ඇට දෙලක්ෂය

vee_kurulla

Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    ප්‍රවීන රංගන ශිල්පිනී සබීතා පෙරේරා මහත්මිය මහත්මියගේ ස්වාමිපුරුෂයාට අයත් රාජගිරියේ පිහිටි ගොඩනැගිල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහා පවත්වාගෙන යාම සඳහා කුලියට ලබා ගැනීමට සූදානමක් ඇති බව සිංහලේ සංවිධානය සඳහන් කරයි.

    එහි ජාතික සංවිධායක ප්‍රදීප් පෙරේරා මහතා සඳහන් කරන්නේ මෙම ගොඩනැගිල්ල කුලියට ගනු ලබන්නේ කොපමණ මුදලකට ද යයි වහා හෙළි කළ යුතු බවයි.

    මේ දිනවල පොලිස් අපරාධ පරීක්‍ෂණ කොට්ඨාශය පවත්වාගෙන යන ගොඩනැගිල්ලේ අලුත්වැඩියා කටයුතු සිදු කරන නිසා මෙසේ කුලී ගොඩනැගිල්ලකට යාම තීරණය වී ඇතැයිද ඔහු පැවසීය.

    මෙම ගොඩනැගිල්ල වසර කිහිපයක් තිස්සේ කෘෂිකර්ම අමතා්‍යංශය පවත්වාගෙන යනු ලැබූ අතර ඒ සදහා මාසිකව අධික මුදලක් ගෙවනු ලැබීය.

    ඊට එල්ල වූ දැඩි විරෝධතාව හේතුවෙන් නව රජය පත්වී මාස කිහිපයක් ඇතුළත අමාත්‍යංශය එතනින් ඉවත් කර ගනු ලැබීය.


    විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ ප්‍රේරක කලාපයේ (රක්ෂිත සීමාවේ) අක්කර සියයකට අධික ප්‍රදේශයක මහා පරිමාණයෙන් කෝමාරිකා වගා කිරීම සඳහා ඩෝසර් යොදාගෙන පරිසර හානියක් සිදු කෙරෙන බව අනාවරණය වේ.

    පෞද්ගලික සමාගමක පූර්ණ අනුග්‍රහය යටතේ මෙම කටයුත්ත සිදු කෙරෙන බවද අනාවරණය වී ඇත. අනුරාධපුර දිස්ත්‍රික්කයේ රාජාංගණය, යාය 18 ප්‍රදේශය මුල් කරගනිමින් දිවයින පුරාම අදාළ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නියමිත බව පැවසේ.

    මෙම පෞද්ගලික සමාගම විසින් විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ ප්‍රේරක කලාපයේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයක් ඉදිකිරීමේ සූදානමක් පවතින බවද අනාවරණය වෙයි.

    මෙම මහා පරිමාණ කෝමාරිකා ව්‍යාපෘතිය සඳහා අදාළ පෞද්ගලික සමාගම විසින් පරිසර ඇගයීම් වාර්තාවක් ද සකස් කර නැතැයි පැවසේ.

    මේ පිළිබඳ රාජාංගණය ප්‍රාදේශීය ලේකම් සුනිල් අබේකෝන්ගෙන් අප කළ විමසීමකදී ඔහු මෙසේ පැවසීය.

    ‘‘මේ භූමි ප්‍රදේශයේ තිබෙන්නේ බලපත්‍ර ඉඩම්. මෙම ඉඩම්වල පසුගිය කාලයේදී ගොවීන් හේන් ගොවිතැන් කරනවා. අදාළ සමාගමේ උදව් ඇතිව ගොවීන් කෝමාරිකා වගා කිරීමට තීරණය කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් ගොවීන් මගෙන් ඉල්ලීමක් කළා. මම ඊට අදාළ අංශ දැනුවත් කිරීමට කටයුතු කළා. විල්පත්තුව ජාතික වනෝද්‍යානය සීමාවේ සිට කිලෝමීටරයක් පමණ දුරින් මේ ඉඩම් පිහිටා තිබෙන්නේ අදාළ සමාගම විසින් ගොවීන්ට දන්වා තිබෙනවා මෙම වගා ව්‍යාපෘතියත් සමග ජල ටැංකි, මාර්ග පද්ධති සහ ජාත්‍යන්තර ක්‍රීඩා පිටියක් සකස් කර දෙන බව. යාය 18 ප්‍රදේශයේ අක්කර 100 කට වැඩි භූමි ප්‍රදේශයක කෝමාරිකා වගාව සිදු කිරීමට භූමිය සකස් කෙරෙනවා.



