ආහාර පිණිස සතුන් ඝාතනය කිරීම නිවැරදිද?

sirajstc

Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    මේක ටිකක් ලොකු ලිපියක් අනිවා කියවන්න කියෙව්වා නම් ඔබලාට මෙකෙන් යමක් කමක් ගන්න පුලුවන්...
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    අහාරය පිණිස අහින්සක සතුන් ඝාතනය කිරීම කොහෙත්ම පිළිගත නොහැකී සතුන්ටද මිනිසුන් මෙන්ම ජීවත් විමේ අයිතිය ඇත
    කිසිදු කෙනෙක් මම කිව්ව දේ වැරදී කියන එකක් නම් නෑ
     

    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,579
    840
    113
    ''ඝාතනය'' සම්බන්ධයෙන් කථා කරන විට ලොකු කුඩා යන්නෙන් බෙදා වෙන්කිරීමට නොහැක.
    සහතික ඈත්ත මච්න්....
     
    • Like
    Reactions: sirajstc
    හිංසාව සාදාරනීකරණය කරන්න උත්සහගන්නා ලිප&



    මං ඊයේ රෑ මේ මගුල් ලිපිය දැක්ක...
    මේ ලිපියෙන් මේ මිනිස්සුන්ගේ හිත් විකාර කරවලා,
    මස් කන පිරිස තව තවත් වැඩි කරවලා,
    පවු කාරයෝ වෙන්න පුළුවන් තවත් පිරිසක් බිහිකරන්න හදන එක ගැන තරහ ඉවසගන්න බැරුව,
    අමු තිත්ත කුණුහරුපෙන්
    රෑ 12 ඉඳන් උදේ 3 වෙනකම් type කරලා කරලා reply එකක් හැදුව!
    මේක මෙතන දාපු 'sirajstc' ට නෙවෙයි, originaly ලියපු එකාට...

    ලිපියේ මහා ලොකු තර්ක ගෙනාපු වාක්‍යයෙන් වාක්‍යයට reply ලිව්වා!
    ඒක සම්පූර්ණ කරන්න ලැබුනෙත් නැහැ නිදි මත නිසා නිදාගත්තා!
    එත් අද මං හොඳ සිහියෙන් ඉන්න නිසා මං ඒක මේකේ දමන්නේ නැහැ..
    ඒවෙනුවට කෙටියෙන් පැහැදිලිව තමයි ආයේ දැන් මේ උත්තර දෙන්නේ.....


    මේක ලියල තියෙන්නේ,
    "
    සත්ව ඝාතනය කරනවට ඇයි මුස්ලිම් අයට විතරක් චෝදනා කරන්නේ" කියල කියන අදහසින් නම්,
    මට කියන්න තියෙන්නේ,
    ඔව්, මුස්ලිම් නෙවෙයි කවුරු කරත් සත්ව ඝාතනය සම්පූර්ණයෙන්ම වැරදියි....
    සිංහල මුස්ලිම් කියල කුනුහරුපයක් මෙතන නෑ, මරණ කෙනා වැරදියි, ඒක එහෙම තමයි ....

    එත් මෙතන අදහස් කරන්න උත්සහ ගන්නේ,
    "අනිත් අයත් සත්තු මරනවා ඒ නිසා මුස්ලිම් අපිත් සත්තු මාරුවට කමක් නෑ" කියලනම්,
    එහෙමත් නැත්නම්,
    "අනිත
    අයත් කොහොමත් සත්තු මරණව, එනිසා ඒක නවත්තන්න බැරි නිසා, ඕන කෙනෙක් සත්තු මැරුවට කමක් නෑ" කියලනම්
    මට කියන්න තියෙන්නේ,

    'අනිත් අයත් කරනවා' කියන එක නිදහසට කරුණක් විතරයි! මොකද වරද වරදමයි!
    මේ ලිපිය පුරාවටම තියෙන්නේ,
    එක එක අයගේ වැරදි පෙන්නලා අරගොල්ලෝ මෙහෙම කරනවා මේගොල්ලෝ මෙහෙම කරනවා අර බෞද්දයෝ මෙහෙම කරනවා මේ doctorsල මෙහෙම කරනවා,
    වගේ, එක එක උන් කරන වැරදි කියා කියා තමන් කරන වරද සාදාරනීකරණය කරන්න උත්සහ ගැනීමක්මයි.....

    සත්ව ඝාතනය වැරදියි කියල දන්න කෙනා ඒක නොකර ඉඳියි,
    පිළිගන්න කැමති නැති කෙනා සත්තු මර මර ඉඳියි...

    එත් ඒකට, අනිත් උන් හරම කරනවා මෙහෙම කරනවා කියල අනුන්ගේ වැරදි කොහෙත්ම අදාළ නැහැ...
    වරද, වරදමයි,
    ඇත්ත, ඇත්තමයි..

    තම තමන්ගේ තීරණ තම තමන් සතුයි....,
    එත් ඒවායේ විපාක දීම කර්මය සතුයි...



    මේ ලිපිය කියවන අයව තව පැත්තකට ඇදගෙන යන්න හදනවා,
    "හැමෝටම නිර්මාංශ වෙන්න බෑ, ඒ නිසා මේක ප්‍රයෝගික නෑ" කියල..
    මේක මතක තියාගන්න,
    අපි vegetarianල වුනේ මුළු ලෝකෙම මස් කන එක නවත්තන්න නෙවෙයි...
    අපි vegetarian වුනේ අපිට ඇත්ත නැත්ත තේරෙන නිසයි....

    ඒ නිසා 'හැමෝම' කුණුහරපයක් මෙතනට අදාළ නෑ,
    තම තමන්ට ඕන විදියටනේ තම තමන් තීරණ ගන්නේ,
    මුළු ලෝකෙම උන් ජංගි විතරක් ඇඳන් පාරේ යනවා කියල අපිත්
    ජංගි විතරක් ඇඳන් පාරේ යන්න ඕන කියල එකක් නෑනේ!


    මම 'sirajstc ' ටත්, මේවගේ ලිපි දමන අනිත් අයටත් කියන්නේ මෙච්චරයි,
    ඔබතුමා ඔබතුමාගේ මුස්ලිම් ආගමේ කෙරෙන වැරදි වහගන්න හරි, ඒවා වැරදි නෑ කියන්න හරි,
    උත්සහ කරාට අපිට තඹ සතයක කමක් නෑ,
    එත් ඒවා වහගන්න හරි, ඒවා වැරදි නෑ කියන්න හරි, මේ අහිංසක සත්තු ගාව ගන්න උත්සහ කරනවානම් ඒක ඔබතුමාල ඔබතුමාලටම කරගන්න ලැජ්ජාවක්...
    ඒවගේම බොහොම අමාරුවෙන් මස් නොකන ප්‍රතිපත්තිය රැකගෙන ඉන්න පින්වත් මිනිස්සුන්ගේ හිත් නරක කරලා ඒ අයට ආයේ මස් කන්න පුරුදු කරන්න උත්සහ කරන්නෙපා...
    ඔබ තුමාට මස් කන්න ඕනෙනම් කන්න...
    එත් අහිංසක මිනිස්සුන්ගේ හිත් වෙනස් කරලා ඒ අයට මස් කවන්න උත්සහ කරන්නෙපා..

    සත්තු කියල කියන්නේ දෙවියන් විසින් මවල තිබෙන ජාතියක් කියල, සහ, ඒ මවල තියෙන්නේ තමන්ගේ ප්‍රයෝජනයට කියල,
    ඔබ තුමන්ලා හිතන් හිටියට අපි එහෙම හිතාගෙන ඉන්නේ නැහැ කියල ඔබ තුමත් දන්නවා ඇතිනේ...
    ඒ නිසා සතුන්ගේ ජීවිත ගැන මුස්ලිම් ආගමික තර්ක බෞද්දයන්ට කොහෙත්ම ගැලපෙන්නේ නැහැ...

    ඒ නිසා ඔබලාගේ ආගමික විස්වාස පදනම් කරගෙන මේවගේ ලිපි දමන්නේ නැත්නම් වටිනවා...
    මොකද බුදුහාමුදුරුවෝ වදාළ හැටියට සත්තු මැරීම මහා පවක්...
    ඒ නිසා ඔබ මෙතන දමන ලිපි කියවල යම් බෞද්දයෙක් සත්තු මැරුවොත්,
    බුදුදහමේ විස්තර කරන කර්ම විපාක හැටියට ඔහුටත් ගොඩක් කරදර වලට මුහුණදෙන්න වෙනවා..
    ඉතින් ඔවුන්ව එවැනි ඉරණමකට පත් කරන්න ඔබ කැමති නැහැනේ....
    ඒ නිසා "හිංසාව සාදාරනීකරණය කරන ලිපි" නොදමන මෙන් මම ඉතා ඕනෑකමින් හා ගෞරවයෙන් ඉල්ලා සිටිනවා...

    ඔබට හොඳක්ම වේවා...
     
    • Like
    Reactions: ruwantheekshana