ඇඟ හිරිවැටෙන යථාර්තය

thani ataya

Well-known member
  • Aug 8, 2016
    1,369
    191
    63
    ඇඟ හිරිවැටෙන යථාර්තය

    රංජන්ගේ කථා බහ ඇතුළේ ඇඟ හිරිවැටෙන යථාර්තයක් තියෙනවා
    මැදගොඩ අභයතිස්ස හිමි

    ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයෙන් රට ඉදිරියට ගෙන යා හැකි පිරිසක් තෝරා පත්කරගත යුතුබව මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් පවසයි.
    ජාතික වියත් පවුර සංවිධානයේ කුරුණැගල පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් උන්වහන්සේ මේබව සඳහන් කළේය.
    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු උන්වහන්සේ පවසා සිටියේ, රංජන්ගේ කතා බහ තුළ ඇඟ හිරිවැටෙන යථාර්තයක් ඇති බවයි.
    මේ රටේ මිනිසුන් නීතිය ඉදිරියේ හෝ සාදාරණයක් වේයැයි බලාපොරොත්තු විය නොහැකි බව පැවසු උන්වහන්සේ, “අපි මොනවගේ රටක ද ජිවත් වෙන්නේ යැයි සිතන විට අපිට බය හිතෙනවා“ යනුවෙන් ද පැවසීය.
    සමහර පුද්ගලයින් හිර ගෙට පමණක් නොව මරණ දඬුවම ලබා දී ඇත්තේ ද දේශපාලන බලපෑම් මත බව ඒ තුළින් අනාවරණය වෙන බවත් පැවසු අභයතිස්ස හිමියන්,ඉදිරියේ දී අධිකරණ පද්ධතිය පිරිසිදු කිරීමට යොදා ගන්නේ කවුරුන්ද යන්න ජනපතිවරයාට ගැටළුවක් වී ඇතැයිද කියා සිටියේය.
    නමුත් කොතැනකින් හෝ තැනක් හොයා ගත යුතු බවත් පැවසු උන්වහන්සේ, රට පිරිසිදු කිරීමට සංගායනාවක් අවශ්‍ය බවත් පැවසීය.
    ආයතනය මෙන්ම දේශපාලනය පවා දූෂණය වී ඇතැයි පැවසු උන්වහන්සේ, රට ඉහළට ගන්නේ කොතැනකින් දැයි ප්‍රශ්න කර සිටියේය.
    ඉදිරි මැතිවරණය තීරණාත්මක වෙන බවත් ක්‍රමවාදය වෙනස් කළ හැකි පිරිසක් සමඟ ඉදිරියට යෑමට ඒ තුළින් කටයුතු කළ යුතු බවත් උන්වහන්සේ වැඩිදුරටත් පැවසීය.


    adaderana
     

    Similar threads