ආහාර ගැනීමේ නිවැරැදි පුරුදු

ELANDARIYA

Junior member
  • Sep 24, 2014
    27
    46
    13
    ජාඇල, පමුණුගම.
    ආහාර ගැනීමේ නිවැරැදි පුරුදු

    ආහාර ගැනීමේ නිවැරැදි පුරුදු
    බත් හා පාන් පමණක්‌ දිනකට ප්‍රමාණවත්ද?

    අපගේ එදිනෙදා ජීවිතයට බලපාන ප්‍රධාන කරුණු අතර ආහාරවලට ඇත්තේ සුවිශේෂී තැනකි. අපට වැළඳෙන බොහෝ රෝගවලට ප්‍රධාන හේතු කාරකයා වන්නේද ආහාරය. මෙය මුළු ලෝකයටම බලපා ඇති ගැටලුවකි. එම ගැටලුවට විසඳුම් සෙවීම සඳහා ජපානයේ පැවැති "ජීවන චර්යාවට බලපාන රෝගාබාධ වලක්‌වා ගැනීම" වෛද්‍ය වැඩමුළුවට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වූයේ වෛද්‍ය සුරංග දොලමුල්ල මහතාය. මෙම ලිපි පෙළ සැකසෙන්නේ එම වැඩමුළුවේ වෛද්‍යවරයා ලබාගත් තොරතුරු ඇසුරිනි.
    එදිනෙදා අපගේ ජීවිතයේ ජීවන චර්යාව අනුව වැළඳෙන බෝ නොවන රෝග අතර ප්‍රධාන තැනක්‌ දියවැඩියාව, අධිරුධිර පීඩනය, කොලෙස්‌ටරෝල් සහ ස්‌ථූලතාවය යන රෝගවලට හිමිවන බව අනාවරණය වී ඇත.
    මෙම රෝග අපට වැළඳීමට ප්‍රධානම හේතුව වී ඇත්තේ අපගේ වැරදි ජීවන රටාවය.
    නිරෝගී ජීවිතයක්‌ සඳහා ළමා, තරුණ, වැඩිහිටි අප සියලු දෙනා දිනකට ආහාර වෙල් තුනක්‌ ගත යුතුය.
    මෙම සෑම ආහාර වේලකම පිෂ්ඨය. ප්‍රොaටීන්, විටමින්, මේදය යන ප්‍රධාන පෝෂක කොටස්‌ තිබිය යුතුය.
    මෙම ප්‍රධාන පෝෂක කොටස්‌ සහිත ආහාර වේලක්‌ සකසා ගැනීම එතරම් අපහසු නැත. නමුත් බොහෝ දෙනා තුළ පවතින වැරැදි ආකල්ප නිසා පෝෂණය සහිත ආහාර වේලක්‌ සකසා ගැනීමට නොහැකි වේ.
    අපට උදේට කන්න වෙලාවක්‌ නැහැ. වෙලාවට කන්න විදිහක්‌ නැහැ. උයන්න වෙලාවක්‌ නැහැ. පිටින් කන එක ලාභයි. වැනි ආකල්ප නිසා බොහෝ දෙනා වෙළෙඳ පොළොන් ආහාර ගැනීමට හුරුවී සිටිති. මෙම ආහාර කිසියම් වට්‌ටෝරුවකට අනුව සකස්‌කර ඇත.
    එනිසා එය සෑම පුද්ගලයකුටම ගැලපෙන්නේ නැත. විශේෂයෙන්ම මෙම ආහාරවල බහුලව ඇත්තේ පිෂ්ඨය සහ මේදය පමණි. එවැනි ආහාර නිතර නිතර ගැනීමෙන් සිරුරේ සීනි සහ මේදය අධික ලෙස තැන්පත් වේ. එහි ප්‍රතිඵලය වන්නේ දියවැඩියාව, අධිරුධිර පීඩනය, කොලෙස්‌ටරෝල් සහ ස්‌ථුලතාවය යන රෝග වැළඳීමය.
    මෙම තත්ත්වයෙන් මිදීමට නම් අප අවබෝධයෙන් යුතුව දිනපතා ආහාර ගත යුතුය. නිදසුනක්‌ ලෙස දක්‌වතොත් අප උදේ ආහාර සඳහා ගත්තේ පාන් සමග සම්බෝල නම් එහි පිෂ්ඨය සහ මේදය බහුලව ඇත. ඉඳිආප්ප සමග පරිප්පු සහිත උදේ ආහාර වේලක්‌ ගතහොත් එහි පිෂ්ඨය සහ පෝටීන් අඩංගුය. තෝසේ සම්බෝල සහ තෝසේ සඳහා එළවළු මිශ්‍රකර සකස්‌ කළ හොදි සහිත උදේ ආහාර වේලක්‌ ගතහොත් එහි පිෂ්ඨය, මේදය සහ විටමින් අඩංගුය.
    මෙවැනි කුමන වට්‌ටෝරුවක හෝ ආහාර වේලක්‌ උදෑසනට ගෙන දිවා ආහාරය සඳහා බත් ආහාරයට ගන්නේ නම් එහි මාළු, මස්‌ හෝ බිත්තරයක්‌ අඩංගුවීමෙන් සිරුරට අවශ්‍ය සෙසු විටමින් සහ ප්‍රොaටීන් ප්‍රමාණය ලබාගත හැකිය.
    රාත්‍රි ආහාර වේලද ඉතා සැහැල්ලු විය යුතුය. එම ආහාර වේල රාත්‍රි 8.30 පමණ වනවිට ගෙන අවසන් කිරීමට අවධානය යොමු කළ යුතුය.
    ආහාරවේල් අතර පැමිණෙන කුසගින්නට ඉතා සැහැල්ලු ආහාරයක්‌ හෝ පිරිසිදු ජලය වීදුරුවක්‌ පානය කිරීමට හුරු පුරුදු විය යුතුය.
    ආහාර වේලකින් පසු පළතුරක්‌ ආහාරයට ගැනීමට හැකි වේනම් එය ඉතා අගනේය. පළතුරුවල ඇති විටමින් සී ගුණය නිසා අපගත් ආහාරයේ ඇති යකඩ විටමින් වර්ග සිරුරට උරාගැනීමට පහසු වේ.
    අප දවසේ ආහාර වේල් තුන එකම වට්‌ටෝරුවකින් යුතුව සකස්‌කර ගතහොත් ඉන් අපට ලැබෙන්නේ සීමා සහිත පෝෂ්‍ය ද්‍රව්‍ය ප්‍රමාණයක්‌ පමණි. එසේම අනවශ්‍ය ලෙස පෝෂණ ද්‍රව්‍ය කොටස්‌ ශරීරයට එක්‌වීම නිසා ඒවා ශරීරයේ අධික ලෙස තැන්පත් වේ.
    මන්දයත් අප එදිනෙදා සකස්‌ කරන ආහාර වලදී තෙල් වැඩිපුර භාවිත කිරීම, පිෂ්ඨය සහිත ආහාර වර්ග බහුල වීම නිසා මෙහිදී බොහෝවිට සිදුවන්නේ සිරුරට තෙල් සහ සීනි අධික ලෙස ලැබීමය.

    වෛද්‍ය සුරංග දොලමුල්ල
    නියෝජ්‍ය අධ්‍යක්‍ෂ
    උතුරු කොළඹ (රාගම) ශික්‌ෂණ රෝහල
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    The secret of health for both mind and body is not to mourn for the past, nor to worry about the future, but to live the present moment wisely and earnestly.
    ..................................... Buddha