ආසියාවේ ප්‍රාඩෝ ආශ්චර්ය
මේ දිනවල දිවයිනේ ප්‍රදේශ රැසකට ඇද හැලෙන අධික වර්ෂාව නිසා විපතට පත් වූවන් ගණන එක් ලක්ෂ පනස් නව දහස් හයසිය හතලිස් අටක් (1,59,648) දක්වා ඉහළ ගොස් ඇත. විපතට පත් පවුල් ගණන හතලිස් එක් දහස් පන්සියයකට ආසන්නය.
ලක්ෂ එක හමාරකට වැඩි පිරිසක් විපතට පත්ව සිටියද ඔවුන්ට සහන සැලසීම සඳහා ආණ්ඩුව වෙන් කර තිබෙන්නේ රුපියල් මිලියන 57ක් පමණි. දළ වශයෙන් එක් අයකුට රුපියල් 350කට ආසන්න මුදලක් පමණි.
එහෙත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන පරිදිම නිවාස පන්දහසකට වැඩි ප්‍රමාණයකට හානි සිදුව තිබේ. අවතැන් කඳවුරු 59ක් පිහිටුවා ඇති අතර පවුල් 3032කට අයත් 10,811ක් දෙනා ඒවායේ රැඳී සිටිති.
www.lankatruth.com
ඇමති ධුර නොදරන රජයේ පසු පෙළ මන්ත්‍රීවරු 54 දෙනෙකුට අධි සුඛෝපබෝගී මට්ටමින් සැලකෙන ප්‍රාඩෝ මෝටර් රථ ලබා දී ඇත. ………..
ප්‍රාඩෝ වර්ගයේ අලුත්ම ඩීසල් වාහනයක් රුපියල් ලක්ෂ 420 ක පමණ මුදල් වටිනා කමින් යුක්ත වන අතර එම වර්ගයේ පෙට්‍රල් වාහනයක මිල රුපියල් ලක්ෂ 250 ක් පමණ වේ.
මන්ත්‍රී වරු 54 දෙනෙකුට ප්‍රාඩෝ පෙට්‍රල් වාහන ලබා දීම සඳහා වැය වන මුදල දල වශයෙන් රුපියල් ලක්ෂ 13500 කි. එනම් රුපියල් කෝටි 135 කි. ( රුපියල් මිලියන 1350 කි.)
ලංකාදීප 2010.12.05
සටහන - ආශ්චර්යක් කියලා කියන්නේ පුදුම සහගත දේවලටය. රටේ දරුවන්ගෙන් වැඩි දෙනෙකුන් මන්ද පෝෂණයෙන් පෙළෙද්දී , අත්‍යාවශ්‍ය ඖෂධ නැතිව රෝගීන් මිය යද්දී , මන්ත්‍රීන් සැනසීම සඳහා මහජන මුදලින් ප්‍රාඩෝ අරන් දීම ආශ්චර්යක් නොවේද? මේවා දැක දැක නිස්සද්දව සිටීම ඊට වඩා ආශ්චර්යක් නොවේද? අපි ආසියාවේ ආශ්චර්ය වෙන්නේ එහෙමය.
source.
http://gadflyzone.wordpress.com/2010/12/12/690/
වැස්සෙන් අනාත වූ 1,59,648 දෙනෙකුට රුපියල් මිලියන 57 යි. එක් අයෙකුට රුපියල් 350 යි.
මේ දිනවල දිවයිනේ ප්‍රදේශ රැසකට ඇද හැලෙන අධික වර්ෂාව නිසා විපතට පත් වූවන් ගණන එක් ලක්ෂ පනස් නව දහස් හයසිය හතලිස් අටක් (1,59,648) දක්වා ඉහළ ගොස් ඇත. විපතට පත් පවුල් ගණන හතලිස් එක් දහස් පන්සියයකට ආසන්නය.
ලක්ෂ එක හමාරකට වැඩි පිරිසක් විපතට පත්ව සිටියද ඔවුන්ට සහන සැලසීම සඳහා ආණ්ඩුව වෙන් කර තිබෙන්නේ රුපියල් මිලියන 57ක් පමණි. දළ වශයෙන් එක් අයකුට රුපියල් 350කට ආසන්න මුදලක් පමණි.
එහෙත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන පරිදිම නිවාස පන්දහසකට වැඩි ප්‍රමාණයකට හානි සිදුව තිබේ. අවතැන් කඳවුරු 59ක් පිහිටුවා ඇති අතර පවුල් 3032කට අයත් 10,811ක් දෙනා ඒවායේ රැඳී සිටිති.
www.lankatruth.com
මන්ත්‍රීන්ට ප්‍රාඩෝ සඳහා මිලියන 1350