ආසිරි වනිගරත්නගේ ගණ දෙවි ජාවාරම

sandaru d

Well-known member
  • Nov 5, 2011
    4,862
    2,174
    113
    Galle
    ආසිරි වනිගරත්නගේ ගණ දෙවි ජාවාරම

    q984j5H.png


    ජීවිතයේ විවිධා කාර දුක්පීඩා හා ගැටලු තේරුම් ගැනීමටත්, ඒවාට එලැඹ සිටි සිහියෙන් යුක්තව මුහුණ දීමටත් දැනුම් තේරුම්කමක් හා ආත්ම ශක්තියක් නැති මිනිස්සු ලෝකයේ කවදත් ජීවත්වෙති. මේ මිනිසුන්ට තමන් මුහුණ දෙන ජීවිත ගැටලුවලින් මිදීමට කිසිවකුගේ උදව්වක් සහායක් අවශ්‍ය වෙයි. එහෙත් එවැනි පිරිස් මනෝ විද්‍යානුකූලව ඔසොවා තබන්නට සුදුසු සංවිධිත ආයතන ක්‍රමයක් ලංකාවේ ඇත්තේ නැත. විවිධ පෞද්ගලික උත්සාහයන් මත පවත්වාගෙන යන සමහර ආයතන ලංකාවේ තිබුණත්, මේ මිනිසුන් ඒවාට යන්නට තරම් හිත හදාගන්නේද නැත. අවසානයේ සිදුවන්නේ මේ මිනිසුන් විවිධාකාර කට්ටඩියන්ගේ, පේන කියන්නන්ගේ හා විජ්ජාකාරයන්ගේ දැල්වලට හසුවී ඔවුන්ට ධනය උපයා දෙන මස්ටකයන් රැසක් බවට පත්වීමය. මේ ආකාරයෙන් දුකට පත් මිනිසුන් ගසාකන ජාවාරම්, ලෝකයේ අනෙක් රටවල මෙන්ම කාලෙන් කාලේට ලංකාවේද ඇතිවී පැතිරී වැඩුණේය. යේසුස් ජීවමානයි වැනි ලේබල් අලවාගත් ජාවාරම්කරුවන් මෙන්ම වැව්වලට ඊනියා පිරිත් පැන් ඉස මහජනතාව මුලාවේ දැමූ දොළුකන්දේ භික්‍ෂුව වැනි ජාවාරම්කරුවෝද ඒ සඳහා ඇති මෑතකාලීන උදාහරණ වෙයි.


    කෝටිපති වනිගරත්න
    ආසිරි වනිගරත්න යනුද මෙවැනි අසරණ මිනිසුන්ගේ දුක්කම්කටොලු මකන්නට විවිධාකාර විජ්ජා මවා පා සිය ජීවනෝපාය සරිකරගන්නෙකි. විටෙක ඔහු ෆෙන්ෂුයි නම් ලෝක පරිමාණ සරුවපිත්තල බඩු ජාවාරමේ වෙළෙඳ නියෝජිතයෙකි. තවත් වරෙක ෆෙන්සුයි සමඟ මෙලෝ සම්බන්ධයක් නැති ගණ දෙවියා, විෂ්ණු දෙවියා, ස්කන්ධ කුමාර සහ සරස්වතී විකුණාගෙන කන පූසාරියෙකි. තවත් වරෙක විභාගයට ලියන්නට ආත්ම ශක්තියක් නැති දරුවන්ට මැජික් පෑන් සපයා ඔවුන් මිථ්‍යාවේ අන්ධකාරයට ඇදගෙන යන තුට්ටුදෙකේ මැජික්කාරයෙකි.
    ආසිරි වනිගරත්න තම ෆේස්බුක් පිටුවේ කියන විදියට, ඔහු ගණ දෙවියා පොළවට වැඩැම්මවීමේ වැඩමුළු 36ක් ලංකාවේ නගර 20ක 2013 වසරේදී පවත්වා තිබේ. ඒ වැඩමුළුවලට මිනිසුන් 20,000කට ආසන්න පිරිසක් සහභාගිවී තිබේ. මේ එක වැඩමුළුවකට ඇතුළත්වීමේ ප්‍රවේශ පත්‍රය රුපියල් 350 සිට 500 දක්වා වෙයි. රුපියල් 350 ගණනේ බැලුවත්, මේ වැඩමුළුවලින් 2013 දී ඔහු උපයාගෙන තිබෙන මුදල රුපියල් ලක්‍ෂ 70කි. 500 ගණනේ බැලුවොත් රුපියල් ලක්‍ෂ 100කි. ඒ වැඩමුළු සඳහා ප්‍රවේශ පත්‍ර ආදායම පමණකි.
    2014 වසරේ මැයි 18 සිට සැප්තැම්බර් 7 දක්වා කාලය තුළ පමණක් වැඩමුළු 51ක් පවත්වා තිබේ. ඒවාට සහභාගිවූ බවට ඔහුම කියන සංඛ්‍යාව 26,000කට වැඩිය. රුපියල් 350 ගණනේ 26,000කගෙන් උපයාගත හැකි මුදල රුපියල් ලක්‍ෂ 91කි. රුපියල් 500 ගණනේ නම්, රුපියල් එක්කෝටි තිස් ලක්‍ෂයකි. මේ වැඩමුළුවලදී ඔහුගේ විජ්ජාවන්ට සහභාගිවීමට නම් ඔහු විකුණන පොත් කට්ටලයක්ද මිලදී ගත යුතුය. එක් පොත් කට්ටලයක අඩුම මිල රුපියල් 390කි. 2013දී 20,000ක් පොත් කට්ටල මිලදී ගත්තා නම්, ආසිරි වනිගරත්නගේ පොත් ආදායම පමණක් රුපියල් ලක්‍ෂ 78කි. 2014දී එය 10,140,000 (එක්කෝටි එක්ලක්‍ෂ හතළිස්දාහ)කි. මේ ගණන් හිලව් කියන්නේ මිනිසකු මහන්සියෙන් ලත් දියුණුව ගැන ඉරිසියා ඇතිකරගන්නට නොවේ. අනේකවිධ දුක්ඛඃප්‍රාප්ත මිනිසුන්ට මැජික් පෙන්වා ජාවාරම්කාරයන් හරිහම්බ කරන අතිවිශාල මුදල් සම්භාරය ගැන උදාහරණයක් කියන්නටය.
    ඊට අමතරව, විවිධ නගරවල පිහිටුවා ඇති ආසිරි වනිගරත්නගේ ෆෙන්ෂුයි මධ්‍යස්ථානවලින් හිනාවෙන බුද්ධා, රත්තරන් ගෙම්බා, වාසනා කාසි තුන ඇතුළු ෆෙන්ෂුයි බඩුභාණ්ඩ හා වෙනත් විකාර පොත්පත්ද අලෙවි කරනු ලැබේ. චීනයේ මනිබඩු කඩවලින් තුට්ටුවට දෙකට ලංකාවට පටවන මේ ෆෙන්ෂුයි බඩු විකිණීමෙන් ආසිරි වනිගරත්න ලබන ආදායම ඉහත සියල්ලට අමතරවය. ඔහු දෙන ෆෙන්ෂුයි උපදෙස් පල දැරීමට නම් ෆෙන්ෂුයි බඩු ඔහුගේ ෆෙන්ෂුයි කඩයෙන්ම ගත යුතුයැයි නියමයක්ද පනවා තිබේ.


    මැජික්කාර වනිගරත්න
    මේ මුදල් කන්දරාව සෙවීම සඳහා මේ වැඩමුළුවලදී ආසිරි වනිගරත්න පෙන්වන බාල මැජික් සමූහයකි. ඉන් එකක් නම් ගණ දෙවියා ගෙන්වීමයි.
    ගණ දෙවියා ගෙන්වන අවස්ථාවට මිනිසුන් ඇදගැනීම සඳහා පුවත්පත්වල පළකරන දැන්වීම් අංක එකේ මිථ්‍යාවලින් පිරී තිබේ. රට මිථ්‍යාවේ අඳුරට ඇදගෙන යනු කැමති මිථ්‍යා දෘෂ්ටිකයන් සහිත දිවයින ඉරිදා පුවත්පත මේ වංචනික දැන්වීම් යහමින් පළකරයි. ඒ එක් දැන්වීමක සඳහන් වන විදියට, ගණ දෙවියා අදහන්නට පටන් අරගෙන ඉක්මන් ප්‍රතිඵල ලබාගත් 11 දෙනකුගේ රහස් වනිගරත්න මේ වැඩමුළුවේදී හෙළිකරන්නේය. ඉන් එක්කෙනකුට සතියකින් රුපියල් ලක්‍ෂ 10ක් ලැබී තිබේ. වයස අවුරුදු 65ක කෙනකුට නිරෝගී බව ලැබී තිබේ. එවැනි අයගේ ‘රහස්’ ඇතුළු පොතක් වනිගරත්න වැඩමුළුවේදී විකුණයි. එසේම අමෙරිකානු ජාතික ගැහැනියක ගණ දෙවියා ඇසින්ම දැක ඔහුගේ ගතිගුණ ගැන දැනගත් දේද වනිගරත්න සිය වැඩමුළුවේදී කියා දෙයි. ඊළඟ විහිළුව නම්, ගණ දෙවියා වැඩියත්ම සතුටු කරන්නට පුළුවන් ක්‍රමයද ඔහු කියා දීමයි. කියන විදියට ආසිරි වනිගරත්න එය දැනගෙන ඇත්තේ ගණ දෙවියාගෙන් කෙළින්ම අහලා ය. ගණ දෙවියා සමඟ කෙළින්ම කතාකිරීමට ඔහුට බ්‍රෝකර්කම කර ඇත්තේ විදේශික ‘ගුප්තවේදිනියකි’. ඉතින් ආසිරි කෙළින්ම අසා දැනගත් පරිදි, ගණ දෙවියා ඉතාම සතුටු වන දේ නම් කුමක්ද? ටොෆි, පොල් ටොපි, ලඞ්ඩු, මෝදක සහ පායාසම් කෑමය. මේ වැඩමුළුවලදී වනිගරත්න පොඩි ළමයින් යොදවා ගණ දෙවියාගේ රූපයට පොල්ටොපි, ටොෆි සහ අනෙකුත් රසකැවිලි පූජා කරවයි. අනේ පව්, පොල්ටොපි කා චිත්ත ප්‍රීතියට පත්වන ගණ බබාෟ ගණ දෙවියාගේ රූපය පොල්ටොපි අතින් අරන් කන්නේ නැති නිසා, වැඩමුළුවට පැමිණෙන ලොකු කුඩා ළමයින්ට දේව පොල්ටොපි කා ආශීර්වාද ලැබීමේ අගනා වරමක්ද හිමිවෙයි. ඉතින් පොල්ටොපි කා අමන්දානන්දයට පත්වන ගණ දෙවියා රුපියල් 500ක ප්‍රවේශ පත්‍රයක් ගෙන එහි පැමිණි අන්ධ භක්තිකයන් පිරිස හිතන පතන දේ ඉටුකර දෙන බව ආසිරි වනිගරත්න කියයි.


    ගණ දෙවියාගේ බොරුව
    මේ වැඩමුළුවේදී කෙරෙන අංක එකේ ප්‍රෝඩාව නම් ගණ දෙවියා ශාලාවට වඩින බවට මවාපෑමයි. වනිගරත්න කියන විදියට වැඩමුළුවට පැමිණෙන විට, ඩිජිටල් කැමරාවක් හෝ හොඳ කැමරා ෆෝන් එකක් අරගෙන ආ යුතුය. මොකටද කියනවා නම්, ශාලාවට වඩින දෙවිවරුන්ගේ ෆොටෝ ගන්නටය. ‘වැඩමුළු ශාලාවට දෙවියෝ රැසක් වඩිනවා. ඔබ එතකොට ෆොටෝ ගන්න. නිර්මාංශව එන්න. මොකද දෙවියෝ රැසක් වඩින නිසා.’ ආසිරි වනිගරත්න තම අනුගාමිකයන්ට කියයි. මේ ප්‍රෝඩාව අනුව, වඩින දෙවියන් පියවි ඇහැට පෙනෙන්නේ නැත. බලාගත හැක්කේ ඩිජිටල් කැමරාවෙන් ගත් ඡායාරූපවලිනි.
    ඩිජිටල් කැමරාවලින් ගත් ඡායාරූප කිහිපයක්, දෙවියන් යැයි කියන ලප කිහිපයක් සහිතව වනිගරත්නගේ ෆේස්බුක් පිටුවේද, දිවයින පත්‍රයේ ඔහුගේ වෙළෙඳ දැන්වීමේද දමා තිබේ. ‘2013 වැඩමුළුවලට ආ අය ගත් ඡායාරූප මෙන්න. දිව්‍යමය සලකුණු සහිත මෙවැනි ඡායාරූප සිය ගණනක් තියෙනවා. අපි වසර 3000ක් පැරණි රහසිගත මන්ත්‍ර ස්තෝත්‍ර කියලා ගණ දෙවියන්ට වේදිකාවට ආරාධනා කරනවා.’


    ඇත්ත කුමක්ද?
    එහෙත් ඡායාරූප ශිල්පය පිළිබඳව ප්‍රාථමික මට්ටමේ හෝ දැනුමක් තිබෙන ඕනෑම කෙනකු මේ දිව්‍යමය සලකුණු හෙවත් ‘දේව ලප’වල රහස දනිති. කුඩා (කම්පැක්ට්) ඩිජිටල් කැමරා, කැමරා ෆෝන් ආදියේ ඡායාරූපය ගැනීමට භාවිත කරන විදුලි එළිය (ෆ්ලෑෂර්) සවිකොට ඇත්තේ කැමරා ලෙන්සය අසලින්මය. මේ ෆ්ලෑෂරයේ ආලෝකය වැදී, කුඩා කැමරාවේ ඉසියුම් නොවන ලෙන්සය අසලින් ඉදිරියේ වාතයේ තිබෙන ලොකු පොඩි දූවිලි අංශු හා ජලවාෂ්ප වෘත්තාකාරව දිළිසෙන්නට පටන්ගෙන ඒවා ඡායාරූපයේ සටහන් වෙයි. එය ඉතාමත් ස්වාභාවික සංසිද්ධියකි. සාමාන්‍ය ඇසින් එවැනි දේ දකින්නට නොලැබෙයි. වෘත්තීය ඡායාරූප ශීල්පීන් භාවිත කරන ඩීඑස්එල්ආර් වර්ගයේ කැමරාවලද මෙවැනි දේ සිදුවන්නේ නැත.
    ආසිරි වනිගරත්න මේ විiාත්මක සංසිද්ධිය වුවමනාවෙන්ම කණපිට හරවා විස්තර කරන්නේ, ගණ දෙවියා සහ තවත් දෙවිවරුන් බිමට වඩින අසිරිමත් අවස්ථාවක් හැටියටය. ඒ බොරුව ඇත්තක් කරන්නට සහාය කරගන්නා ඉල ඇදෙන විහිළුව නම්, අවුරුදු 3000ක් පැරණි රහසිගත ස්තෝත්‍රයක් තමා කියන නිසා මෙලෙස ගණ දෙවියා වේදිකාවට පැමිණෙන බව කීමයි. දූවිල අංශුවලට, ජල වාෂ්පවලට මොන ස්තෝත්‍රද? ශාලාවේ වාතය පිරිසිදු නම්, ජල වාෂ්ප නැති නම් අවුරුදු 30,000ක් පරණ ස්තෝත්‍ර කිව්වත් වඩින ගණ දෙවියකු නම් නැති වනු ඇත.
    මේ විජ්ජාවම වෙනත් අවස්ථාවලදී, ‘රුවන්වැලි සෑයට දෙවියන් වඩින අන්දම. කිරිවෙහෙරට දෙවියන් වඩින අන්දම, සෝමාවතියට දෙවියන් වඩින අන්දම’ වැනි ආකාරයට අන්ධ භක්තිකයන් විසින් පතුරුවනු ලබන සුලබ මිථ්‍යාවක් බව පාඨකයන් දන්නවා ඇත. ලෝකයේ වෙනත් රටවලද අන්ධ භක්තිකයන් මේ ආකාරයෙන්ම තර්ක කළ විට එය බොරුවක් බවට ඔප්පුකරන ලද්දේ අවුරුදු හත අටකට එපිටදීය. ඩිජිටල් යුගයේ ජීවත්වන ආසිරි වනිගරත්න මේ ගැන නොදන්නවා වන්නට නුපුළුවන. එහෙත් මිනිසුන් ගසාකෑම සඳහා ඔහු සිතාමතාම බොරුව වපුරයි. ඒ නිසා වනිගරත්න මේ වැඩමුළුවලදී කරන්නේ වංචාවකි. ඔහු එදිනෙදා ජීවත්වෙන්නේ ඒ වංචාවෙන් උපයාගන්නා මුදලිනි.


    මැජික් පෑන
    වනිගරත්නගේ තවත් ජාවාරමක්, විභාගවලට ලියන්නට ආත්ම විශ්වාසයක් නැතිව වික්‍ෂිප්තව සිටිනා තරුණ දරුවන් ඉලක්ක කර ගත්තකි. ඔහු මේ දරුවන්ට විභාගය සමත්වන මැජික් එකක් කියා දෙයි. ඒ නම් මැජික් යන්තරයක් සහිත පෑනකි. වනිගරත්නගේ ෆෙන්සුයි කඩයකින් ඊට අදාළ මන්තර කොළ හා ස්ටිකර් කොළ සහිත පැකට්ටුවක් මිලදී ගත යුතුය. මිල රුපියල් 100කි. ඒ මන්තර කොළ, ස්ටිකර් කොළ සහිත පැකට්ටුව හා පෑනක් වැඩමුළුව පැවැත්වෙන ශාලාවේ ගණ දෙවි ආසනය මත තැබිය යුතුය. තබා වනිගරත්න කියා දෙන මන්තර දෙකක් හත්පාරක් කිව යුතුය. ඊට පසු එක් මන්තර කොළ කෑල්ලක් කඩා (බෝල්පොයින්ට්) පෑනේ තීන්ත කූර සමඟ මන්තර කොළ කෑල්ල රෝල් කර පෑන ඇතුළට දැමිය යුතුය. දැන් මේ පෑනෙන් විභාගයට ලියූ විට විශිෂ්ට සාමර්ථ්‍ය සහතිකය. කොයි තරම් ප්‍රෝඩාවක්ද මේ? විභාගයට පෙනීසිටින්නට කුමන හේතුවක් නිසා හෝ පැකිලෙන දරුවන්ගේ මානසික ශක්තිය දියුණුකර විභාගයට මුහුණ දීමට ධෛර්යය වඩවනවා මිස, කොහේවත් නැති ගණ දෙවියකුගේ මන්තරයක් පෑන අස්සට දමා විභාග පාස්විය හැකියැ’යි පෙන්වීමෙන් වනිගරත්න කරන්නේ රටේ තරුණ පරපුර මිථ්‍යාවේ අඳුරට ඇද දැමීමය. ගණ දෙවියාට ඔය කියන තරමේ ප්‍රාතිහාර්ය පාන්නට පුළුවන් නම්, ඔහුගේ නියම හිස ඔහුගේ බෙල්ලෙන් ගැලවී, ඒ වෙනුවට අලි හිසක් සවිවන්නට හේතුවක්ද නැත.
    මේ ආසිරි වනිගරත්නගේ ප්‍රෝඩාවන් අතරින් දෙකක් පමණකි. මේවාද, මිනිසුන් ගොනාට අන්දන්නට ඔහු කියන කරන අනෙක් සියල්ලද තුට්ටු දෙකේ ප්‍රෝඩාවන් බව අපි කියමු. ආසිරි වනිගරත්න ඒවා ප්‍රෝඩා නොවන බව කියන්නේ නම්, ඔහු කියන ඕනෑම තැනකදී ගණ දෙවියා හමුවන්නට අප කැමතිය.
    වනිගරත්න කියන විදියටම ඔහුගේ වැඩමුළුවලදී ශාලාව පිරීයයි. බාල මහලු තරුණ බොහෝ දෙනෙක් ඒවාට පෝලිමේ එති. ඔවුනතුරින් වැඩි ප්‍රතිශතය කාන්තාවෝය. සමාජයේ ‘පොෂ්’යැයි කියන ජේත්තුකාර තරුණියෝද ඒ අතර හිඟ නැත. මේ සියල්ලන්ගේම පොදු සාධක වන්නේ, තමන්ගේ ජීවන ගැටලු තමන්ම විසඳාගැනීමට තරම් ආත්ම ශක්තියක් හෝ බාහිර අනුබලයක් ඔවුන්ට නොමැතිවීමත්, ඒ නිසා ආසිරි වනිගරත්නගේ ජාවාරමට හසුවීමත් යන දෙකය.


