ඇක්ටිව් කාබන්

Dr.Rosheen

Well-known member
  • Dec 11, 2016
    505
    737
    93
    this account is no longer active.
    ඇක්ටිව් කාබන් ගැන ඔබ දැනුවත්ද?


    සබන් ෆේස් වොෂ් සිට දැන් දැන් කෑම වලදිත් අැක්ටිව් කාබන් හමුවෙනවා. මොනාද මේ ඇක්ටිව් කාබන් කියන්නේ?

    ඇක්ටිව් කාබන් ලෙස බොහෝ දෙනා දනිතත් මෙය හැදින්වීමට වඩාත් සුදුසු යැයි මා සිතන්නේ සක්‍රීයක අඟුරු (activated charcoal) ලෙසයි. අඟුරු යනු කාබන් වල ස්වරුපයක් වන අතර පොල්කටු, දැව වැනි කාබන් අධික ද්‍රව්‍ය අර්ධ දහනයෙන් ඉතිරිවන අස්ඵටිකරූපි ‘‘කාබන්‘‘ සහිත සවිවර කළු පැහැ ශේෂයන් වේ. අඟුරු භෞතික හා රසායනික ක්‍රියාවලියකට භාජනය කිරිමෙන් සක්‍රීය කල අඟුරු (activated charcoal) සාදාගනි.

    අඟුරු වල සැකැස්ම අනුව එහි මතුපිට ඉතා කුඩා විවර (pores) ඉතා විශාල ප්‍රමාණයකින් සමන්විත වේ. මෙම සිදුරු මගින් මතුපිට පෘෂ්ඨ වර්ගඵලය අතිශයින් වැඩි කරයි. ආසන්න ලෙස ග්‍රෑම් එකක කාබන් අඟුරු මත වර්ගමීටර් දහස ඉක්මවූ ක්ෂේත්‍රඵලයක් ඇතැයි පැවසේ. මෙමගින් අධික ලෙස බාහිරට නිරාවරිත සක්‍රිය කලාපයක් ඇතිකරයි.

    මෙසේ නිරාවරිත අධික පෘෂ්ඨික ක්ෂේත්‍රඵලය මත අනෙකුත් අණු/සංයෝග වර්ග, අධිශෝෂණය (adsorption) යටතේ බැදී සිරකරගැනිමේ හැකියාවක් පවති. එනම් විවිධ අංශූන් හා සංකීර්ණ අණු වැන්ඩවාල් බල වැනි අන්තර් අණුක ආකර්ෂණ බල යටතේ අඟුරු වල පෘෂ්ඨයට බැදිම සිදුවේ.

    පැරැන්නන් විසින් ළිං තුලට පිරිසිදු අඟුරු දමන බව ඔබ අසා ඇති. විද්‍යාත්මක දැනුමකින් තොරව උවද ඔවුන් එසේ අඟුරු ජලයට එක් කිරිම මගින් ළිදේ ජලය පිරිසුදු කරගැනිමට හැකියාව ලැබේ. මක් නිසාද යත්,ඉහත අධිශෝෂණ ක්‍රියාවලිය යටතේ බැදීමෙන්, ජලයෙහි යම් අපද්‍රව්‍ය හා රසායනිකයන් වෙතොත් ඒවා ඉවත්කර ජල පවිත්‍රකරණ ක්‍රියාවලියක් සිදුකරයි.එම නිසා වර්තමානයේ බොහෝ ජල පෙරණ වලද සක්‍රීය කාබන් අඩංගු වේ.

    සක්‍රීයකල කාබන්, විසවීම් හා ඖෂධ අධිමාත්‍රයන්ගෙන් ශරිරගත වූ අවස්ථාවල ඒවා ඉවත්කිරිම සදහා ද යොදාගනි. වෛද්‍ය උපදෙස් මත සිදුකල යුතු ප්‍රතිකාරයක් වන අතර සාන්ද්‍ර අම්ල භෂ්ම හෝ සයනයිඩ සදහා ප්‍රතිපල රහිතය.

    (විදේශයන් හී) ඇතැමෙක් ඇක්ටිව් කාබන්, මත්බව අඩුකරගැනිමට, ආහාර මාර්ගයේ වායු ඉවත්කිරිමට හා කොලෙස්ටරෝල් මට්ටම් පහත දමාගැනිමේ අරමුණින් භාවිතා කලද, මෙතෙක් ඒවා වෛද්‍ය විද්‍යාත්මකව සනාථ වී නැත.

    විටෙක ඔබ භාවිතා කරන දන්තාලේපයේ හා මුහුණු ආලේපන වල කාබන් අඩංගු යැයි සදහන් ව ඇති. සක්‍රීයකල අඟුරු භාවිතයෙන් දත් සුදු වන බවට කැපි පෙනන ප්‍රතිපල සහිතව මෙතෙක් සනාථ වී නොමැත. සමේ / මුහුණේ ආලේපන වල කතාවත් එයමයි.

    activated charcoal පිලිබදව දැනටත් බොහෝ පරික්ෂණ සිදුවෙනවා. ඉදිරියෙදි තව තව වැඩ බලාගන්න පුලුවන් වෙයි.

    දැනගෙන භාවිතා කරන්න!
    ‘‘අගුණක් නැතත් ගුණයක් නැති‘‘ දෙයකට මඩිස්සලේ හොල්ලන්න උත්සුක වෙන්න එපා!

    - Roshin Fernando

    බ්ලොග් ලිපිය මෙතනැනින්
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    ඕව ඉස්සර ඉදන් යූස් කරනවා නේද ගද නැති කරන්න
    උදාහරනයක් විදියට ෆ්‍රීජ් එකේ මස් මාලු ගද නැති කරන්නම ඇක්ටිව් කාබන් වලින් හදපු ප්‍රොඩක්ට් තියනවා
     

    Dr.Rosheen

    Well-known member
  • Dec 11, 2016
    505
    737
    93
    this account is no longer active.
    ඕව ඉස්සර ඉදන් යූස් කරනවා නේද ගද නැති කරන්න
    උදාහරනයක් විදියට ෆ්‍රීජ් එකේ මස් මාලු ගද නැති කරන්නම ඇක්ටිව් කාබන් වලින් හදපු ප්‍රොඩක්ට් තියනවා

    ඔව්. වායු පිරිපහදු සදහා භාවිතා කරනවා
     

    aladin89

    Well-known member
  • Dec 29, 2017
    1,430
    256
    83
    Activated Carbon wala aplication godak tiyenawa.
    1. Water Purification
    2. Air Purification- Cabin filters in vehicle
    3. Heavy metal extraction - ex:- Gold recovery
    4. Energy/Fuel Storage
    5. Chemical purification
    6. Gas purification
    7. Cosmetic....etc
    8. Nuclear

    lankaweth company dekakin activated carbon manufacture karanawa polkatu aguru use karala.
    Gold recovery karanna ganna Activated carbon 1MT price eka 2000USD walatath wada wedi.
    :shocked::shocked::shocked:

    "දැනගෙන භාවිතා කරන්න!
    ‘‘අගුණක් නැතත් ගුණයක් නැති‘‘ දෙයකට මඩිස්සලේ හොල්ලන්න උත්සුක වෙන්න එපා!"

    gunayak nethnam mewage loku mudalakata pitarawal walin mewa salli deela ganne ne neda ?
     
    Last edited:

    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,088
    2,977
    113
    ::0
    elakiri.com
    Ultracerbon_F_1600x1600_large.JPG


    මොනව උනත් කාබන් පෙත්ත නම් මරු බඩේ අමාරුවට​
     

    Dr.Rosheen

    Well-known member
  • Dec 11, 2016
    505
    737
    93
    this account is no longer active.
    Activated Carbon wala aplication godak tiyenawa.
    1. Water Purification
    2. Air Purification- Cabin filters in vehicle
    3. Heavy metal extraction - ex:- Gold recovery
    4. Energy/Fuel Storage
    5. Chemical purification
    6. Gas purification
    7. Cosmetic....etc
    8. Nuclear

    lankaweth company dekakin activated carbon manufacture karanawa polkatu aguru use karala.
    Gold recovery karanna ganna Activated carbon 1MT price eka 2000USD walatath wada wedi.
    :shocked::shocked::shocked:

    "දැනගෙන භාවිතා කරන්න!
    ‘‘අගුණක් නැතත් ගුණයක් නැති‘‘ දෙයකට මඩිස්සලේ හොල්ලන්න උත්සුක වෙන්න එපා!"

    gunayak nethnam mewage loku mudalakata pitarawal walin mewa salli deela ganne ne neda ?

    කාර්මික අතින් ඇක්ටිව් කාබන් වලට හොද ඉල්ලුමක් තියනවා. ඒක නැ කියන්නැ.
    ගුණය සම්බන්දයෙන් මා අදහස් කරන දෙය ඔබ මුදල සමග පටලවාගෙන.
    වෛද්‍ය විද්‍යාත්මක අතින් කෙරෙන පරික්ෂණ වලින් ඇක්ටික් කාබන් බාවිතයන් වල සාධනිය ප්‍රතිපල තවමත් පෙන්වනවා අඩුයි. මේක වගකිමෙන් කියන්නේ මොකද ඒක මගේ ක්ෂේත්‍රය නිසා.

    ඉන්ඩස්ට්‍රි හා කොස්මෙටික් වලට තියන ඉල්ලුම තමයි ඔච්චර මිලක් නියමවෙන්නේ.
    අනික කොස්මෙටික් මත බිල්ඩ්වෙලා තියෙන වෙලද රැල්ල තමයි ඉල්ලුම හදන්නේ.
    වෛද්‍ය විද්‍යාත්මක බැලුවත් ඇක්ටිව් කාබන් වලින් දත්සුදු කරන එකවත් හම ලස්සන කරන එකවත් ගැන පැහැදිලි සාක්ෂි ඇතුව ඔප්පු වෙලා නැ.

    කොස්මෙටික් යුස් එක දරුණූම මාකටින් රැල්ලක්.