ආශ්චර්යයේ පෙරනිමිති!!!

Classicsha

Member
Aug 14, 2007
122
14
0
Watford
ආශ්චර්යයේ පෙරනිමිති!!!

Sri-Lanka-Bribery-Records-2011.jpg

හෙට නැතිනම් අනිද්දා අපේ රට අධ්‍යාපනයේ කේන්ද්‍රස්ථානයක් වීම ගැන කිසිම තර්කයක් නැත. අපේ රටට සුභ අනාගතයක්….
අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසමට මේ වසරේ ලැබී ඇති පැමිණිලි වලින් ඉතා වැඩි අගයක් අධ්‍යාපන ක්ෂේත්‍රයෙන් වීම කැපී පෙනෙන්නකි. අධ්‍යාපන ක්ෂේත්‍රය සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 324කි.
දෙවනුව වාර්තා ගත වන්නේ රටේ නීතිය ආරක්ෂා කරන නීතිය ක්‍රියාත්මක කරවන තැන නොහොත් පොලීසිය සම්බන්ධයෙන්ය ඒ පැමිණිලි 279ක් ලැබීමෙනි.
අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසමට 2011 වසරේ ලැබී ඇති මුළු පැමිණිලි සංඛ්‍යාව 2180 කි.
නමුත් අත්අඩංගුවට ගෙන ඇත්තේ 48 ක් පමණි.
වත්මන් ආණ්ඩුව නම් කියන්නේ සිරි ලංකාව අධ්‍යාපන කේන්ද්‍රස්ථානයක් බවට පත් කරනවා යනුවෙනි, අධ්‍යාපනයේ කේන්ද්‍රස්ථානය කෙසේ වෙතත් ජාත්‍යන්තරයට ආණ්ඩුව ඔප්පු කර පෙන්නා ඇත්තේ අපිට විභාග ප්‍රතිඵලයක් වත් දී ගන්න බැරිය යන්නයි.

*අධ්‍යාපනයේ කේන්ද්‍රස්ථානය කිරීමට යන රටට හරියට ප්‍රතිඵලයක් දී ගන්ඩ බැරිය,
*අධ්‍යාපනයේ කේන්ද්‍රස්ථානය කිරීමට යන රටේ වැඩිම අල්ලස් පැමිණිලි ලැබී ඇත්තේ අධ්‍යාපන ක්ෂේත්‍රයෙන්ය.
*වැඩියෙන්ම මුදල් වංචා, දූෂණ පමිනිල්ලි ඇත්තේ අධ්‍යාපන ක්ෂේත්‍රයේය.

මෙහෙම ගියෝත් නම් අනිවාර්යෙන්ම ආසියාවේ ආශ්චර්ය පමණක් නොව නිසැකවම රටට සුභ අනාගතයක් ඇත.

Source:RealGossiplanka.com


:lol::lol::lol::lol: