ආසියාවේ_අයිස්චර්ය_හා_අපි!!!
ලෝකේ තියෙන උතුම්ම රටේ ඉන්න අපි පට්ට සැපෙන් ඉන්න කට්ටියක්. කොච්චර සැපෙන්ද කියනවා නම් ඇඳට වෙලා හිටියම ඔක්කොම ජාති අතට ඉබේටම හම්බෙනවා. හරියකට කන්න නෑ. අඳින්න ඇඳිමක් ගන්න අතේ සතේ නෑ. ඒ වුනාට මේක තමා ආසියාවේ සෞභාග්‍යයමත්ම රට. මොකද සංවර්ධනය සෑහෙන්න ඉහළ මට්ටමක තියෙනවානේ. නෙළුම් පොකුණ හදිස්සියෙම හදලා දැන් ඒකෙන් මාර බිස්නස්ලු. හම්බන්තොට වරායේ නැව් පිරිලා තවත් ඒවාට ගහන්න ඉඩ නැති නිසා හරවලා යවනවාලු. සූරිය වැව ක්‍රිකට් ග්‍රවුන්ඩ් එකේ හැමදාම ක්‍රිකට් මැච් ගහනවා පිටරටවල් වල එවුන්. රුපියල් 5000ට 7500ට ටිකට් ගන්න සුද්දෝ මාර පොරයක්ලු. උන් එතන රෑ ඉඳලම ටෙන්ට් ගහගෙන ටිකට් විකුණන එක පටන් ගන්නකන්. තව අඩු නෙළුම් කුලුණක් විතරයි. ඒක හදපුවම අපිට ඒකෙන් තමා කෑම හම්බෙන්නේ.ඇඳුම් හම්බෙන්නේ. අමාත්‍යයංශ වල කොච්චර අරපිරිමැස්මද කියනවා නම් ඒකේ කොල කෑල්ල පවා කට්ටියන්ගේ සාක්කු වලින් ගෙදර යනවා. එක්කෙනාට ආරක්ශකයෝ 8 ගාණේ ඉන්නවා මොකද බැරි වෙලා හරි එයාලව මරලා එයාලගේ මොළේ ගෙනිහින් පරික්ෂා කරලා මොකක් හරි සුපිරි දෙයක් හොයා ගත්තොත් කියලා
එක පාරක් අපිට උගන්නපු සර් කෙනෙක් කියපු කතාවක් මතක් වෙනවා. කොටි උඩින් ඇවිත් බෝම්බ දාපු කාලේ වැරදිලා හරි පාර්ලිමේන්තුවේ සභාවාරයකදි ඒකට වත් වැටුනා නම් කොච්චර හොඳද කියලා. මේ වෙද්දී ලංකාවේ නැතිවෙලා තියෙන දේවල් වලින් 80% විතර තාමත් එහෙනම් තියෙනවා. මතක හැටියට කිරිපිටි ඉස්සෙල්ලම රුපියල් 100කින් වැඩි කරනනුරාධපුරේ Air Base එකට කොටි ගහපු එකේ පාඩුව පිරිමහගන්න කියලා ඒ දවස් වල කිව්වේ. දැන් ඒ රුපියල් 100 ගාණේ එකතු වෙලා තියෙන සල්ලි ගාන ගත්තොත් Air Base 10ක් විතර හදලා තියෙන්න ඕනේ. යුද්දෙත් ඉවර එකේ තාමත් ඒ රුපියල් 100 ඒ විදියටම ගන්නේ ඒක නොගත්තොත් ආස්චර්යෙට පොඩ්ඩක් අප්සට් වගේ නිසා වෙන්න ඇති.යුද්ධෙට වියදම් වුන සල්ලි ඔක්කොම ඉතුරු වුන නිසා දැන් බැංකු වල සල්ලි දාන්න ඉඩ නැහැ, ඒ නිසා ඒවා දැන් පිටරට බැංකුවල දාලා ඒවගෙත් ඉඩ නැති තත්වයක් තියෙන්නේ.
සාමාන්‍යයයෙන් දියුණු යැයි සම්මත රටවල් වල අමාත්‍යයංශක ලොක්කා වෙන්නේ ඒ ඒ විෂයෙහි කෙල පැමිණුන කෙනෙක්. ඒ කියන්නේ ඒ විෂය පිළිබඳ අඩු ගාණේ MSc. නැත්තම් Phd එක තියෙන කෙනෙක්. නමුත් අපේ රටේත් එහෙම කට්ටිය දැම්මොත් ආස්චර්යෙට හොඳ නැති නිසා වෙන්න ඇති Phd එකටත් වඩා ලොකු ලොකු ඒවා තියෙන අය දාන්නේ. ඒවා කොච්චර ලොකුද කියනවා නම් ආර්ථික විද්‍යාව පිළිබඳ කෙල පැමිණුන ඇමතිලා ඉන්නවා සැප සේ රුපියල් 2500න් මාසයක්ම ජීවත් වෙන. කොච්චර ආස්චර්යක්ද කියනවා නම් ප්‍රාඩෝ එකේ BMW එකේ ගිහින් 5 Star හොටෙල් වලින් කාලා පොඩ්ඩක් රට tour එකක් දාලා, රුපියල් 5000ට මැච් එක බලන්න දවසට ටිකට් එකක් අරන් එන්න යන්නේ රුපියල් 2500කටත් වඩා අඩු ගාණක්නේ.
ඒ ඔක්කොටම වඩා හොඳ Media unit එකක් රටේ ආශ්චර්ය පෙන්නන්න බලන් ඉන්නවා. එයාල ඒක කොච්චර හොඳට පෙන්නනවද කියන්නේ රටේ සංවර්ධනය ගැන දාන්න ගියොත් පැය 24ත් මදි වෙනවා ප්‍රවෘත්ති වලට. ඕනම ප්‍රශ්නයක් යට ගහන්න අපේ ආස්චර්යමත් Media එකට පුළුවන්. රටේ ඇත්ත තත්වේ කොච්චර හොඳට පෙන්නනවාද කියන්නේ අඩු ගාණේ ලෙඩක් දුකක් හැදුන මනුස්සයෙක් බේතකටවත් හොයා ගන්න නෑ. බෙහෙත් ගැණ කතා කරොත් ඉතින් ආසියාවේ ඉස්තරම්ම බෙහෙත් තියෙන්නේ මේ රටේ. ඒවා දුන්න ගමන් කෙලින් ඉන්න එකත් මැරෙනවා. ඒ තරම් ඉස්තරම් වර්ගේ ඒවා. මලමිනියකට එන්නතක් ගැහුවත් පහුවදා ගෙදර එනවා මොකුත් නොවුන ගාණට.
වාහන ගැන ගත්තොත් අති ඉස්තරම්ම ජාතියේ වාහන තියෙන්නේ ලංකාවේ. මිල පටන් ගන්නේ රුපියල් 2500න්. ඒ කියන්නේ මාසයක් කන් නැතුව හිටියොත් ඕන කෙනෙක්ට වාහනයක් ගන්න පුලුවන්. ඒ තරම් ලාබයි වාහන. කොච්චර සල්ලි කාරයෝ ඉන්නවද කිව්වොත් වාහනයක අඩුම මිල රුපියල් කෝටි 10ක් වුනත් ලංකාවට වාහන ගේන එක නවතින් නෑ. ඒ තරම් සෞභාග්‍යයයි රට. හදිස්සියේ හරි උද්ගෝශණයක් කරොත් ඒ අයව මල්මාල දාල තමා පිලිගන්නේ. පොලිසියට බැටන් පොල්ල, තුවක්කුව තහනම්ලු උද්ගෝශණ ස්ථානෙට ගෙනියන්න. ගෙනිහින් අහුවුනොත් උසස්වීමක් හරි තානාපති කමක් දීලා හරි රටින් නෙරපනවා. ඒ තරම් යුක්ති ගරුක රටක් මේක.
මේක කියවලා බලපු/නොබලපු කට්ටිය රටේ ආස්චර්යය අත්විඳිනවා ඇති කියලා හිතනවා. ඔයාලටත් මේ ආස්චර්යය ගැන හිතෙන දේ කියන්න.
LockHeart විසිනි
බලලා නිකම් යන් නැතුව බම්ප් එකක්වත් දාන් යන්න
Blog වලට හොරෙන් දැමීම සපුරා තහනම් © LockHeart
මගේ අනිත් Thread බැලීමට මෙතන කොටන්න.
මෙතන කොටන්න

Last edited: