ආශාව කියන්නේම අහිමි වීමේ වේදනාව....
ආශාව යනු අහිමිවීමේ වේදනාවෙහි බලාපොරොත්තු සහගත ප්‍රවේශය යැයි හැඳින්වීමට කැමැත්තෙමි. ආශාවට ආසක්තව දිවිගෙවන්නන් වන අපි පපුවට තුරුළුකරගන්නේ ආශාවයි. නිතරම බලා සිටින්නේ ආශාව දෙසයි. නොදැනුවත්වම හඹා යන්නේ ආශාව පසුපස යි. සිහින දකින්නේ ආශාව පිළිබඳව යි. දෙතොලින් සිපගන්නේ ආශාවයි. දෑත් අතර සිරකරගන්නේ ආශාවයි. ඉන් නොනැවතී යහන්ගත වන්නේ ද ආශාව සමඟයි.
ආශාව මහ මුහුද වැනිය. විචිත්රත්වය දැකිය හැක්කේ ගැඹුරට යන්නට යන්නටය. මුලදී පෙන කැටිති විසිරෙන මතුපිට රළ සිඹින කිමිදුම් කරුවෙකු කෙමෙන් කෙමෙන් ගැඹුරට යනවිට මනස්කාන්ත ගල් මල්, මුහුදු ජීවීන් සහ ජලජ පැළෑටි දැකගනී. වට පිටාවෙහි ඇති සුන්දරත්වයෙන් මත්වන, ගැඹුර පිළිබඳව හරි හැටි අවබෝධ කරනොගත් ආධුනික කිමිදුම් කරුවෙකු සුන්දරත්වය විඳිනුවස් සීමා විරහිතව මුහුදු පතුල බලා කිමිදීමට ඉඩකඩ තිබේ. තමා නොදැනුවත්වම ඇදී යන්නේ ගැඹුරු ආගාධ සහිත මුහුදු පතුළට බව හේ නොදනී. ආශාවන් සංතෘප්ත කරගැනීමට යාමත් මෙවැනිම ය. විඳින්නට විඳින්නට අත් කරගැනීමට හැකිවනුයේ චමත්කාරය යි. නමුඳු අවසන පහසුවෙන් මිදෙන්නට නොහැකි තරම් වූ ඇල්මකට ලක්වන්නට සිදුවෙයි. ඒ තුළින් මිදෙන්නට දරන උත්සාහය තුළ ඇතිවන මානසික පීඩනය මිනිසෙකු උමතු භාවයට පත්කරන්නට වුවද හේතුවනු ඇත. ආශාවන්ගේ අන්තයටම ගිය මිනිසෙකුට මුහුණපෑමට සිදුවන ඇල්මෙන් ගැලවෙන්නට ඇවැසි නිසි මානසික ප්‍රතිකාර ලබා දුන්, මෙලොව බිහිවූ හොඳම මානසික වෙදැදුරා ලෙස මා දකින්නේ යශෝධරා දේවියයි.
ආශාවන්ගේ අන්තයටම ගොස් ඒවායෙහි ඇති නිස්සාර බව පිළිබඳව තේරුම්ගත් සිද්ධාර්ථයන් හට ඉන් මිදෙන්නට ඇවැසි රුකුල් සැපයූවේ යශෝධරා දේවිය යි. ඇය තම ස්වාමිපුරුෂයාගේ මානසික මට්ටම හරි හැටි තේරුම්ගැනීමට තරම් වූ බුද්ධි මට්ටමකින් සන්නද්ධව සිටියා ය. වත්මන් සමාජයෙහි ද සිද්ධාර්ථ ලා සිටිති. නමුදු යශෝධරා ලා සිටිනවා ද යන්න සැකයකි. ඉන් අදහස්වන්නේ යශෝධරා ලා වත්මන් සමාජය තුළ නොමැත යන්න ම නොවේ. අඹු සැමි සබඳතා නිසි අයුරින් තිබුණා නම්, ඇතැම් ස්වාමි පුරුෂයන්ට හෝ බිරින්දෑවරුන්ට මානසික රෝගවලට ගොදුරුවන්නට සිදුවී සමාජයෙන් ඈත් ව වනගත වන්නට සිදු නොවනු ඇත. යශෝධරා දේවිය එදා සිද්ධාර්ථගේ මානසික මට්ටම නිසි ලෙස තේරුම් නොගෙන ඔහුගේ මග හරස්කොට, බිළිඳු රාහුලයන් ද පෙන්වමින් අඬා වැලපුණේ නම්, සිද්ධාර්ථයන් මානසිකව බිඳවැටී උමතු භාවයකට පත්වනු නොඅනුමාන ය. ඔහු එක එල්ලේ තීරණයක් ගත නොහැකිව දෙලොවක් අතර සිරවනු ඒකාන්ත ය. එසේ වූවා නම් සමස්ථ සමාජයට තියා තම තමන්ටවත් විමුක්තිය උදානොවනු ඇත. ඇයට හිත හදාගැනීමට තිබූ එකම මාර්ගය රහසේ ඇඬීම පමණි.
යශෝධරා යනු සමාජයේ අන්ත අසරණ භාවයකට ලක් වූ කාන්තාවකැයි යමෙකුට තර්ක කළ හැකිය. නමුදු ඇය එය එම අර්ථයෙන් බාරගත්තා යැයි කිසිඳු මූලාශ්‍රයක සඳහන් නොවේ. සෑම තැනකම සඳහන් වන්නේ ඇය තම ස්වාමියා කෙරෙහි වූ අපමණ භක්ත්‍යාදරයකින් යුතුව එම දුක වැළඳගත්තා යන්නයි. මෙම කාරණය අද දවසේ සිදුවූවා නම් එය කෙසේ වනු ඇත්ද? පත්තර, යූ ටියුබ් චැනල, ටී වී චැනල, රේඩියෝ චැනල, නිවුස් වෙබ් සයිට්, බ්ලොග් හා ෆේස් බුක් පිටු යනාදී වූ ජන මාධ්‍ය යැයි සලකන හැත්ත බුරුත්ත කල්ලි පිටින් ගොස් යශෝධරා ව ඉන්ටවීව් කරනු ඇත. ඇයගේ මුවින් නිකුත්වන එක් සංවේදී වචනයක් දඩ මීමා කරගෙන ඇගේ උත්තරීතර මනෝභාවය සමූල දූෂණයට ලක් කරමින් තම පුවත්වල වීව්ස් ගණන නැතහොත් පාඨකයින් ගණන වැඩිකරගනු ඇත. ඉන් පසු දේශපාලන නායකයින් සහ කාන්තා විමුක්ති සංවිධාන ඇගේ සුවදුක් විචාරන්නට එනු ඇත. දේශපාලන වේදිකාවල තළුමරන මාතෘකාව "ශාක්‍ය දේශපාලන පක්ෂයේ නායකයාගේ පුත්‍රයෙකු අතින් කාන්තාවකට සිදුවූ අසාධාරණය" පිළිබඳව වනු ඇත. ඉන් පසුව ඇයව සහභාගී කරවාගෙන ඇතැම් සංවිධාන පිට කොටුව ඉස්ටේසම ඉදිරිපිට විරෝධතා ව්‍යාපාර සංවිධානය කරනු ඇත. මෙම සියලු කාර්යයන්හි ප්‍රථිපලය කිසියම් බලලෝභී දේශපාලකයෙකුගේ අරමුණු මුඳුන්පත්කරගැනීම වෙත ම සංකේන්ද්‍රණය වනු ඇත.
