පුද්ගලභාවයෙන් යුතුව කාමයේ වරදවා හැසිරීමට වඩා මනුෂ්‍යාව කාමයේ වරදවා හැසිරවීමට පෙලබවීම් ඇති කරන පිරිස් සිටිනවා. නවීන තාක්ෂණික ක්‍රම වේදයන් හරහා මනුෂ්‍යයා කාමස්වාදයේ ගොදුරු බවට පත් කරන ඉහත පිරිස් වලින් බොහොම ප්‍රවේශම්වන්න ඕන. වයස් භේදයකින් තොරව තාක්ෂණික මෙවලම් මනුෂ්‍යයා පංචනීවරණ වල වහලෙක් බවට පත් කර තිබෙනවා. තාක්ෂණික මෙවලම් තුලින් මනුෂ්‍යයාට කතා කරන ලෝකය ලජ්ජා භිය හීන වී ගිය ලෝකයක්. බුදුරජාණන් වහන්සේගේ කාලයේ නටගාමිණි කියලා තරුණයෙක් හිටියා. එදා දඹදිව හිටපු හොදම නාට්‍ය ශිල්පියා තමා නටගාමිණි . බොහොම කඩවසම් රංගන හැකියාවෙන් පරිපුර්ණ තරුණයෙක්. මේ නටගාමිණි බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කරනවා මගේ ගුරුවරුන් මට උගන්වලා තියෙන්නේ අපි වගේ මනුෂ්‍යයින්ව සතුටු කරන අය මරණින් පසුව පායාස කියන දිව්‍ය ලෝකයේ උපත ලබනවා කියලා. නටගාමිණි එම ප්‍රශ්ණය අවශ්‍ය නැතැයි බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. නටගාමිණි දෙවැනි වතාවටත් තෙවැනි වතාවටත් එම ප්‍රශ්ණය බුදුරජාණන් වහන්සේගෙන් විමසා සිටියා. තුන්වැනි වතාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නටගාමිණි මනුෂ්‍යයාව කාමච්ජන්දයට යොමු කරවන අය මරණින් පසුව පායාස කියන නිරයටයි වැටෙන්නේ කියල. නටගාමිණි කලාකරුවාට ලොකු වැරදීමක් වෙලා තිබුණා. ඔහු සිතාගෙන සිටියේ මනුෂ්‍යයින්ව විනෝද කරලා විහිළු කරලා පායාස කියන දිව්‍ය තලයට යන්න. නමුත් බුදුරජාණන් වහන්සේ දේශණා කරනවා පායාසය කියන්නේ දිව්‍ය තලයක් නොව නිරයක් කියලා. කල්‍යාණ මිත්‍ර ඇසුර නොලැබුණ නිසාම නටගාමිණි කලාකරුවා උතුම් පැවදිභාවයට පත් වෙනවා. මෙතෙක් ලෝකයාගේ රසාස්වාදය උදෙසා හැඩ වැඩ කොට ප්‍රදර්ශණය කල තම සුන්දර රුපය පාන්ශුකුල චීවරයකින් වසා ගන්නවා. කල්‍යාණ මිත්‍ර ඇසුර නිසාම පායාස නිරයට වැටෙන්න සිටි මනුෂ්‍යයෙක් ධර්මයේ සැනසීම ලබනවා.
