ආහාරයේ පිළිකුල් සඤ්ඤාව වඩමු

asliyanage

Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    ආහාර කෙරෙහි ඇති තෘෂ්ණාව කියන්නේ සත්වයාව සසරේ බැඳතබන දුරු කරගැනීමට ඉතා දුෂ්කර අකුසලයක්. එම රස තෘෂ්ණාව දුරු කරගැනීම පිණිස උපකාර වන ආහාරයේ පිළිකුල් සඤ්ඤාව භාවනාවක් ලෙස වැඩීම පිණිස මෙම භාවනා වාක්‍ය උපකාර කරගනිමු.

    මේ ආහාර කොච්චර සුවඳට, රසට, ලස්සනට පිළියෙල කරල තිබුනත් මේ අහාර අතින් අල්ලපු ගමන් ඒ්ක ඉඳුල් වෙලා යනවා. ඒ නිසා මේ ආහාර පිළිකුලයි…, පිළිකුලයි…, පිළිකුලයි…

    මේ අහාර කටට ගත්තාම කටේ තියෙන කෙල, සෙම එක්ක කලවම් වෙනවා. මේක පිළිකුල් දෙයක් බවට පත් වෙනවා. ඒ නිසා මේ ආහාර පිළිකුලයි…, පිළිකුලයි…, පිළිකුලයි…

    උගුරෙන් පහලට යන විට මේ අහාර සෙම, සොටු සමඟ මේ අහාර කවලම් වෙනවා. තවදුරටත් මේක පිළිකුල් දෙයක් බවට පත් වෙනවා. ඒ නිසා මේ ආහාර පිළිකුලයි…, පිළිකුලයි…, පිළිකුලයි…

    ආහාර බඩට ගියාම බඩේ තියෙන නොයෙකුත් දේ සමඟ මේ අහාරය එකතු වෙනවා. වමනෙ බවට පත් වෙනවා. ඉතාම පිළිකුල් දෙයක් බවට පත් වෙනවා. ඒ නිසා මේ ආහාර පිළිකුලයි…, පිළිකුලයි…, පිළිකුලයි…

    බඩවැල් වලට ගියාම මේ අහාරය අසූචි බවට පත් වෙනවා. ඉතාම දුර්ගන්ධ දෙයක් බවට පත් වෙනවා. ඒ නිසා මේ ආහාර පිළිකුලයි…, පිළිකුලයි…, පිළිකුලයි…

    මේ අහාරය අනුභව නොකර තිබ්නොත් ඒත් මේක පිළිනි වෙලා දුර්ගන්ධය හමන දෙයක් බවට පත් වෙනවා. ඒ නිසා මේ ආහාර පිළිකුලයි…, පිළිකුලයි…, පිළිකුලයි…

    මේ අහාර උයන්නේ නැතිව තිබුනොත් කුනුවෙලා පිළිකුල් දෙයක් බවට පත් වෙනවා. දුර්ගන්ධය හමන දෙයක් බවට පත් වෙනවා. ඒ නිසා මේ ආහාර පිළිකුලයි…, පිළිකුලයි…, පිළිකුලයි…
     

    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,113
    852
    113
    ඒ නිසා මේ ආහාර පිළිකුලයි…, පිළිකුලයි…, පිළිකුලයි…

    අහාර පිළිකුල් කරන්න කියලා කොහෙවත් කියලා නැහැ. පිළිකුල කියන්නේ ද්වේශයක්. එමනිසා පිළිකුල සිත කිලිටි කරනවා.

    දේශනාවේ තියෙන්නේ රස ම්ජරි කමෙන් වෙනවී නොබැදි සිටින්න කියලා -> බෝපිටියේ සදහම් පාසල
     

    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    අහාර පිළිකුල් කරන්න කියලා කොහෙවත් කියලා නැහැ. පිළිකුල කියන්නේ ද්වේශයක්. එමනිසා පිළිකුල සිත කිලිටි කරනවා.

    දේශනාවේ තියෙන්නේ රස ම්ජරි කමෙන් වෙනවී නොබැදි සිටින්න කියලා -> බෝපිටියේ සදහම් පාසල
    ලෝකයේ ජීවත් වන අති බහුතරයක් සත්වයෝම ආහාරය සිය ප්‍රමුඛතා ලැයිස්තුවේ අංක 1 ට යොදා ගෙන සිටින බව රහසක් නොවේ. තමා ජීවත් වන්නේ කෑමටම යයි විශ්වාස කිරීමට තරම් ආහාරය සමහරුන්ට මුලාවක් වීමද අද බහුලව දැකිය හැකි අවාසනාවන්ත තත්වයකි. අපි එදිනෙදා ගන්නා ඝන ආහාර අපි සපා අනුභව කරන්නෙමු, දියර ආහාර අපි පානය කරන්නෙමු, අයිස් ක්‍රීම් වැනි මෙළෙක් ආහාර වර්ග දිව ගා පරිභෝග කරන්නෙමු. මේ කුමන ආකාරයෙන් පවතින ආහාරයකට වුවද තිලෝගුරු ශ්‍රී සම්බුදු පියාණන් යොදා ඇත්තේ එක් වර්ගීකරණයක් පමණි. එය නම් “කබලිංකාරාහාර” යන්නයි.

    යමක් ඉපදවීමට හෝ උපන් දෙයක් පවත්වාගැනීමට උපකාර වන දෙය ලෙස අර්ථකථනය කර ඇති ආහාර ලෙස ධර්මයේ සඳහන් සියල්ල 4 ක් වන අතර, කබලිංකාරාහාරය යනු එයින් එකක් පමණි. ලිපිය සම්පූර්ණ කිරීම පිණිස ආහාර වර්ග 4 හා එයින් උපදවන දෙය සරළව අපි පෙළ ගස්සන්නෙමු.

    ආහාරවර්ගය -> උපදවන දෙය

    1. කබලිංකාරාහාර -> අපගේ භෞතික ශරීරයේ, හෙවත් රූප කයේ, ඕජාට්ඨමක රූප කලාප උපදවයි, කබලිංකාරාහාර අපගේ උපන් සිරුර පවත්වාගැනීමට උපකාරී වේ.

    2. ස්පර්ශාහාර -> පංචේන්ද්‍රියේ හා මනසේ (සළායතනයන්හි) අරමුණු නොගැටුනේ නම් අපට සැප, හෝ දුක් හෝ උපේක්ෂා වශයෙන් කිසිදු වේදනාවක් නූපදී. ස්පර්ශාහාර උපදවන දෙය වේදනාවයි

    3. මනෝසංචේතනාහාරය -> අපගේ මීලඟ භවයේ ප්‍රතිසන්ධිය අප කරන කුසල් අකුසල් මතම රඳා පවතී. අප කරන්නේ කුසල්ද අකුසල්ද යන්න 100% තීරණය වන්නේ කරන ක්‍රියාවට සම්බන්ධ සිතේ අනිවාර්ය ලෙස ඇමිණී ඇති චේතනාවෙනි. මනෝසංචේතනාහාරය උපදවන දෙය (කාම, රූප, අරූප භවයේ) ප්‍රතිසන්ධියයි.

    4. විඤ්ඤාණාහාරය -> පටිච්ඡසමුප්පාදයට අනුව, ප්‍රතිසන්ධි විඤ්ඤාණය නාම-රූප උපදවන බව අපි දනිමු. විඤ්ඤාණාහාරය උපදවන දෙය නාම-රූපයි

    අප අනුභව කරන ආහාර සම්බන්ධව පමණක් සිතා බලන්න, එය තෘෂ්ණාව නිදාන කොට නැතිද?, එය තෘෂ්ණාව හේතු කොට නැතිද? එය තෘෂ්ණාව ජාති කොට නැතිද? එය තෘෂ්ණාව ප්‍රභව කොට නැතිද? එහි විවාදයක් නොමැත. අනෙක් ආහාර තුන සම්බන්ධවද එය එසේම බව බුද්ධ වචනයයි.

    කෙළෙස් සහිත සත්වයෝ සියල්ල , කාටත් පහසුවෙන් තේරුම් ගත හැකි ආහාරය වන කබලිංකාරාහාරයෙහි රස තෘෂ්ණාවෙන් ඇලුණාහුද, බැඳුණාහුද වන්නෝය. රස තෘෂ්ණාවෙන්ම ආහාර සොයන්නෝද, රැස් කරන්නෝද, රකින්නෝද, අනුභව කරන්නෝද වන්නෝය. ඒ හේතුවෙන් මස් ආදිය පිණිස ප්‍රාණඝාතාදී නොයෙක් පව්කම් වන්නෝය.

    ගොදුරු කරගන්නා මෙන්ම ගොදුරු වන්නාද සසරේම සිරවූ අප වැනිම සත්වයෝයි. එබැවින් ආහාරයේ රස තෘෂ්ණාව, මෙම ආත්ම භාවයේදීම වන මහත් භයටද, දුකටද, ලෙඩ රෝගාදී බොහෝ අනර්ථයන්ටද හේතු වෙයි. අනන්ත වූ අනාගත සසර දුකටද එයම හේතු වෙයි. කොටින් කියන්නේනම් ආහාරයේ රස තෘෂ්ණාවේ ඇලුනෝ සසර දුකේ ගැලුනෝ වෙති.එහෙයින් සසර දුකින් මිදෙනු කැමතියන් විසින් ආහාරයේ රස තෘෂ්ණාව දුරු කළ යුතුයි.

    ආහාරයේ පිළිකුල් සංඥාව තුලින් මෙම රස තෘෂ්ණාව දුරු කිරීමට භාවනා වශයෙන් උපදවා දියුණු කල හැකි ඥාන සම්ප්‍රයුක්ත විධි 10 ක් විශුද්ධි මාර්ගයේ ඇතුලත් කොට තිබේ. නමුත් අපි ඉදිරිපත් කරන්නේ ඊට වඩා බොහෝ සරල, ගිහි පැවිදි ඕනෑම අයෙකුට ඉතා පහසුවෙන් මතක තබාගෙන ඇලීමකින් තොරව, ඕනෑම ආහාරයක් පරිභෝග කිරීමට භාවිතා කල හැකි ආහාර ප්‍රත්‍යවේක්ෂා වාක්‍ය ලෙස ධර්මචාරී කවුරුත් දන්නා දෙයයි.

    ඔබ ආහාර ගන්නා කාලය පුරාවට, නුවනින් තේරුම සළකමින් මෙම වාක්‍ය සිතින් කීමෙන් ඔබට ආහාරය කොතරම් රසවත් වුවත්, කොතරම් ප්‍රණීත වුවත් ඒ හේතුවෙන් අපාගාමී අකුසල් සිත් වන ලෝභ මූල සිත් ඉපදීමේ ඉඩ කඩ සහමුලින් අවුරාදැමීමට හැකිවේ. ඔබ මෙම වාක්‍ය නුවනින් මෙනෙහි කරන තාක්, ඔබ කරන්නේ භාවනාමය කුසළ කර්මයකි. එවන් කුසල කර්ම අතරවාරයේ අකුසල් සිත් ඉපදීමේ අවස්ථා නොලැබී යෑම ඊට හේතුවයි.

    “මා මේ ආහාරය ගන්නේ මල්ලවයන් මෙන් සටන් කිරීමට නොව, ගැමි දරුවන් මෙන් සෙල්ලම් කිරීමට නොව, ශරීරය වර්ණවත් කර ගැනීමට නොව, ශරීරයේ අඩු තැන් පුරවා ගැනීමට නොව. ජීවිතයත් ශරීරයත් පවත්වා ගැනීමටයි, ශාසන ප්‍රතිපත්ති පිරීමටයි. මාගේ මේ ප්‍රතිපත්ති පිරීමට උපකාරී වන මේ ආහාරය පිළියෙල කිරීමට දායක වූ සියළු දෙනා, ආයුෂයෙන් වැඩේවා, වර්ණයෙන් වැඩේවා, සැපයෙන් වැඩේවා, බලයෙන් වැඩේවා, ප්‍රඥාවෙන් වැඩේවා , කෙලවර ආත්ම භාවයේදී, පරම ශාන්ත නිර්වාණය සුවසේ අවබෝධ කර ගනිත්වා!.

    මේ ආහාරයත් ශරීරයත් යන දෙකම නිරන්තරයෙන් සිඳි සිඳී, බිඳී, බිඳී යන බැවින් අනිත්‍යයි, බිඳෙමින්, ඉපදෙමින් නිරතුරු අප පෙළන බැවින් දුකයි. කිසිවෙකුගේ කැමැත්තට නොපවත්නා බැවින් අනාත්මයි. පිළිකුල් බැවින් අශුභයි.අනිත්‍ය වූ, දුක්ඛ වූ, අනාත්ම වූ, අශුභ වූ මේ ආහාරයත් ශරීරයත් ඒකාන්තයෙන්, දුක්ඛ සත්‍ය නම් වන්නේය.

    ඒ ආහාරයත් ශරීරයත් නම් දුක්ඛ සත්‍යය උපදවන්නා වූ පූර්ව භව තෘෂ්ණාව, ඒකාන්තයෙන් දුක්ඛ සමුදය සත්‍ය වන්නේය

    ආහාරයෙනුත් ශරීරයෙනුත් තොරවූ, ශාන්ත නිර්වාණ ධාතුව, දුක්ඛ නිරෝධ සත්‍ය නම් වන්නේය

    ඒ නිරෝධ සත්‍යය සුවසේ අවබෝධ වීම පිණිස, පිළිපැදිය යුතු වූ, ආර්ය අෂ්ථාංගික මාර්ගය, මාර්ග සත්‍ය නම් වන්නේය.

    මාගේ මේ ආහාර ප්‍රත්‍යවේක්ෂා කුසළ කර්මය බුදු, පසේබුදු, මහ රහතන් වහන්සේලා විසින් නිවී සැනසී පැමිණ වදාලා වූ අජරාමර ශාන්ත නිර්වාණ ධාතුව සුවසේ අවබෝධ කර ගැනීමට හේතු වේවා!, වාසනා වේවා!!,

    සාදූ!, සාදූ!!, සාදූ!!! “


    භික්ෂූන් වහන්සේලා විසින් තමාට සැදැහැවතුන්ගෙන් පූජා ලෙස ලැබෙන සිව් පසයම ප්‍රත්‍යවේක්ෂා කල යුතු වේ. එය ප්‍රත්‍යවේක්ෂාවේ උච්ඡතම භාවිතයයි. නිවන් පතන සැදැහැවතුන් කවුරුත් උන් වහන්සේලාගේ උසස් බව තේරුම් ගැනීමට පහත ධර්ම පත්‍රිකාව කියවා බලත්වා!

    1610915702957.png
     
    • Like
    Reactions: castellain

    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,113
    852
    113
    දැන් මෙහෙමයි.

    තිපිටකයේ තියෙන්නේ බුද්ධ දේශනාව. මෙය මඝදී භාෂාවෙන් මිස වෙන භාෂා වලට පරිවර්තනය නොකරන ග්‍රන්ථයක්. අටුවාවල ලියවිලා තියෙන්නේ බුද්ධ දෙශනාව පැහැදිලි කිරීමක්. මෙය සාමාන්‍ය මිනිස්සුන්ට තේරන අන්දමට ඔවුන්ගේ භාෂා වලින් ලියවෙන ග්‍රන්ථ. අටුවා ලියන්නේ මාර්ග එල ලාබින් පමණයි.

