ආ_යූ_ෆ්රොම්_ඇමෙරිකා
මේ සීන් එක උනේ මම අන්තිමට ලංකාවට ආව වෙලාවෙ. අපි දැන් ඔන්න දවසක් ඉරිදා උදේ කොළඹ ඉඳන් බලපිටියට එනව මාදු ගඟේ බෝට් රයිඩ් එකක් යන්න. බෝට්ටු කාරයා ෆෝන් එකෙන් කතා කරපු වෙලේ කැමති උනා අපිව දූපතක දාල ගිහින් අපි කෝල් කරාම ඇවිත් පික් කරන්න.
ඉතින් දූපතකට වෙලා කොල්ලො සෙට් එකක් මොන මගුලක් කරන්නද. අපි ගියේ කාර් තුනක. අනිත් උන්ට යන්න කියල අපි නැවැත්තුව "රට බීම හල"ක. මට තමා යන්න උනේ ගිහින් බඩු අරන් එන්න.
මම ගිහින් බොන්න දේවලුත් අරන් ඇවිත් කාර් එකට නැග්ග. කාර් එක යන්න හදද්දි වයසක බුවෙක් දුවන් ඇවිත් මගේ පැත්තෙ වීදුරුවට තට්ටු කරනව. මම වීදුරුව ඇරියා. පොර කන පැලෙන්න ගහල ඉන්නෙ.
පොර : සර් බ්ලා...හ් බ්ලා...........හ්
මම : මොකක්?
පොර : සර් ආ යූ ෆ්රොම් ඇමෙරිකා
මම : නෑ නෑ මම කොළඹ
පොර : නෝ සර් යූ ආ ලයිං. යු ආ ෆ්රොම් ඇමෙරිකා
මම : පිස්සුද අංකල් මම කොළඹ කිවුවට කොළඹම නෙමේ මාලබේ
කොහෙද මේක දැන් මම කිවුවට පිලිගන්නෙම නෑ. අනික මූ කාර් එකේ එල්ලිලා ඉන්නෙ. දැන් මේ දෙබස දිගට යනව. කාර් එකේ ඉන්න අනිත් උන්ට හිනහයි. දැන් මේ අංකලයව හලා ගන්න විදියකුත් නෑ. අපි ඇරල ගියොත් මූ අපේ කාර් එකටම යට වෙයිද කියලත් ශුවර් නෑ. ඔය අස්සෙ මට අයිඩියා එකක් ආව.
මම : අංකල් දැන් පිලිගන්නෙම නැහැනෙ මම ඇමරිකාවෙ නෙමෙ කියල
පොර : එක්සැක්ලි
මම : අංකල් දැන් මෙච්චර වෙලා ඔයා කඩ්ඩෙන් කොටද්දි මම සිංහලෙන් නෙ කතා කරේ
පොර : අයෑම් එක්ට්රීම්ලි සොරි සර්, බට් යූ ආ කරෙක්ට්
ඔන්න ඔහොමයි අපි එතනින් ආවෙ.