ආසන_106

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
දිසා 11 ක් ජයගෙන එක්සත් ජාතික පෙරමුණට පැහැදිලි ජයක්..! එජාපෙට ආසන 106 ක්, එජනිසට 93 යි.!





කොළඹ, ගම්පහ, මහනුවර, කෑගල්ල, නුවර එළිය, බදුල්ල, මාතලේ, පොලොන්නරුව, ත්‍රිකුණාමලය, දිගාමඩුල්ල, පුත්තලම ඇතුළු දිස්ත්‍රික්ක 11 ක ප්‍රමාණයක් ජයග්‍රහණය කරමින් ආසන 106 ක් පමණ දිනාගෙන එක්සත් ජාතික පෙරමුණ 2015 පාර්ලිමේන්තු මහ මැතිවරණයේ පැහැදිලි බහුතර බලයක් ලබා ගෙන ඇතැයි නිල නොවන ආරංචි මාර්ග පවසයි.
එක්සත් ජනතා නිදහස් සන්ධානය ජය ගෙන ඇති දිස්ත්‍රික්ක 7 ක් බවත්, ඒවා නම් රත්නපුර, කුරුණෑගල, කළුතර, ගාල්ල මාතර, හම්බන්තොට සහ අනුරාධපුරය බවත් පවසන නිල නොවන ආරංචි මාර්ග එජනිසය ආසන 93 ක් පමණ ලබා ගෙන ඇතැයි පවසයි.
මොණරාගල ප්‍රතිඵල ගැන මෙතෙක් නිශ්චිත නිගමනයක් නැති නමුත් එය එක්සත් ජාතික පක්ෂය දිනනු ඇතැයි කියැවේ.
ඒකාධිපතිත්වයක් පෙරලා මහජන ආණ්ඩුවක් හදා ගැනීම පසෙක ලා ලෝකයේ පළමු වරට ‘තමන්ට කියා විපක්ෂයක් හදාගැනීමට සටන් කිරීම‘ නමැති විකාර රූපී ගොන් පාට් එක රඟපෑ අනුර දිසානායකගේ ජනතා විමුක්ති පෙරමුණ එකදු ආසනයක් හෝ ජය ගෙන නැති අතර ජේ.ආර් ජයවර්ධනගේ සමානුපාතික ඡන්ද ක්‍රමයට පින් සිදුවන්නට ආසන 11 ක් පමණ ලබාගෙන ඇතැයි නිල නොවන වාර්තා පවසයි. කෙසේ වෙතත් බහුතර බලය ඇති එජාපෙට වැඩි ආසන 13 ක් පමණ තිබෙන බැවින් ආසන 11 ක් තිබෙන ජවිපෙට රිමෝට් කොන්ට්‍රෝලය වීමටද නොහැකිය.
එජාපය ජයගෙන ඇති බදුල්ල මහනුවර නුවරඑළිය දිස්ත්‍රික්කයන්හි සියළු ආසනද එජාපය ජයගෙන ඇති අතර මාතර ගාල්ල දිසා දෙකෙහි මාතර සහ ගාල්ල ආසන දෙක පමණක් ජය ගෙන තිබේ. හම්බන්තොට කිසිදු ආසනයක් එජාපය ජයගෙන නැති අතර සජිත් ප්‍රේමදාස මහතාගේ ආසනයද පරාජය වී ඇතැයි ද නිල නොවන ආරංචි මාර්ග පවසයි.
ලංකාවේ දිස්ත්‍රික්ක 7 ක ජනතාව මුරුගකම, හොරකම, බොරුව, ජාතිවාදය, ආදී ගුණාංග සාටකධාරී නම් ඊට වැඩි මනාපයක් දක්වා තිබෙන බව ප්‍රතිඵල වලින් දැක්වෙන අතර ‘ෆීල්ඩ් මාර්ෂල් ගොන්පාට්‘ මෙන්ම ‘නානසාර ගොන්පාට්‘ දෙකම සමස්ථ ජනතාව විසින්ම එකහෙලා ප්‍රතික්ෂේප කර තිබේ.
මෙම වාර්තාව අවසන් කරද්දී ලැබුනු ප්‍රවෘත්තියකින් කියැවුනේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නව ආණ්ඩුවක් පිහිටුවීම සඳහා අග්‍රාමාත්‍ය වරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතාට ලබන 20 වෙනිදා දිව්රුම් දීමට ආරාධනා කර ඇති බවයි.
 

PMUB

Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    සජිත්ටත් ටොක්ක වැදිල හොදට හම්බන්තොට කලින් දෙකම තමයි
     

    msj79

    Active member
  • Jan 5, 2010
    197
    89
    28
    කොමෙ BBS එුවුන්.. ඡාතිවාදින්ට මෙහේ ඉඩ නෑතො ;););)