ඇඟ විදීම

prashan3000

Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    විලාසිතා
    od86-corset-piercing.jpg
    සිරුරේ කොටස් විද ඒවාහි විවිධ ආභරණ පැළඳීම අතීතයේ සිට සිදුවූවක්. එකිනෙක සංස්කෘතීන්ටහා ආගම් වලට අනුව ඒ ගැන වෙනස් අදහස් තිබෙනවා. පොදුවේ තරුණ තරුණියන් මේ ගැන දක්වන්නෙ විශේෂ උනන්දුවක්. අලුත් අලුත් දේවල් අත්හදා බලන්නට ඔවුන් කොහොමත් නොඉවසිලිමත්.ඒ වගේම උනන්දුයි. ඒ වගේ දේවල් කරනවනම් හරියට දැනගෙන කරන එක හොඳයිනෙ නේද? අපි සිරුර විදීම ගැන තොරතුරු කීපයක් එක්කළා. අපේ ඇඟේ ඇස් බැම, නාසය, කණ, දෙතොල්, දිව, කම්මුල්, තන පුඩු, ලිංගාශ්රිiත ප්රරදේශ ආදී සියලු තැන්හි මෙම විදීම් සිදුකර ආභරණ පැළදීම සිදුකරනවා. වසර 5000කට වඩා පැරණි ඉතිහාසයක් ඇඟේ යම් යම් ප්ර දේශ විදීම පිළිබඳ තියෙනවා.ආසියා, මැදපෙරදිග, ඇමෙරිකාවේ, අප්රිඟකාවේ සිදුකළ පුරවිද්යාද පර්යේෂණ ගොඩකින් මේ ගැන බොහෝ තොරතුරු හමුවෙලා තියෙනවා.කොහොම වුණත් ආසියාවට මෙහි මුල් තැනක් හිමිවෙන බව පුරාවිද්යාුඥයෝ කියනවා. කන් විදීම මෙය කාන්තාවන් සිදුකරන සාමන්ය් දෙයක්. වසර 5300කට වඩා ඉපැරණි මමීවල මේවගේ ආභරණ හමුවෙලා තියෙනවා. පැරණි ඉන්දියාවේ ලක්ෂ්මී දෙවතාවියගේ කන් විද ආභරණ පැළඳ තිබූ බවට වේද ග්රවන්ථ සාක්ෂි දරනවා. ක්රි්.පූ. 1550-1292 අතර කාලයේ ඊජිප්තුවේ, ග්රීාසියේ මෙම කන් විදීම ගැන වාර්තා වෙනවා. ක්රි්.පූ. 400-300 අතර කාලයේ චීනය හා රුසියාව ආශ්රිවත ප්ර දේශවල මෙම විලාසිතාව බෙහෙවින් ජනප්රිාය වෙනවා. ඒ වගේම යුරෝපය පුරා මෙය පැතිරෙන්නට පටන් ගන්නෙ 4-16 වන සියවස්වලදී. ඉතාලිය, ස්පඤ්ඤය, ප්රංයශය, එංගලන්තය, උතුරු අමෙරිකාවටත් මෙම විලාසිතාව පැතිරෙනවා.
    450px-449774550_71ea8a9d82_b.jpg
    නාසය ඉන්දීය දේවතාවියක් වන ලක්ෂ්මීයගේ නාසයේ මෙවැනි ආභරණ පැළඳි බවට ඉතිහාස ග්රගන්ථවල සඳහන් වෙනවා. මැදපෙරදිග, අප්රි කා, ලතින් ඇමෙරිකා, ආසියා රටවලත් එදා මෙදා තුර නාසය විදීම විලාසිතාවක්, ආගමික චාරිත්ර යක් හැටියට භවිතා වෙනවා. තොල් සහ දිව ඉපැරණි ඇමෙරිකානු සහ අප්රි කානු ශිෂ්ටාචාරවල මෙය බෙහෙවින් ප්රලචාරය වී තිබෙනවා.අදටත් පැපුවා නිවුගිනියා, මලාවි, ඉතියෝපියා, මුරුසි, කොලොම්බියා, රටවල මේවා දැකගන්නට පුලුවන්. තන පුඩු සහ ලිංගාශ්රි ත ඉපැරණි ඊජිප්තුවේ කාන්තාවන්ගේ සහ පිරිමින්ගේ තන පුඩු විද ආභරණ පැළදීම සිදුකර තිබෙනවා. අප්රිිකානු හා බ්රිගතාන්යව නාවිකයෝ තන පුඩු විද ආභරණ පැළදි බවට වාර්තා වෙනවා. ගුප්ත අධිරාජ්යි කාලයේ ඉන්දියාවෙ තන පුඩු සහ රහසඟ විද ආභරණ පැළඳි බවට වාර්තා තිබෙනවා. වාත්ස්යාදයනගේ කාම සූත්රදය ඒ බව හොඳින් සදහන් කළ තැනක්. 14 වන සියවසේ බටහිර කාන්තාවන් අතර මෙය බෙහෙවින් ජනප්රිවය වී තිබේ.ක්රි .ව. 1890වන විට “Bosom Ring” නමින් ප්රයචලිත වුණේ එවැනි ආභරණයක්. අලුත් වෙලාද...... දෙවන ලෝක මහා සංග්රා.මයෙන් පසු ව්යාතප්ත වේ.සමලිංගික පුරුෂ උප කණ්ඩායම් අතර ගොඩක් ජනප්රිෝය වුනා ඇඟ විදීමෙ කලාව.60-70 දශක වල කාන්තාවන් අතර තවදුරටත් ජනප්රි්ය වුණා.1975 දී ඇඟ විදීම ව්යාිපාරයක් විදියට ඇමෙරිකාවෙ පටන් ගත්තා.ඒ West Hollywood හිදී.1978 වනවිට පළමු ව්‍යාපාරික ආයතනය ඇමෙරිකාවෙ ආරම්භ කරනවා.ඒකෙ නම “Gauntlet Enterprises” 1987 වසරේදී එංගලන්තයට මෙම ව්යායපාරය පැතිරෙනවා.එංගලන්ත සමාජයේ මහත් කැළඹීමක් මේ නිසා ඇතිවෙනවා.පසුව සියල්ල නිරාකරනය කෙරෙනවා.එංගලන්තය පුරා මෙම කලාව තදින් පැතිරෙනවා. සාමාන්යායෙන් මෙම ඇඟ විදීම් කාරණා කීපයක් නිසා. සංස්කෘතික විරෝධි උප සංස්කෘතික තරුණ කණිඩායම්
    716px-piercing1.jpg
    o ආගමික හේතූන් o ලිංගික ශක්තිය වැඩිකර ගැනීම o ප්රගදර්ශන කැමැත්ත o සම්ප්ර දායික සීමා බිඳීම o ලෝක වාර්තා o ගීනස් වාර්තා මෙන්න මේ වගේ දේවල් වලට ස්වාභවික සිරුර මෙහෙම හිල්කරනකොට සිරුරට ඇතිවෙන රෝගාබධත් තියෙනවා.ආසාත්මිකතාව (Allergic Reaction) ,රෝග බෝ වීම (Infection), කැළැල් (scarring), ශාරිරිකතුවාල (Physical Injuries) ආදී බොහෝ දෙවල්.අපි කියන්නෙ දැනුවත් වෙලා ඕන කලාවක්.ඒක තමයි ජීවත් වීමෙ හොඳම විලාසිතාව.

    Uputa ganimaki ...Repost nam Kama karathwaaaaaaaaaaaaa.....