ඔන්න එක කාලෙක හිටිය රජෙක්, මේ රජා කැමතියි දඩයම් කරන්න.
ඉතින් ඔන්න දවසක් දඩයමේ යනකොට රජතුමා විද්ද ඊතලයක් ගිහින් වැදුන දිවියෙක්ට.
රජතුමා දුවල ගිහින් බැලුව ඊතලය වැදුණු දිවියා මැරිලමද කියල.
වැටිලා හිටිය දිවිය එකපාරටම නැගිටලා රජතුමාට පැන්න. ළඟ හිටපු රජාගේ සේවකයා ඉක්මනින් ක්රියාත්මක වෙලා දිවිය මරල දැම්ම.
හැබැයි ඒ වෙනකොටත් දිවිය රජතුමාගේ ඇඟිල්ලක් කඩාගෙන. දැන් රජාගේ ඇඟිල්ලක් අඩුයි.
දුක්වුණු රජා සේවකයාට කියනවා, "දෙවියෝ හොඳයිනම් කවදාවත් මට මෙහෙම වෙන්න දෙන්නේ නැහැ. මට මෙහෙම මගේ ඇඟිල්ලක් නැතිවෙන්නේ නැහැ".
සේවකයා රජතුමාට කියනවා, "මේ සිද්දවුන දේ අනුව මම හිතන්නේ දෙවියෝ හොඳයි, දෙවියෝ කරන හැමදෙයක්ම සර්ව සම්පුර්ණයි, වැරදීමක් වෙන්නේ නැහැ කියල, ඒක තමයි සිද්ද වෙන්න තිබුණු හොඳම දේ කියල"..
සේවකයාගේ පිළිතුර ගැන ටිකක් කේන්ති ගත්තු රජා කියනවා, "එතකොට මම නුඹව හිරේ දැම්මොත්, නුඹ තවමත් හිතනවද ඒක තමයි නුඹට සිද්ද වෙන්න තියන හොඳම දේ කියල".
සේවකයා කිසිම පැකිලීමක් නැතුව රජතුමාට කියනවා "ඔව් රජතුමනි, මම එහෙම වුනත් හිතනවා ඒ තමයි මට වෙන්න තිබෙන හොඳම දේ කියල".
මේක අහපු රජතුමා උරනවෙලා සේවකයාව හිරේට දානවා.
ඔන්න කාලය ටිකක් ගතවෙලා, රජතුමා මාස ගානකට පස්සේ අයෙත් වෙනත් සේවකයෙක් එක්ක දඩයමේ යනවා.
දඩයමේ ගිය රජයි, සේවකයයි කැලේ ඉන්න ගෝත්රිකයෝ ටිකක් අල්ලගන්නවා.
අල්ලාගෙන ඔන්න යනවා බිලි පුජාවක් දෙන්න.
අත්දෙක බැඳලා ඔන්න බිලිපුජාව තියෙන තැන දෙන්නම තියල ඔන්න සේවකයාගේ හිස ගසා දමනවා මුලින්ම.
රජතුමා බයෙන් බිරාන්තවෙලා බලන් ඉන්නවා.
දැන් රජාගේ වාරේ.
එකපාරටම අළුගෝසු ගෝත්රිකය දකිනවා අතක ඇඟිල්ලක් නැති බව රජාගේ.
නුඹ දෙවියන්ට බිලිදෙන්න බැහැ, ඔබේ අංගයක් අඩුයි. අපි බිලිදෙන්න දෙවියන්ට අඩුපාඩුවක් ඇති කෙනෙක් බිලි දෙන්න බැහැ කියල.
ගෝත්රිකයෝ රජාව නිදහස් කරලා අරිනවා.
මාලිගාවට ඇවිත් රජතුමා මුලින්ම කරන්නේ අර හිරේ දාපු සේවකයා නිදහස් කරන එක.
ගිහින් සේවකයාට කියනවා, මිත්රය දෙවියන් මටත් හොඳක් කරා කියල, මම මරන්න ඔන්න මෙන්න තියල මගේ මේ නැති ඇඟිල්ල නිසා දෙවියෝ මාව බේරුවා කියල.
හැබැයි මට නුඹෙන් අහන්න ප්රශ්නයක් තියෙනවා, දෙවියෝ මෙච්චරටම හොඳයිනම් ඇයි ඔබව හිරේදමන්න මාව පෙළඹුවේ?
සේවකයා කියනවා, මාව එදා හිරේ දැම්මේ නැත්නම් අද දඩයමේ රජතුමාත් එක්ක යන්න වෙන්නේ මටයි" කියල.
එහෙම වුනානම් බිලි පුජාවට මුලින්ම අහුවෙන්නේ මමයි, මොකද මගේ කිසිම අඩුපාඩුවක් නැහැ, ඇඟිලිත් හොඳට තියෙනවා කියල.
රජතුමා හිනාවෙලා කියනවා, අහ් ඒකත් ඇත්ත තමයි, හැමදෙයක්ම වෙන්නේ හොඳට කියල".
අපේ ජිවිත වලත් උස් පහත් දේවල් සිද්ද වෙනවා, කිසිම දෙයක් ඕන විදිහට සිද්ද වෙන්නේ නැහැ කියල කණගාටු වෙන්න දෙයක් නැහැ, ඔබේ වටිනාකම, ඔබේ අරමුණු, ඔබේ බැඳීම් නැතිකරගන්න ඕන නැහැ.
අපි හොඳ මිනිස්සු වෙලා ඉන්නතාක්කල් හොඳ දේවල් අපේ පසු පස එයි.
එතෙක් සන්සුන්ව, ධනාත්මකව ඉන්න.
අද සිද්ධ වෙන අසීරු දේ නුඹව අනාගතේ යම්කිසි හොඳ දෙයකට පුරුදු කිරීමක් තමයි කරන්නේ.
සුභ දවසක්!
#quotes