    අදාළ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් පරිසර යුක්ති කේන්ද්‍රයේ පරිසරවේදී ජනක විතානගේ පවසන්නේ මෙවැනි අදහසකි.

    දැනට එළිපෙහෙළි කර තිබෙන අක්කර සියයක් කියන්නේ විශාල භූමි ප්‍රදේශයක්. විල්පතතුව ජාතික වනෝද්‍යානයේ ප්‍රේරක කලාපයේ (රක්ෂිත සීමාවේ) මෙවැනි පාරිසරික තත්ත්වයන්ට බලපාන යම් ව්‍යාපෘතියක් සිදු කරනවා නම් පාරිසරික ඇගයීම් වාර්තාවක් සකස් කළ යුතුයි. විල්පත්තුව සුද්ද කරනවා වගේ වැඩක් මේක. මේ කටයුතු කෙරෙන්නේ මධ්‍යම පරිසර අධිකාරියෙන් පරිසර ආරක්ෂණ බලපත්‍ර ලබාගෙන නෙවෙයි. මේක කරන්නේ කාගේ වුවමනාවටද, කාගේ බලයටද කියන ප්‍රශ්නය තියෙනවා. රාජාංගණයට ජාත්‍යන්තර ක්‍රීඩා පිටියක අවශ්‍යතාව මොකක්ද? ජාත්‍යන්තර ක්‍රීඩා පිටියයි, කෝමාරිකා වගාවයි අතර තිබෙන සම්බන්ධය කුමක්ද? මේ ව්‍යාපෘතියේ යටි අරමුණක් තිබෙනවා. උඩින් පෙන්වන ව්‍යාපෘතිය නෙවෙයි පසුව සිදු කරන්නේ. අවසානයේ සිදුවන්නේ විල්පත්තුව ප්‍රේරණ කලාපයේ ඉඩම් ටිකක් නැති වීමයි. මේ කටයුතුවලදී රාජ්‍ය අංශයේ නිසි අවසරයක් නැතිව දේශපාලන හයියකින් මේ වැඩේ කරන්නේ.

    මේ පිළිබඳ වනජීවී අධ්‍යක්ෂ ජනරාල් සී. සූරියබණ්ඩාරගෙන් සිදු කළ විමසීමකදී කියා සිටියේ අදාළ කෝමාරිකා වගා ව්‍යාපෘතිය පිළිබඳ වහාම සොයා බැලීමට කටයුතු කරන බවය.

    කල් බදු පදනම යටතේ නාගරික සංවර්ධන අධිකාරියට වාහන 28ක් මිලදී ගැනීමට කැබිනට් මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී තිබේ.

    රුපියල් කෝටි 33ක මුදලක් මේ සඳහා වැය කිරීමට නියමිතය.

    මෙම වාහන ලබාගැනීමට බලාපොරොත්තු වන්නේ දැනට අධිකාරියේ නිලධාරින් සඳහා කුලී ගෙවීමේ පදනම මත ලබාගෙන ඇති වාහන වෙනුවට යොදා ගැනීමටයි.

    දැනට නාගරික සංවර්ධන අධිකාරියේ භාවිතා වන වාහන වලින් 45 කුලීපදනම මත ලබාගෙන තිබේ.

    තම පෞද්ගලික වාහන නිල වාහන ලෙස භාවිත කරන නිලධාරීන් 28 දෙනෙකු සඳහා ප්‍රවාහන දීමනා ලෙස වසරකට රුපියල් එක්කෝටි හැට අට ලක්ෂයක මුදලක් අධිකාරිය වැය කරයි.
    :lol::lol::lol::lol:
     
    • Like
    Reactions: RandomGuy

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,198
    18,817
    113
    අදාල නෑනේ
    87212152_1176159066071914_6035477392267411456_n.jpg
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,654
    1
    57,765
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    තම පෞද්ගලික වාහන නිල වාහන ලෙස භාවිත කරන නිලධාරීන් 28 දෙනෙකු සඳහා ප්‍රවාහන දීමනා ලෙස වසරකට රුපියල් එක්කෝටි හැට අට ලක්ෂයක මුදලක් අධිකාරිය වැය කරයි.
    :lol::lol::lol::lol:


    16,800,000 / 28 = 600,000


    :shocked: