ආසියාවේ ප්‍රාඩෝ ආශ්චර්ය

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ආසියාවේ ප්‍රාඩෝ ආශ්චර්ය

    වැස්සෙන් අනාත වූ 1,59,648 දෙනෙකුට රුපියල් මිලියන 57 යි. එක් අයෙකුට රුපියල් 350 යි.



    මේ දිනවල දිවයිනේ ප‍්‍රදේශ රැසකට ඇද හැලෙන අධික වර්ෂාව නිසා විපතට පත් වූවන් ගණන එක් ලක්ෂ පනස් නව දහස් හයසිය හතලිස් අටක් (1,59,648) දක්වා ඉහළ ගොස් ඇත. විපතට පත් පවුල් ගණන හතලිස් එක් දහස් පන්සියයකට ආසන්නය.

    ලක්ෂ එක හමාරකට වැඩි පිරිසක් විපතට පත්ව සිටියද ඔවුන්ට සහන සැලසීම සඳහා ආණ්ඩුව වෙන් කර තිබෙන්නේ රුපියල් මිලියන 57ක් පමණි. දළ වශයෙන් එක් අයකුට රුපියල් 350කට ආසන්න මුදලක් පමණි.

    එහෙත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන පරිදිම නිවාස පන්දහසකට වැඩි ප‍්‍රමාණයකට හානි සිදුව තිබේ. අවතැන් කඳවුරු 59ක් පිහිටුවා ඇති අතර පවුල් 3032කට අයත් 10,811ක් දෙනා ඒවායේ රැඳී සිටිති.


    www.lankatruth.com




    මන්ත්‍රීන්ට ප්‍රාඩෝ සඳහා මිලියන 1350
    prado.jpg

    ඇමති ධුර නොදරන රජයේ පසු පෙළ මන්ත්‍රීවරු 54 දෙනෙකුට අධි සුඛෝපබෝගී මට්ටමින් සැලකෙන ප්‍රාඩෝ මෝටර් රථ ලබා දී ඇත. ………..

    ප්‍රාඩෝ වර්ගයේ අලුත්ම ඩීසල් වාහනයක් රුපියල් ලක්ෂ 420 ක පමණ මුදල් වටිනා කමින් යුක්ත වන අතර එම වර්ගයේ පෙට්‍රල් වාහනයක මිල රුපියල් ලක්ෂ 250 ක් පමණ වේ.


    මන්ත්‍රී වරු 54 දෙනෙකුට ප්‍රාඩෝ පෙට්‍රල් වාහන ලබා දීම සඳහා වැය වන මුදල දල වශයෙන් රුපියල් ලක්ෂ 13500 කි. එනම් රුපියල් කෝටි 135 කි. ( රුපියල් මිලියන 1350 කි.)

    ලංකාදීප 2010.12.05


    සටහන - ආශ්චර්යක් කියලා කියන්නේ පුදුම සහගත දේවලටය. රටේ දරුවන්ගෙන් වැඩි දෙනෙකුන් මන්ද පෝෂණයෙන් පෙළෙද්දී , අත්‍යාවශ්‍ය ඖෂධ නැතිව රෝගීන් මිය යද්දී , මන්ත්‍රීන් සැනසීම සඳහා මහජන මුදලින් ප්‍රාඩෝ අරන් දීම ආශ්චර්යක් නොවේද? මේවා දැක දැක නිස්සද්දව සිටීම ඊට වඩා ආශ්චර්යක් නොවේද? අපි ආසියාවේ ආශ්චර්ය වෙන්නේ එහෙමය.




    source.
    http://gadflyzone.wordpress.com/2010/12/12/690/
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    බලපල්ලකො එක පෙලට තිබ්බම ලස්සනේ බැරුවා....
    පට්ට ගති නෙහ්? මුළු ආසියාවටම මර ලුක් එක බන්...
    ආසාවේ බෑ...



    prado.jpg
    ?
    prado.jpg
    prado.jpg
    prado.jpg
    prado.jpg
    prado.jpg
    prado.jpg
    prado.jpg
    prado.jpg
    prado.jpg
    prado.jpg
    prado.jpg
    prado.jpg
    prado.jpg
    prado.jpg
    prado.jpg
    prado.jpg
    prado.jpg
    prado.jpg
    prado.jpg
    prado.jpg
    prado.jpg
    prado.jpg
    prado.jpg
    prado.jpg
    prado.jpg
    prado.jpg
    prado.jpg
    prado.jpg
    prado.jpg

    බලපල්ලකො එක පෙලට තිබ්බම ලස්සනේ බැරුවා....
    පට්ට ගති නෙහ්? මුළු ආසියාවටම මර ලුක් එක බන්...
    ආසාවේ බෑ...
     
    Last edited:

    rcharindu

    Active member
  • Jan 8, 2008
    824
    93
    28
    රජයෙ බහුතරෙ පවත්වගෙන යන්න දෙෂපාලුවන්ට සැප දෙන එක නම් කොහොමවත් අනුමත කරන්න බෑ.:no:
    මේ අතිසුපගබොගී වාහන ගන්න සල්ලි යුද්දෙන් නැති උන රනවිරු පවුල් වල සුබ සාදනයට වෙන් කලා නම් කොයිතරම් වටිනවද. මන් දැක්කා සති අන්ත පත්තරේක දාලා තියෙනවා හමුදාවට තමාගේ පුත්තු 5 දෙනෙක් දීපු අම්මා කෙනෙක් ගැන.,එත් ඒ අම්මාට දැන් ඉන්න හිටින්නවත් තැනක් නෑ.:(:(
    අපිත් ජන්දේ දුන්නෙ රට හදයි කියන විෂ්වාසයෙන්.,එත් දැන් මෙවෙන දේවල් දකිද්දි හරිම පසුතැවිල්ලක් දැනෙන්නේ..මේ වාහන ගන්න එවුන්ට හොදක් නම් වෙන්න එපා..:growl::growl:
    .
     

    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    මේ රටේ මාධ්‍ය නිදහසට නින්දිත ලෙස පහර දෙන, විපක්ෂ දේශපාලනයට සුනඛයන් ලෙස පහර දෙන, සත්‍යය කතා කරන අයට තර්ජන සහ නින්දිත ලෙස නීතියට පිටින් පහර දෙන මැර බල්ලන් මේ රටේ උසස්ම පු‍ටුවල වාඩී වී සිටින, දූෂිතයන්ගෙන් , මැරයන්ගෙන්, සුනඛ බල්ලන්ගෙන් පිරී ඉතිරී ගිය පාර්ලිමේන්තුවක, මේ රටේ ජනතාව දුක් විඳින එක බල්ලට දාලා මේ වගේ සල්ලි කාබාසිනියා කරලා ප්‍රාඩෝ වාහන ගන්න එක පුදුමයක් නෙවෙයි. මේ බලු හැතිකරේ මේ ප්‍රාඩෝ පර්මිට් කෝටි ගනන් වලට විකුනලා සල්ලි උන්ගේ සාක්කුවෙ දාගන්නවා. මේ කුණු තුප්පැහි දේශපාලනයට තව දුරටත් නිවටයන් සේ කට වහගෙන අපි ඉඩ දිය යුතුද?
    එහෙම නැත්නම් මේ රටේ උසස්ම ප්‍රජාතන්ත්‍රවාදය, මානව අයිතිවාසිකම්, නිදහස සහ දූෂනයෙන් තොර රටක් වෙනුවෙන් නිර්පාක්ෂිකව හඬක් නගමුද?