    නීච කුල වනිගරත්න
    මහනුවරට නුදුරු මැණික්හින්නේ ජීවත්වන සමහර මිනිස්සු, තමන් නීච කුලයේ වශී ගුරුකම් දන්නවායැ’යි කියමින් මන්තර ගුරුකම් කරති. ඒවා ගැන කුඩා ප්‍රමාණයේ වෙළෙඳ දැන්වීම්ද ඉරිදා පත්තරවල දමති. මැණික්හින්නට ගිය විට දකින්නට ලැබෙන්නේ, එක ළඟ ගෙවල්වල, වෙන වෙනම මන්තර ගුරුකම් කරන, සමහරවිට ළඟ නෑදෑකම්ද ඇති ගම්වාසී මිනිසුන් රාශියකි. ඉන් එක ගෙයකට ගොඩවැදී ඇසුවොත් ඔවුන් කියන්නේ, තමන්ගේ ගුරුකම් හැර මැණික්හින්නේ අන් හැම කෙනාම කරන්නේ බොරු බවය. ඒ විදියට බැලූ විට මැණික්හින්නේ සියල්ලන්ම කරන්නේ බොරු බව අලුතෙන් කියන්නට දෙයක් නැත. එහෙත්, ඒ නොදියුණු මිනිස්සු අහිංසකය. තමන්ගේ දවස් පතා භෝජනය සඳහා එදිනෙදා රුපියල් පන්සීයක් දාහක් හොයාගන්නට ඔවුහු බොරුව බව දනිමින්ම, බොරුවට අවංක වෙමින්ම, බොරු කියමින් ජීවිකාව කරගෙන යති. සරම කමිසය ඇඳ, රෙද්ද හැට්ටය ඇඳ බොරු දේව ආරූඪයක් පෙන්වා, ගුරුකමක් කරගන්නට එන මිනිසකුගෙන් රුපියල් 100ක් පමණ අය කරගනිති. ඇත්ත වශයෙන්ම ආසිරි වනිගරත්නද එවැනි නීච කුලයේ වශී ගුරුකම්කාරයකුට සමානය. වෙනසට ඇත්තේ, මැණික්හින්නේ පොඩි බොරුකාරයන් සරම කමිසය අඳින විට ලොකු බොරුකාර ආසිරි වනිගරත්න ඩෙනිම් කලිසම හා වටිනා කමිසයක් ඇඳ වටිනා සපත්තු දමා, සුවඳ විලවුන් ගල්වාගෙන, එෆ්එම් මයික් එක කනේ ගසාගෙන ජාතික තරුණ සේවා සභාවේ වේදිකාවට ජේත්තුකාර විදියට ගොඩවීමය. මැණික්හින්නේ බොරුකාරයන් ඒ බොරුවෙන් රුපියල් සීය දෙසීය ගානේ එදා වේල හම්බකරගන්නා විට, ආසිරි වනිගරත්න වැන්නන් රුපියල් කෝටි ගණන් උපයාගැනීමය.
    වනිගරත්න එසේ ගසා කන්නේ විවිධ දුක්වේදනා කන්දරාවන් නිසා කාගේ හෝ පස්සෙන් ගිහින් පිහිටක් ඉල්ලන මිනිසුන්ගේ දුක බව දන්නා ගණ දෙවියා, ඇත්තටම දෙවියකු නම් මේ ප්‍රෝඩාවට තමන්ගේ නම විකුණන්නට දෙන්නේ නැත. එහෙත්, ගණ දෙවියා වැනි ප්‍රෝඩාකාරයන්ටද එවැනි ලජ්ජාවක් නැත. ඔවුන් එකතු වන්නේද එවැනි ප්‍රෝඩාකාරයන්ටමය. ආසිරි වනිගරත්න වැනි අයටය.■


    උපුටා ගැනිම - රාවය
     
    Last edited:

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    ආසිරිගේ වැඩ ගැන දන්නේ නෑ, නමුත් ඌගෙන් මම ගත්ත පොඩි ගැජට් ටිකක් පට්ට ඒවා නම්. ලස්සනට තියාගන්න හොදයි. චීන කාසි තමයි මරුම.
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ආසිරිගේ වැඩ ගැන දන්නේ නෑ, නමුත් ඌගෙන් මම ගත්ත පොඩි ගැජට් ටිකක් පට්ට ඒවා නම්. ලස්සනට තියාගන්න හොදයි. චීන කාසි තමයි මරුම.

    බලපන් ඉතින් උඹ වගේ කම්පියුටර් එකේ කොටන්න දන්න එකෙකුත් උගේ වැඩකට නැති සරුවපිත්තල අරගන :no:. ඉතින් කොහෙද ගමේ ගොඩේ පත්තරයක්වත් බලන්නෙ නැති කෙනෙකුට ඕවගේ ඇත්ත නැත්ත කියල දෙන්නෙ. :eek:
     
    • Like
    Reactions: sandaru d

    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,862
    2,174
    113
    Galle
    බලපන් ඉතින් උඹ වගේ කම්පියුටර් එකේ කොටන්න දන්න එකෙකුත් උගේ වැඩකට නැති සරුවපිත්තල අරගන :no:. ඉතින් කොහෙද ගමේ ගොඩේ පත්තරයක්වත් බලන්නෙ නැති කෙනෙකුට ඕවගේ ඇත්ත නැත්ත කියල දෙන්නෙ. :eek:
    ඔව් බන් හොදට ඉගෙන ගත්තු එවුනුත් මුගේ මේ කුනුහබ්බ පස්සේ යනවානේ. ඉතින් කොහොමද කියහන්කො රටක් ගොඩයන්නේ.:angry:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එක අතකින් ඔවට යන මීහරක් නිසානෙ ඔකුන් කෝටිපතියො වෙන්නෙ, අපේ මීහරක්ගෙත් මිත්යාදුශ්ටිය කියන එකේ සීමා නැ..
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,578
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    එක අතකින් ඔවට යන මීහරක් නිසානෙ ඔකුන් කෝටිපතියො වෙන්නෙ, අපේ මීහරක්ගෙත් මිත්යාදුශ්ටිය කියන එකේ සීමා නැ..
    ඒක නම් ඇත්ත. මොකක්ද බන් අර මුගෙ පාන් ගෙඩියකට මොකක්ද කරන සීන් එකකුත් තිබ්බ මට මතකයි, ඕවා පස්සේ යනකොට, යන එකා දුප්පත් වෙනවා, ඕක කරන එකා පොහොසත් වෙනවා. . .
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒක නම් ඇත්ත. මොකක්ද බන් අර මුගෙ පාන් ගෙඩියකට මොකක්ද කරන සීන් එකකුත් තිබ්බ මට මතකයි, ඕවා පස්සේ යනකොට, යන එකා දුප්පත් වෙනවා, ඕක කරන එකා පොහොසත් වෙනවා. . .
    :yes:
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මමනම් කියන්නෙ බන් මේකා හම්බකරගන්න කරන පරමාර්තෙට වැඩිය ආතල් එකක් ගන්නවා මිනිස්සුන්ව උපරිම ගොනාට අන්දලා. හරියට අර අහුවෙන්න ගිය හොර මිනිහ බමුණට ටොක්කකුත් ඇනල යන්න ආසයි කිවුව වගේ. :rolleyes:
     

    Sajith489

    Member
    Nov 19, 2016
    407
    95
    0
    එළකිරියෙත් ඉන්නවා නැගී එන ආසිරි කෙනෙක්
    ඌත් හතර අතට බොරු කෙලින්නෙ :lol:
     
    එක අතකින් ඔවට යන මීහරක් නිසානෙ ඔකුන් කෝටිපතියො වෙන්නෙ, අපේ මීහරක්ගෙත් මිත්යාදුශ්ටිය කියන එකේ සීමා නැ..
    මීහරක් වෙන්නෙ රතු මිරිස් වලින් ඇඟේ ලේ ගොන්ලේ වෙන හිංදා. රතු මිරිස් නොකාපු කාලේ ඔහොම විකාර රටේ තිබිලා නෑ :yes:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉදිරියේ රාළ;20967670 said:
    මීහරක් වෙන්නෙ රතු මිරිස් වලින් ඇඟේ ලේ ගොන්ලේ වෙන හිංදා. රතු මිරිස් නොකාපු කාලේ ඔහොම විකාර රටේ තිබිලා නෑ :yes:
    ඔය කියුවෙ, දන්න දෙයක් කියපන් බන්.හින්දු දේව සබාව වන්දනා කරන්ඩ ගත්තෙ පොලොන්නරු රාජධානි කාලෙ ඉදන්, දැන් කියපන් පොලොන්නරු යුගෙත් රතු මිරිස් කෑව කියල.:confused:
     
    ඔය කියුවෙ, දන්න දෙයක් කියපන් බන්.හින්දු දේව සබාව වන්දනා කරන්ඩ ගත්තෙ පොලොන්නරු රාජධානි කාලෙ ඉදන්, දැන් කියපන් පොලොන්නරු යුගෙත් රතු මිරිස් කෑව කියල.:confused:
    ඒ සොලී කාරයො. බෞද්ධයෝ එවා පස්සෙ ගිහින් නෑ.:yes:
     

    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,862
    2,174
    113
    Galle
    මමනම් කියන්නෙ බන් මේකා හම්බකරගන්න කරන පරමාර්තෙට වැඩිය ආතල් එකක් ගන්නවා මිනිස්සුන්ව උපරිම ගොනාට අන්දලා. හරියට අර අහුවෙන්න ගිය හොර මිනිහ බමුණට ටොක්කකුත් ඇනල යන්න ආසයි කිවුව වගේ. :rolleyes:
    රහ වැටුනට පස්සේ ඕක අතරින්නේ නැ
    ඔය වැඩේ තමයි 48 ඉදලා හිටපු ඔක්කොම පාලක පන්තියේ බල්ලො කරේ. අපේ එවුන් හොදට අන්දන්න පුලුවන් බන්.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉදිරියේ රාළ;20967702 said:
    ඒ සොලී කාරයො. බෞද්ධයෝ එවා පස්සෙ ගිහින් නෑ.:yes:
    රෙද්ද තමා, එතකොට වෙහෙර විහාර ඇතුලෙ හින්දු කොවිල් හැදුවෙ සොලීන්ට වදින්ඩද?? අපේ උන් වදින්ඩම නැතුව ඇති නේද.:lol: සදකඩපහනෙන් හරක හැලුවෙත් සොලින්ද??? තර්කයක් ඇති දෙයක් කියපන් රාළේ.
     
    රෙද්ද තමා, එතකොට වෙහෙර විහාර ඇතුලෙ හින්දු කොවිල් හැදුවෙ සොලීන්ට වදින්ඩද?? අපේ උන් වදින්ඩම නැතුව ඇති නේද.:lol: සදකඩපහනෙන් හරක හැලුවෙත් සොලින්ද??? තර්කයක් ඇති දෙයක් කියපන් රාළේ.
    පිළිම හදපු පලියට ඒවට වඳින හරකෙක්ද උඹත් :eek: ? එහෙනම් විමල් විරවංසගේ පිළිමයක් අඹලා උඹ ඒකට මල් පහන් තියපන්. :yes:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉදිරියේ රාළ;20967763 said:
    පිළිම හදපු පලියට ඒවට වඳින හරකෙක්ද උඹත් :eek: ? එහෙනම් විමල් විරවංසගේ පිළිමයක් අඹලා උඹ ඒකට මල් පහන් තියපන්. :yes:
    තාර්කික නැ,විමල්ගෙ කතාවක් අදාලම නැ. පිලිම හදුවෙ වදින්ඩ නෙමේ නම් බල බලා ඉන්ඩද??? පන්සල් ඇතුලෙම දේව පිලිම.... පොලොන්නරු යුගේ ඉදන් කරන දේව වන්දනාව රතු මිරිස් නිසා වෙනව වගේ ගොන් කතා කියන්ඩ එපා රාළේ..
     
    තාර්කික නැ,විමල්ගෙ කතාවක් අදාලම නැ. පිලිම හදුවෙ වදින්ඩ නෙමේ නම් බල බලා ඉන්ඩද??? පන්සල් ඇතුලෙම දේව පිලිම.... පොලොන්නරු යුගේ ඉදන් කරන දේව වන්දනාව රතු මිරිස් නිසා වෙනව වගේ ගොන් කතා කියන්ඩ එපා රාළේ..
    නෑ. උඹට මගේ තර්කය තේරුම් ගන්න තරම් පුළුවන් කමක් නෑ. එච්චරට රතු මිරිසෙන් උඹේ ලේ ගොන්ලේ වෙලා.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉදිරියේ රාළ;20967874 said:
    නෑ. උඹට මගේ තර්කය තේරුම් ගන්න තරම් පුළුවන් කමක් නෑ. එච්චරට රතු මිරිසෙන් උඹේ ලේ ගොන්ලේ වෙලා.
    තේරුම් ගැනිමේ හැකියාව නැත්තෙ උබටයි රාළේ, පොලොන්නරු යුගේ ඉදන් ලකාවෙ මිනිස්සු හින්දු දෙව්වරු වන්දනා කරනව ඒකට පුරාවිද්යා සාක්ශි ඔනවටත් වඩා තියෙනව. එහෙවු එකේ මිනිස්සු රතු මිරිස් නිසයි මිත්යාදුශ්ටික වෙන්නෙ වගේ ගොන් කතා වල කිසිම හරයක් නැ රාළේ.
     
    තේරුම් ගැනිමේ හැකියාව නැත්තෙ උබටයි රාළේ, පොලොන්නරු යුගේ ඉදන් ලකාවෙ මිනිස්සු හින්දු දෙව්වරු වන්දනා කරනව ඒකට පුරාවිද්යා සාක්ශි ඔනවටත් වඩා තියෙනව. එහෙවු එකේ මිනිස්සු රතු මිරිස් නිසයි මිත්යාදුශ්ටික වෙන්නෙ වගේ ගොන් කතා වල කිසිම හරයක් නැ රාළේ.
    ඇඟේ සිංහලේ කියල හිතාගෙන ගොන්ලේ දුවන එකෙක්ගෙ උම්බෑව. ලේ සුද්ද කර ගනින් ඔක්කොටම කලින්.:yes:
     
    • Like
    Reactions: Red Soda