ආසියාවේ ආශ්චර්යය

Puzhi

Well-known member
  • Jan 15, 2009
    2,413
    323
    83
    ~** මිණිපුර **~
    ආසියාවේ ආශ්චර්යය

    ලංකාව ආසි‍යාවේ ආශ්චර්යය කරන්නට ආණ්ඩුව සපථ කොට ඇත. විරුද්ධ පාක්ෂිකයින්ට නම් එය මේ ආණ්ඩුවට කිසිදා ජය ගත නොහැකි විහිලුවකි.
    අප කැමති මේ දෙස ධනාත්මකව බලන්නට ය. එහෙම බැලුවහම දැනටමත් ආණ්ඩුව මෙන්ම වෙනත් ආයතන ද ජනතාව ද මේ සම්බන්ධයෙන් පියවර රැසක් ගෙන තිබේ. ඒ අතින් බැලුවහම අමුතුවෙන් කරන්නට දෙයක් නැත. අප දැනටමත් ආසි‍යාවේ ආශ්චර්යය තමා ය.

    • ලෝකයේ හොදම හමුදාව අපේ ය. එය හොදම හමුදාවක් බවට පත් කළ හමුදාපති හිරේ ය.

    • විනීතම හමුදාව ඇත්තේ අපට ය. එහි හමුදාපතිගේ ලිංගික හැසිරීම් සතෙකුටත් වඩා පිළිකුල් සහගත ය. තුච්ඡ ය.

    • අපි මතට තිත තබා දැන් කාලයක් ගත වී තිබේ. මිනිස්සු මේ වනවිට තිතට මත් වී සිටිති.

    • සතියකට තුන හතරක් කුමන්ත්‍රණ ක්‍රියාත්මක වෙයි. ඒවා නිකම් හරියට සබන් පෙන වාගේ ය. නිකම් ම පුපුරා යයි. ඒත් ඊලග සතියේත් නැවත මතුවෙයි. ඒත් ඒවාට විරුද්ධව පෙළ නොගැසුනොත් රට ඉවර ය.

    • ඒ හමුදාව යුද්ධයට ගියේ එක් අතක තුවක්කුවකුත් අනෙත් අතේ මානව හිමිකම් ප්‍රකාශනයකුත් අතේ ඇතිව ය. එවැනි හමුදාවක අධිපතියා හමුදා නිලධාරීන්ගේ මානව හිමිකම් කෙසේ වෙතත් කරණවෑමියෙකුගේ කනක් වත් ඉතිරි කළ එකෙක් නොවී ය.

    • මිනිසුන් මත් වී සිටින්නේ මිනිසුන්ගේ නියෝජිතයින්ට පමණක් ලබා දී ඇති බාර් පර්මිට් නිසා ය. බාර් පර්මිට් නොදුන් අය දැන් එය කාරණාවක් කොට මනාපය ඉල්ලති. බාර් පර්මිට් දීමට තීන්දු කළ අය බාර් පර්මිට් නොදුන් නිසා එයම මනාපය දීමට කාරණාවකි. බාර් පර්මිට් දීම අවලංගු කරන්නේ නැති ව තූමුම නොදී සිටීමෙන් අනෙකාගේ නිදහසත් තමන්ගේ පාරිශුද්ධියත් දෙකම ආරක්ෂා වේ.

    • පොලීසිය සැක කරුවන් උසාවියකටවත් ඉදිරිපත් නොකොට තමන්ම නිදහස් කොට හරිති. එතකොට පොලීසිය කරන්නේ උසාවියේ කටයුත්ත ය. සමහරවිට පොලීසිය අහිංසකයින් කුදලාගෙන ගොස් උන්ට අඩම්තේට්ටම් කරති. කූඩු කරති. ඉඩකඩක් තිබේ නම් උන්ගේ දිවි ‍තොර කරති. එතකොට පොලීසිය කරන්නේ මැරයන්ගේ ජේලර්ලාගේ හා අලුගෝසුවන්ගේ වැඩ ය. එහෙත් පාතාලය උසාවිය හෝ බන්ධනාගාරය යයි නොකියා අපි උන්ට පොලීසිය යයි තවදුරටත් කියමු. ඒ පොලීසියට අයත් රාජකාරි හමුවේ උන් බකන් නිලාගෙන සිටිද්දී ය.