    දුටු ගැමුණු රජු එළාර යුද්ද්යෙන් පසු, දිවයින පුරා විසිරිලා තිබුන අටුවා එක්ලැස් කරලා තැන්පත් කරනවා මෙතන.

    SL_Anuradhapura_asv2020-01_img10_Lovamahapaya.jpg

    ලෝවාමහාපාය - විකිපීඩියා වෙතින්

    ලෝවාමහාපාය යනු ක්‍රි. පූ. 1 වන සියවසේදී මහා විහාරයේ ඉදි කරනු ලැබූ උපෝසථාගාරයකි. මෙය අනුරාධපුරයේ පිහිටා ඇත. එහි වහලය ලෝහ උළු වලින් කල නිසා ලෝහ ප්‍රාසදය යනුවෙන්ද හැඳින්විනි. ලෝවාමහා ප්‍රාසාදය කරවන ලද්දේ දුටුගැමුණු රජතුමා විසිනි. මෙහි මහල් නමයක් වූ බව වංශ කථා වල සඳහන් වේ. දැනට මැදින් ඇති කුඩා ගොඩනැගිල්ල නවීන එකක් වන නමුදු මහා විහාරයේ පෝය කර්ම සඳහා බෝධිමළු පරපුරේ භික්ෂූන් වහන්සේලා තවමත් මෙම ස්ථානය පාවිච්චි කරනු ලබයි.

    නමුත් බුද්ධගොස කියන බමුණා කුමන්ත්‍රණ කරලා ලොවාමහපයේ තැන්පත් කරලා තිබුන සියලු අටුවා ගිනිබත් කරනවා.

    උපුටාගැන්ම
    මහාචාර්ය පොල්වත්තේ ශ්‍රී බුද්ධ දත්ත මහ නාහිමි විසින් රචිත "පාලි සාහිත්‍යය" නම් ග්‍රන්ථය.

    page-149-wasanthapakasani.jpg


    බුද්ධගොස සියලු අටුවා ගිනිබත් කරලා ඔහුගේ බමුණු මත කලවම් කරපු විශුද්ධි මාර්ගය කියන ග්‍රන්ථය ඇතුලු ග්‍රන්ථ 20 ක් ඉතිරි කරනවා. මේවා අටුවා නොවේ. නොවෙනන හේතුව මොහු මාර්ග එල ලාභියෙක් නොවෙන බව කිසි සැකයක් නැති නිසා.

    මාර්ග එල ලාභින් සිංහල අටුවා ගිනි තියන්නේ නැහැ. ඒක් විතරක් නොව, මොහු මේ ග්‍රන්ථ ලියන්නේ බොහෝ අයට නොතේරන ම්ඝදී භාශාවෙන්. ඔහු පිළිගන්නව පටිච්ච-සං-උප්පාදය තේරෙන්නේ නැහැ කියලා.

    එතකොට ඔබතුමා මේ අහාර පිළිකුල් කරන කතාව උපුටා ගෙන තියෙන්නේ බුද්ධගොස ලියපු විශුද්ධි මාර්ගය කියන ග්‍රන්තයෙන්.
    ආහාරයේ පිළිකුල් සංඥාව තුලින් මෙම රස තෘෂ්ණාව දුරු කිරීමට භාවනා වශයෙන් උපදවා දියුණු කල හැකි ඥාන සම්ප්‍රයුක්ත විධි 10 ක් විශුද්ධි මාර්ගයේ ඇතුලත් කොට තිබේ.
    මේවා බුද්ධ දේශනාව නොවේ. ඔබතුමාට කියවන්න සහ ඉගෙන ගන්න ඉතාමත් ලෙහෙසියට බුදු දහම ලියවිලා තියෙන අටුවාවක් තියෙනව මෙතැන. මේක පාවිච්චි කරන්න.

    -> https://panhinda.sirisaddharmaya.net
     
    • Dislike
    Reactions: Cyper