"ඇගේ ඇස අග" - මැයි 13 සිට සීමිත දින ගණනකට
අශෝක හඳගම ගේ නවතම සිනමා නිර්මාණය 'ඇගේ ඇස අග' මැයි මස 13 වෙනිදා සිට කොළඹ රීගල් ඇතුළු ප්‍රධාන පෙලේ සිනමාහල් වල සීමිත දින ගණනකට ප්‍රදර්ශනය අරඹයි.
ස්වර්ණා මල්ලවාරච්චි වසර විසි ගණනකට පසු ප්‍රධාන භූමිකාවක් නිරූපණය කරමින් නැවත සිනමා රංගනයට පිවිසෙන මෙම චිත්‍රපටය.
ස්වර්ණා සමඟ සුප්‍රකට බෙංගාලි නළු ද්රිතිමාන් චැටර්ජි සමඟ හඳුන්වාදෙන රිතිකා කොඩිතුවක්කු සහ සඳලි ඈශ් මෙම චිත්‍රපටයේ ප්‍රධාන භූමිකා පන ගන්වයි.
චිත්‍රාල් සෝමපාල සංගීතවත් කර ගායනා කරන ජනප්‍රිය 'ඇහැරෙන්න' ගීතය 'ඇගේ ඇස අග' චිත්‍රපටයේ තේමා ගීතයයි.
එමෙන්ම කොළඹ රීගල් සිනමා ශාලාවේ 13 වෙනිදා සවස 06:30 ට පැවැත්වෙන මංගල දර්ශනය මහජන දර්ශනයක් ලෙසද තිරගතවන බැවින්, එම විශේෂ දර්ශනය චිත්‍රපට කණ්ඩායම සමඟ නැරඹීමට ප්‍රේක්ෂකයින්ට අවස්ථාව ඇත.
Trailer:
https://www.youtube.com/watch?v=mDA_qOmNJF4