව තුවාල වූ සැරයන් සමරවික්‍රම නමැති පොලිස් නිලධාරියා වැඩිදුර ප්‍රතිකාර සහා කිලිනොච්චිය මහ රෝහලේ සිට අනුරාධපුර රෝහල වෙතට මාරු කර යවා ඇත.
යාපනය සරසවියේ සිසුන් දෙදෙනාගේ මරණයට විරෝධය පාමින් මෙම පිරිස් රෝහල ඉදිරිපිටදී ඒ-9 මාර්ගය අවහිර කිරීමට උත්සාහ දරා ඇති අතරම එහිදී පොලිස් නිලධාරීන් එම පිරිස් පාලනය කිරීමට ගිය අවස්ථාවේදී බෝතල් ප්‍රහාරය එල්ල කර තිබේ.
කලහකාරී පිරිස් කිලිනොච්චිය ඉරණමඩු මන්සන්ධියේදී ටයර් කිහිපයක්ද පුළුස්සා විරෝධතාවක නිරත වී ඇත. කෙසේ වෙතත් මේ වනවිට ප්‍රදේශය සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇතැයි පොලීසිය පවසයි.