    • රටේ නීතියක් ඇති මුත් එය ක්‍රියාත්මක වෙන්නේ එහෙමත් වෙලාවක ය. ඇත්තටම නීති හදන්නට යන අය එසේ කිරීමට මත්තෙන් නීති කඩා තම සුදුසුකම් පෙන්වති. ඊට ඉඩකඩ සළසන ක්‍රියාවලියට අපි මැතිවරණය යයි කියමු.

    • රටේ ස්වාධීන නොවූ ස්වාධීන රූපවාහිනියන් ද ජාතික නොවූ ජාතික රූපවාහිනියන් ද තිබේ.

    • ජනාධිපති තුමා විටෙක (මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින්නන් සම්බන්ධයෙන් කටයුතු කළ යුත්තේ කෙසේදැයි ගමේ අම්මණ්ඩිලාගෙන් අසද්දී) උසාවිය හැටියට ද විටෙක (චිත්‍රපටි තහනම් කරද්දී) රැගුම් පාලක මණ්ඩලය හැටියට ද විටෙක (ජනමාධ්‍යවේදීන් අත්අඩංගුවට ගැනීමේදී) පොලීසිය හැටියට ද පෙනී සිටියි. ඒත් එතුමාට දිගටම ජනාධිපති යයි අපි කියමු.

    • එක් මැතිවරණයක් අවසන් වෙන්නේ ඊලග මැතිවරණයට දින වකවානු නියම කරමින් ය. මෙහෙම කිට්ටුවෙන් කිට්ටුවෙන් ඇති ප්‍රජාතන්ත්‍රවාදයක් ආසියාවේ තියා ලෝකයේ කොහේවත් නැත.

    • මිනිසුන් මැරණත් අත පය අඩු නැතිව මිනීපෙට්ටිය තුළ තැන්පත් කළ හැකි ගාණට ලැබෙන්නේ නම් ආණ්ඩුව ෂේප් ය. ගෙදරදී හෝ ඉස්පිරිතාලයකදී මැරණත් පාරේ දී මැරෙන්නේ නැත්නම් ඒත් ෂේප් ය. ඩෙංගුවලින් මැරුණාට ත්‍රස්තවාදීයෙක් අතින් නො‍මැරේ නම් ඒත් ෂේප් ය. කොටියෙකු අතින් නොමැරී මදුරුවෙකු අතින් මරණයට පත්වීම සහනයක් ලෙස සළකනු ලැබේ.

    • ඉරිදා පත්තරේ එන්නේ එක්කෝ සෙනසුරාදා ය. නැත්නම් සිකුරාදා ය. එහෙත් ඒවා ට දිගටම ඉරිදා පත්තර යයි කියමු.

    රටින් බැහැරව ගිය ජනමාධ්‍යවේදීන්ට සිය රටට ඒමට ආරාධනා කරන්නේ නීතිපති තුමා ය. එසේ පැමිණෙන අයට ආරක්ෂාව තහවුරු කරන බව මෙසේ බය නැතිව කියන්නට සමත් එකම නිලධාරීයා ඔහු ය.ලයිස්තුව දිග ය. කෙටියෙන් කියන්නට හැක්කේ ආසියාවේ ආශ්චර්යය බවට දැනටමත් ආණ්ඩුව හා අප විසින් ශ්‍රී ලංකාව පත් කර ඇති බව ය. ඇත්තට ම අප Land Like No Other වූයේ මීට බොහෝ කලකට පෙර ය. එවැනි තත්වයක් යටතේ ආසියාවේ ආශ්චර්ය වීම ඉදිරි පියවරක් වෙන්නේ මක්නිසා දැයි ඒ නිසා ම මට නොතේරේ. අපට නොතේරෙන දේ මිලියන 5.8කට තේරුම් යාම ද එක් අතකින් ආශ්චර්යයකි.

