ආහාර මාෆියාවෙන් ගැලවෙමු

Misha_K

Member
Oct 23, 2017
1,150
1,616
0
ආහාර මාෆියාවෙන් ගැලවෙමු

H0O3tIB.jpg



1) චිකන්

ඉතාම කෙටියෙන් කුකුලා ගැන කිව්වොත් ක්ලෝස් හවුස් සිස්ටම් එකට දවස් 21-30 අතර මාකට් එකට එනවා. දවස් 1,12,14,19,25න් වැක්සින් සීරිස් එකක් යනවා. 25 එක නොදුන්නොත් 19න් දෙනවා 25 එකත් අල්ලලා ඩබල් කරපු හොට් වැක්සින් එක. ඊට පස්සේ මුල් දවසේ ඉදන් ඇන්ටිබයෝටික් එක්ක තව ඩ්‍රග්ස් දවස් 5ක් යනවා එක දිගටම. ඒක ඉවරුනු ගමන් ඊලග එක පටන් ගන්නවා සෙමට. ඒක ඉවරුන ගමන් පටන් ගන්නවා විටමින්. එකත් ඉවරුන ගමන් රස්නෙට බෙහෙත් දෙනවා. ඔය අතරේ ලෙඩ උනාමත් එක එක මගුල් දෙනවා.

උදාහරණයක් විදියට දවස් 21ක් ජීවත් උනු කුකුලෙක් ඒ දවස් 21ටම ඩ්‍රග්ස් නැතුව පිරිසිදු වතුර විතරක් බොන්නේ අඩුම දවස් 2,3ක් කීවොත් පිලිගන්නවද? අර දවස් 21 වෙනකොට මොන තරම් ඩ්‍රග්ස් ඇගේ සාන්ද්‍ර ද?

ඒ විතරක් නෙමේ බූස්ටර්, ස්ටාටර්, ග්‍රෝවර්, ෆිනිශර් විදියට යන ෆීඩින් රැශන් එක සතාගේ බර ගන්නම හදපු ෆීඩ් එකක්. එකේ මොන තරම් අහිතකර දේවල් තියෙනවද?

තව නොදත් කරුණක් කියන්නම්.අර 19න් දෙන වැක්සින් එක දුන්නම සමහර වෙලාවට එදාම ඒ සත්තු මාකට් එකට කොලඹට ඕන තරම් එන දවස් තියෙනවා. සතා පෝස්ට් මෝර්ටම් කලාම බලාගන්න පුලුවන් සතාගේ වැක්සි බූස්ට් පවා තිබෙනවා ඇඟේ. එතකොට අර වැක්සින් වියැකෙන්නත් මත්තේන් පිගානට එනවා නේද?

ඒ විතරක් නෙමේ ගම්බෝරෝ, රැනිකට් වගේ ලෙඩ හැදිලා මැරිලා යන කුකුලන් ඉතා අඩු මිලට හෝටල් වලට හා සවස රයිස් ,කොත්තු කඩවල් වලට අරන් යනවා. ඒවා තමයි ඔය රයිස් එක100,120 ට දෙන්නෙ කුකුල් ගාතයක් එක්ක.

● ඇපල්, දොඩම්, අඹ, ගස්ලබු, බයිට්ස් වර්ග, කුකුළු මස්, වම්බටු, තක්කාලි, තිබ්බටු, අධි සාණ්ද්‍ර පැණි බීම ඔය ඔක්කොම වස තමයි.

● බයිට් වලට තෙල් තාච්චුව උතුරපු ගමන් මෙගා බෝතලේ දානවා. අපි රස කර කර ඒක කනවා.

● වම්බටු, තක්කාලි, තිබ්බටු වගේ ඒවා හොඳට කනවා. කෙටිකාලීන මාංසල භෝග වස නාලා කඩේට එන්නේ.

● ගම්මිරිස් වලට ගස් ලබු ඇට දානකොට ,මිරිස් කුඩු වලට සායම් දානකොට,කහ කුඩු වලට මෙතැනිල් කහ දානවා.

● හොඳ හාල් වලට කෑලි හාල්, සුදු කල සත්ත්ව ආහාර හාල් එකතු කරනවා.

● පොල්තෙල් වලට පාම් තෙල් කලවම් කරනවා.

● හොඳ බත් එක මරාගෙන ඒකට අජිනමෝටෝ,ඌරු තෙල් දාගෙන කඩේට ගිහින් ෆ්‍රයිඩ් රයිස් කියල තොල පිනවගන්නවා.

● දිවුල් ඉදවන්නේ මඩේ දාලා. අලියා ගිල්ල දිවුල් එලියට එනකොට එම්ටි. මඩේ දාලා ගත්තම සුපිරි.

● හොඳ තේ කුඩු වලට එකතු කරන්නෙම අයින් කරන කසල තේ කුඩු.

● රස කර කර කන කරවල වල ෆෝමලින් එමට. සමහරු බැටරි ඇසිඩ් හිටන් දානවා.

● මාලුවලටත් සමහරු ෆෝමලින්, දිස්නයට කෙමිකල්, පරණ මාලු වලට අලුත් මාලුන්ගේ ලේ දාලා දෙනවා. මාළු ලෑලි වල මාළු වලට මැස්සො වහන එක නවත්වන්න මදුරු නාශක දියර වතුරට දියකරලා ඉහිනවා. කොහොමද මෙටෝෆ්ලූතීන් වැනි රසායනික ශරීර ගතවුනාම.

● තව, කොස් කපලා විකුනන තැන්වල කොස් ඉදෙන එක වලක්වන්න කොස් මදුලු හාපික් දියකරපු වතුරෙ ඔබලා ගන්නවලු.

● ගස්ලබු වල ඉදුන බව හඟවන්න, කාබයිඩ් ඇඟිලි තුඩුවල තවරගෙන, ගස්ලබු ගෙඩිය වටේ ඉරි පහ හිටින්න අදිනවා. ඒ තැන් විතරයි කහපාට වෙන්නෙ. එතකොට මුලු ගෙඩියම එකවර කහ පාට නොවන හින්දා ගහෙන් ඉදිලා කැඩුව වගේ. උග්‍ර පිළිකා කාරකයක් වන කැල්සියම් කාබයිඩ් අංශු ශරීර ගතවෙනවා.

● කිරි වලට මෙලමයින් දානවා උකුබව පවත්වා ගන්න.


ඇත්තටම මෙහෙම බැලුවම කන්න හොඳයි කියලා කිසිම දෙයක් නෑනේ.. මිනිස්සුන්ට වඳ වෙන්න අමුතුවෙන් බෙහෙත් දෙන්න ඕන වෙන්නේ නෑ,
මේ කන වස විස වලින් ඒ වැඩේ කෙරෙනවා නේද? හැබැයි කවුරුත් මේවා ගැන කතා කරන්නේ නැ.
ඔයාලට මතක ඇති රැසියාවේන් ලංකාවේ තේ ආනයනය කරන එක නතර කරා තේ කොළ වල කුරුමිණියෙක් හිටියා කියලා.
කොහොමත් වෙන රටවල් වල ආහාර පිලිබඳ නීති තදයි... දුක තමයි ලංකාවේ අපිට කිසිම දෙකින් හොඳක් නම් නෑ!


- අන්තර්ජාලයෙන් -
 
  • Like
Reactions: ACHIK

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    our current population is not in a position to follow restrict rules regarding foods. and our future population would not be in a position to follow any rule at all regarding foods. if this is to be solved, our only hope is a widespread control of population growth. let's hope this foods would do it. otherwise we are doomed in ways that are way worse than this.
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    our current population is not in a position to follow restrict rules regarding foods. and our future population would not be in a position to follow any rule at all regarding foods. if this is to be solved, our only hope is a widespread control of population growth. let's hope this foods would do it. otherwise we are doomed in ways that are way worse than this.

    ehema barilune..
    hambayo lamayi hadana nisa ape unuth hadaagena hadagena yanna onalu..
    kisima paalanayak na..
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ehema barilune..
    hambayo lamayi hadana nisa ape unuth hadaagena hadagena yanna onalu..
    kisima paalanayak na..

    ඒ හදන උන් හිතන හැටි :yes: පරිසරයෙන් ඒක ඉබේම පාලනය කරනව :yes: හැබැයි පරිසරෙන් පාලනේ කරන්න ගත්ත දාට උපත් පාලනේ කලා වගේ නෙමේ හොඳින් කියන්නෑ සෑහෙන්න අමාරු වෙයි :sorry:
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ඔය ඔක්කොම කරලා තම්බි වඳ පෙති දානවා කියල බෙරිහන් දෙනවා :lol::lol:
     

    Vitaski119

    Active member
  • Aug 29, 2017
    311
    142
    43
    ‌අතන
    BUMP ඔය තෙල් තාච්චියට ප්ලාස්ටික් දාන කතාව බොරුවක් කියල මම අහල තියෙනව.. හරියටම නම් කියන්න දන්නෙ නෑ ඒ ගැන.. කොහොම උනත් පෝස්ට් එක පට්ට..
     

    Misha_K

    Member
    Oct 23, 2017
    1,150
    1,616
    0
    BUMP ඔය තෙල් තාච්චියට ප්ලාස්ටික් දාන කතාව බොරුවක් කියල මම අහල තියෙනව.. හරියටම නම් කියන්න දන්නෙ නෑ ඒ ගැන.. කොහොම උනත් පෝස්ට් එක පට්ට..

    ඔය දාලා තියෙන ඒවගෙන් ගොඩක් දේවල් නිව්ස් වලටම කියලා තියෙනවා..