සල්ලි තියෙන්න ඕනෙම නෑ බං කෙල්ලො අල්ලන්න. සමහර කෙල්ලො ඉන්නව ඒ type එකේ. ඒත් වැඩිහරියක් කෙල්ලොන්ට සල්ලි එක no. 1 concern නෙමෙයි. මං දන්න ඕන තරං කොල්ලො ඉන්නව, job කරන්න කලින් හිටන් කෑලි අදිනව. එකම දේ confidence එක. මං දන්නව කියන්න ලේසියි කරනවට වඩා. ඒත් try කරපන්. කෙල්ලෙක් බෑ කිව්වොත් ඉතින් මොකෝ? උඹෙන් අතක් පයක් නැති වෙනවය. හිතා ගනින් ඒක හොඳ experience එකක් කියල. එකෙන් මානසිකව වැටෙන්න එපා. ලෝකෙ හැම කෙල්ලම අපිට කැමති වෙන්නෙ නෑ. ඒක ස්වභාවය. උඹට conversation එකක් අල්ලගෙන යන්න පුළුවන් නං, පොඩ් joke එකක් දෙකක් කියල කෙල්ලෙක්ව හිනා ගස්සන්න පුළුවන් නං ඕන තරං කෙල්ලො set කරගන්න පුළුවන්.
මටත් කෙල්ලෙක් එක්ක කතා කරද්දී පොඩ්ඩක් anxious ගතිය තියෙනවා (උඹ තරං නං දරුණුවට බයක් නං නෑ). ඉස්සර මීට වඩා තිබ්බ. දැන් ටික ටික අඩු වේගෙන යනවා. කෙල්ලොන්ට talk කරලම තමයි මචං ඕක අඩු කරගන්න පුළුවන් වෙන්නෙ. මං ලඟදි dispensary එකක හිටපු කෙල්ලට කෙලින්ම කිව්ව ඒකි මාර ලස්සනයි කියල. Number එකත් ඉල්ලුව. Number එක හම්බුනා, ඒත් message කරාට reply නෑ. අවුලක් නෑ. මං එක ගත්ත එක ගැන සතුටු වෙනවා. එකෙන් confidence එක boost උනා. ඔය වගේ කෙල්ලො කීප දෙනෙක්ට කතා කරල තියෙනවා. උඹත් පොඩියට පටන් ගනින්. ඔය fake profile හදාගෙන කාලෙ නාස්ති නොකර, උඹේම profile එකකින් chat කරපන්. කෙල්ලෙක්ගෙන් මුකුත් බලාපොරොත්තු වෙන්න එපා. ඒ කිව්වෙ උඹේ එකම අරමුණ ඒකිගෙන් කැමැත්ත අහන්න වගේ කියල හිතන් කතා කරන්න එපා. සාමාන්‍ය යාලුවෙක්ට වගේ කතා කරපන්. හැබැයි වැඩිය යාළුකම් දාන්නත් එපා. එතකොට තමයි friendzone වෙන්නෙ. එහෙන් මෙහෙන් flirt කරපන්. මේක එහෙම පැහැදිලි කරන්න ටිකක් අමාරුයි. කරලම තමයි උඹට වෙන්නෙ. ඔය YouTube එකේ ගොඩක් තියෙනව self-esteem, confidence, charisma වැඩි කරගැනීම සම්බන්ධව.
අනික උඹ supermodel කෙනෙක් වගේ ලස්සන වෙන්න ඕන නෑ. මොකෝ ඔය කෙල්ලො ඉන්න කොල්ලෝ ඔක්කොම හෙන ලස්සන එවුන්ද. කරන්න තියෙන්නෙ පොඩ්ඩක් decent විදිහට ඉන්න එක. කොන්ඩෙ කපල, රැව්ලක් තියෙනවනං ඒක trim කරල, ඇඟට fit වෙන ඇඳුමක් ඇඳල (රන්ජා වගේ නෙමෙයි හොඳේ), සෙරෙප්පු කෑලි නැතුව හොඳ සපත්තු දෙකක් දාල එලියට බැහැපන්.