ඇගේ මිල

$hiñe

Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    එදා මිතුරකු
    සමඟ ආ ඔබ
    හමු උනා මා
    අඳුරු රාත්‍රියක

    අඳුරු සීතල රැය
    ගිනියම් කලා ඔබ
    සුසුමට තුරුළුව
    එළි උනේ රාත්‍රිය
    මුසපත් වී මා
    රාගයෙන් ඔබ සමඟ

    ගත උන දින දින
    ලං උනා මා ඔබට
    හැම රෑම අපි
    එක් උනා
    සතුටක්ද
    දුකක්ද
    වේදනාවක්ද
    කියාගන්න බැරි
    හැඟීමකින්

    මා ඔබ සොයා
    එනවා නිරතුරුවම
    කාසි පඬුරු පොදි
    කොහෙන් හෝ
    සොයාගෙන
    ඔබ නැති මොහොත
    හඬමි මා තනියම
    වෙවුලමි ඉකිබිඳිමි
    දරාගත නොහකිව

    මොණරු නැති මේ රැය
    ඔබ ගිහින් මා අතහැර
    ඇයි උරුම කලේ මට
    මෙවන් රුදු දවසක්

    වෛර කරමි උඹට
    ඇය මා එක් කළ
    පාප මිත්‍රය

    ඇය 'හෙරොයින්'
    ඇගේ මිල ඔබේ ජීවිතයයි


    Rain-Room-011.jpg