සැමදා එක තැන පල් වන මෙම සමාජ ක්රමයෙහි චක්‍රීය ප්‍රවාහය එය යි. සැමදා සිදුවූයේ එය යි. පෙනෙන්නට තිබෙන සලකුණු, සාක්ෂි ප්‍රකාරව ඉදිරියට සිදුවන්නට ඇති දෙය ද එය යි. මිනිසා දිනෙන් දින ආශාමය කන්දකට යටවෙමින් පවතී. තව තවත් යට වෙන්නට මිසක ඉන් නිදහස් වන්නට ඇවැසි සහායක් කිසිදු අංශකින් නොලැබෙයි. පෘතග්ජන මිනිසා පමණක් නොව නොඇලීම පිළිබඳව උගන්වන්නට සහ දෙසන්නට නියමිත පාර්ශ්වයන් ද හොඳටම ඇලිලාය. ඇලීම ගැලීම කලාවක් නම් උන් අතරින් බොහෝදෙනා එහි පිකාසෝලා බවට පත්ව ඇත. ඇලීමට ලක්වුණු මිනිසෙක් ඉන් ගැලවෙන්නට උත්සාහ දරයි නම් ඔහු උන්මත්තකයෙක් නැතහොත් මානසික රෝගියෙකු ලෙස සැලකීම පවතින සමාජ ක්රමයෙහි ලක්ෂණය යි. මන්ද සියළු බලවේගයන් සපයන්නේ බයින්ඩර් ගම්වලටත් එහා ගිය සුපර් ග්ලූ ය. එබැවින් ඇලුණු තැන් ගලවන්නට හැකි රසායන ද්‍රව්‍යක් සොයා යන්නෙක් මානසික රෝගියෙකු ලෙස සැලකීම පුදුමයට කරුණක් නොවේ.
මිනිසා කිසියම් දෙයක් පසුපස මෙතරම් ම හඹා යන්නේ කියයම් හිඩැසක් ඔවුන්ගේ ජීවිත තුළ ඇති නිසා බව පෙනෙයි. බොහෝදෙනා කිසියම් "ඇරියස්" එකක් පිළිබඳව කතා කරයි. එනම් ඔවුන් ජීවිතයේ කිසියම් අහිමිවීමකට ප්‍රභල ලෙස ගොදුරු වී තිබේ. එම අහිමිවූවන්, හිමිවූවන් පිළිබඳව යම් ආවේගශීලී බාවයකින් යුතුව කතා කරයි. ශ්‍රී ලංකාව වැනි රටක මිනිසුන් අතර මෙවැනි "මානසික ඇරියස්" එකක් ඇතිවීමට හේතුව ඇති නැති පරතරය ඉහළ යාම හෙවත් ආදායම් බෙදීයාමේ විෂමතාවො ඉහළ අගයක් ගැනීම නොවේද? රටේ ජනගහනයෙන් කුඩා පිරිසක් ජාතික ආදායමෙන් වැඩි කොටසක් පරිබෝජනය කරන අතර විශාල පිරිසක් ජාතික ආදායමෙන් සුළු කොටසක් පරිභෝජනය කරති. මෙම ආකෘතිය තුළ වැඩි පිරිසකට ළඟාකරගැනීමට අපේක්ෂිත ඉහළ ජීවන මට්ටමක් ඇත. ඔවුහු අහිමිවීමේ වේදනාවෙන් පෙළෙන අතර හිමිවීමේ ආශ්චර්යය පිළිබඳව නව සිහින දකිති. එබැවින්ම ඔවුහු බලාපොරොත්තු මත්තෙහි ඇලෙති, ගැලෙති. දේශපාලකයින් ගේ මර උගුල්වලට හසුවෙති. එබැවින් පන්ති භේදයකින් තොර සමානාත්මතාවයෙන් යුතු සමාජ ක්‍රමයක් බිහිවන තුරු මිනිසා ඇලෙති, ගැලෙති, විඳවති.
[මදුශාන්ත බණ්ඩාර ඇඹිලිපිටිය]

Kello hena chapalai 