ලෝකයේ මනුෂ්‍යා කාමච්ජන්දයට පොළඹවන ව්‍යාපාර පුද්ගලයින් වැඩිවෙන්න වැඩිවෙන්න නිරයන් අතරින් පායාස නිරයේ ජනගහණය වැඩි වෙනවා. ලෝකයාව රසාස්වාදයෙන් කුල්මත් කරන නෝනා මහත්වරුන් මිය ගිහින් පායාසයේ අදුරට වැටෙනවා. එක්තරා භික්ෂුවක් උතුම් සමාධිය තුලින් පායාස නිරය අරමුණු කොට බලනවා. භික්ෂුවට දර්ශනය වෙන්නේ පායාස නිරයේ සිටින නිරිසතුන් ඇටසැකිල්ලක් ලෙසයි. ශරීරයේ මස් නැහැ. මනුෂ්‍යය ජීවිතයේදී තම ශරීරයේ අගපසග, මස නිත්‍ය වූ සැපයක් සතුටක් හැටියට ලෝකයාට පෙන්වීම නිසාම තම අගපසග ලෝකයාගේ කාමාස්වාදය උදෙසා යෙදවීම නිසාම ශරීරයේ හැඩය, වර්ණය, රිද්මය තුලින් ලෝකයාව මුලාවට පත්කිරීම හේතුවෙන්ම පායාස නිරයේ නිරිසතුනට ශරීරයේ මස් ලැබිලා නැහැ. ඇටසැකිල්ලක් හැටියටයි උපත ලබන්නේ. අතීත භවයන්හි කල පින්කම් නිසාම ඔබට ලැබුණු ලස්සන සුන්දර රූපය නිසා තමනුත් මෝහ මුලිකව කාමස්වාදයන්ගෙන් මත්වී අනුන්වද මෝහයෙන් මුලා කිරීම නිසාම පායාස නිරයේ නිරිසතුන්ට ශරීරයේ මස් ලැබී නැහැ.
වර්තමාන සමාජයේ ටියුෂන් යන දැරුවාගේ පටන් වැඩිහිටි අය දක්වාම ශරීර මාංශය හිර කොට තද කොට ඇදුම් අන්දවා මසම ලෝකයට පෙන්වනවා. තමන් කාමච්ජන්දයන් සකස් කොට අනුන් තුලද කාමච්ජන්දයන් සකස් කිරීමේ බරපතල අකුසලය නිරතුරුවම සිදුකරගනිමින් පවතිනවා. පිංවත් මනුෂ්‍ය ඔබ ඔබේ ඔය උණුසුම් මස අකුසලයට යොමු කලොත් මස් නැති ඇටසකිල්ලකුයි පායාස නිරයේදී ලැබෙන්නේ. ඔබ පායාස නිරයේ ඉපදී සිටින ඇටසැකිලි නිරිසතුන් ගැන සිතලා බිය ඇති කරගන්න. පායාස නිරයේ ජීවත් වෙන තවත් එක් නිරිසතෙක් සිටිනවා. ඔහු හම ගැසූ නිරිසතෙක්. ඔබට උදාහරණයක් කියන්නම් මනුෂ්‍යයෙක් අරගෙන ඔහුගේ මතුපිට සිනිදු සම පමණක් ගලවා දැමු මස්, ලේ, නහර මතුවී පෙනෙන ශරීරයක් ඔබට පෙනේවි. මෙන්න මේ නිරිසතාත් හම ගහපු නිරිසතෙකු වශයෙනුයි පායාස නිරයේ ඉපදී සිටින්නේ.මේ සියලු දෙනාම ගිය ජීවිතයේදී මනුෂ්‍යාව කමාච්ජන්දයට යොමු කරපු නෝනාවරු මහත්වරු.
මේවා ඔබ කමටහනක් කොට ගන්න. පින්වත් ඔබ පරිස්සම් වන්න. වර්තමාන සමාජයේ හොදම ආදායම් ලබන ධන උල්පත් බවට පත්වී ඇත්තේ මනුෂ්‍යායාට කාමාස්වාදය ලබාදෙන උපකරණ හා ව්යාපාරයන්මයි. මේ සෑම ව්‍යාපාරයකම අවසාන ඉලක්කය මනුෂ්‍යයා කෙටි ආශ්වාදයකින් මත්කොට තම අරමුණු ඉටුකර ගැනීමයි.මෙවැනි ව්‍යාපාර වලින් කෝටිගණන් මුදල් ගොඩ ගැසුනද එම සල්ලි කොළ අවසානයේ පාවඩ එලන්නේ පායාස නිරයට බවයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. වසර හැත්තෑවක් වැනි කෙටි ජීවිත කාලයක් තුල පිංවත් ඔබ නිදි නොලබා වෙහෙස මහන්සි වී ලෝකයාට කාමාස්වාදය ලබාදෙමින් අවසානය සකස්කොට ගන්නේ පායාස නිරයට නම් ඔබ තවමත් ප්‍රමාද නැහැ. නැවත සිතන්න. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ උතුම් සම්මා සම්බුද්ධ ඥානයෙන් දැකලයි නටගාමිණි තරුණයාට පායාස නිරය ගැන දේශනා කරන්නේ. ඉහත යථාර්ථය තේරුම් ගෙන අනුන් කාමාස්වාදයෙන් මත් කරවන ව්‍යාපාරයන්ගෙන් මිදෙන්න. මේ ශරීරය වෙනස් වන දෙයක්. සැපයක් ලස්සනක් රිද්මයක් තිබෙන්නට බහ. පිංවත් ඔබ නොදැනුවත් භාවය නිසාම මේ රූපය නිත්‍ය සැපයක් රස ගුලාවක් ලෙස ලෝකයාට පෙන්නුවහොත් පිංවත් ඔබ අධර්මයමයි ලෝකයට පෙන්නන්නේ. කාම සිතිවිල්ලක් සිතට නැගෙන කොට නිතරම අසුභ සංඥාවන සිතේ ඇති කර ගන්න. පිංවත් ඔබ සුන්දරයි කියලා දකින ඔය රුපය තුලින් සෙම්, සොටු, අසුචි, මුත්‍රා මතු කොට ගන්න. කාමයන්ට බැදෙන කොට රූපය අසුචි ගොඩක් වශයෙන් දකින්න.
ඔබගේ ශරීරය අට්ඨික සංඥාවෙන් දකින්න. අට්ඨික සංඥාව කියන්නේ ඇටසැකිල්ලක් වශයෙන් රූපය දැකීමයි. මනුෂ්‍ය ජීවිතයේදී රුපය වැරදි විදිහට ප්‍රයෝජනයට ගත්ත පායාස නිරයේ නිරිසතුන්ට උපතින්ම ඇටසැකිලි ජීවිතයක් ලැබිලා තියෙන්නේ. අකුසලය විසින්ම මස පිච්චිලා. ඇටසැකිල්ල තිබුනත් එම නිරිසතුන් අට්ඨික සංඥාව කියන්නේ මොකක්ද කියලා දැන් දන්නේ නැහැ. පින්වත් ඔබ අට්ඨික සංඥාව පුහුණු කරලා කාමයන්ගේ ආශ්වාදයේ නිසරු බව දැක්කොත් නැවත කවදාවත් පායාස නිරයේ හම ගහපු නිරිසතෙක් ඇටසැකිලි නිරිසතෙක් වෙන්නේ නෑ. සංස්කාර ඒ තරමටම සාධාරණයි. ආශ්වාදයට වඩා ආදීනවය ගැඹුරු කොට දෙනවා. මේසා ගැඹුරු බියකරු ලෝකයක් අප ඉදිරියේ තිබියදී සංසාර බිය දකින්නේ නැහැ. මුළු ලෝකයම වන්දනා කරන තරු පංතියේ මිනිසුන් පායාස නිරයට වැටෙන කොට අපිට මොකක් වේවිද කියලා නුවනින් මෙනෙහි කරන්න ඕනේ. මේ සටහන පින්වත් ඔබට සිතන්නයි තැබුවේ. මොකක්ද ඔබ සිතන්න ඕනේ. කාමයන්ගේ බියකරු ආදීනවයන්මයි සිතන්න ඕනේ. ආශ්වාදයට අත වනන පාපකාරී සිතුවිලි වලින් බැහැර වෙන්න ඕනේ. එම රාත්‍රිය ඔබට යහපත් රාත්‍රියක් වේවි.