    ඉතා වැදගත් - මාගෙ ලිපියක් නොවන නිසා +රෙප් නොදෙන්න

    Last edited:
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    Land Like No Other නම් තමා... පට්ට ආටිකල් එක..,
    කරන්නෙම එපා කියන දේවල් හින්දා .. +රෙප් ඇඩඩ්
     
    Puzhi

    Well-known member
  • Jan 15, 2009
    2,413
    323
    83
    ~** මිණිපුර **~
    Land Like No Other නම් තමා... පට්ට ආටිකල් එක..,
    කරන්නෙම එපා කියන දේවල් හින්දා .. +රෙප් ඇඩඩ්

    අපේ රට තරම් රටක් තවත් නෑ තමා
    පේන්නෙ නැද්ද උඹ
    එපා කියන මගුලක්මයි කලොත්
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,694
    4,566
    113
    මෙවා දකිද්දි ඇඩෙනවා , අශ්චර්ය ඇත්ත ඔන්න ඔකයිලු
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,694
    4,566
    113
    ජනතා විමුක්ති පෙරමුණේ දිළිඳු මිනිසුන්ගේ ධනයෙන් හා මහන්සියෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වී ජනවරම පාවා දී වර දාන වෙනුවෙන් ආණ්ඩුවට එක් වී මෙවර මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරග කළ හිටපු ඇමති නන්දන ගුණතිලක හා ජාතික නිදහස් පෙරමුණේ මන්ත්‍රීවරු 14ක් මෙවර පරාජයට පත් වී තිබේ.

    ඔවුන් පරාජයට පත් වන්නේ 1994දී ඔවුන් පාර්ලිමේන්තුවට ගසාගෙන ආ රැල්ලටත් වැඩි රැල්ලක් සන්ධානයට තිබියදී වීම විශේෂයකි. අනූ හතරේ රැල්ලෙන් පාර්ලිමේන්තුවට පා වී ආ පොල් කෝම්බ වැඩි හරියක් ආපසු මුහුදට ම ගසාගෙන ගොස් ඇත.

    පීඩිත ජනයා අතරින් පාර්ලිමේන්තුවට පැමිණි විමල් වීරවංශ, විජිත හේරත්, සුනිල් හඳුන්නෙත්ති, අජිත් කුමාර හා වීරකුමාර දිසානායක යන මන්ත්‍රීන්ට පමණක් නැවත තේරී පත් වන්නට හැකියාව ලැබුණේ ඔවුන් කැන්ටිමෙන් කෑමට වඩා වැදගත් කාර්යයන්වල නියැලුණ නිසා යයි අපි විශ්වාස කරමු. ඔවුන්ට අපේ සුබපැතුම්!

    ජාතික නිදහස් පෙරමුණෙන් තේරී පත් වී තිබෙන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන් තරග කළ විමල් වීරවංශ හා අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් තරග කළ වීරකුමාර දිසානායක පමණි.

    මොනරාගල දිස්ත්‍රික්කයෙන් තරග කළ උදය පද්මශාන්ත ගුණසේකර මනාප ලැයිස්‍තුවේ නොතේරුන මන්ත්‍රීන් අතරින් ඉහළින් සිටියි
     
    මචං හඳුන්නෙත්තිත් දිනුම් නේද???
    තව අනුර කුමාරත් එයි
    ලාල්කාන්තයි බිමල් රත්නායකයි පැරදුනු එක අපරාදෙ බං
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,694
    4,566
    113
    මචං හඳුන්නෙත්තිත් දිනුම් නේද???
    තව අනුර කුමාරත් එයි
    ලාල්කාන්තයි බිමල් රත්නායකයි පැරදුනු එක අපරාදෙ බං

    ලාල්කාන්ත පාරද චන්ද එකසිය ගානකින් මචන්,:D