ඇඩ්සෙන්ස් පාඩම 01 - හැදින්වීම
Post by - Thiwanga Sandaruwan
Post by - Thiwanga Sandaruwan
මුලින්ම මේ පෝස්ට් එක කියවන්න. (ටිකක් නෙවෙයි හොදටම) අහන්න තියන ප්‍රශ්නයි, එක්කෙනෙක්ගෙන් එක comment එකකුයි විතරක් දාන්න. post එක up කරන්න කියලා දිගට Comment දාන්න එපා. මොකද එහෙම උනොත් කවුරු හරි දෙයක් ඇහුවොත් කියලා දෙන්න බැරි වෙනවා. එ් නිසා plz එක comment එකක් හෝ අහන්න තියන ප්‍රශ්න අහන්න.
මොකක්ද මේ Adsense කියන්නෙ?
Adsense කියන්නෙ Google වලින් දෙන Service එකක්. මේකෙදි වෙන්නෙ අපි කරන blog එකට හෝ Website එකට එන අයට කරදරයක් නොවන විදියට Ads දාලා ගානක් හම්බ කරගන්න එකයි. මේකෙදි අපිට මූලික වශයෙන් ඕනෙ කරන්නෙ Web අඩවියක් විතරයි. හදීසි වෙන්න එපා දැන්ම website එකක් හදන්න ඕනෙ නෑ. ඒක අපි ඊළග පාඩමෙන් බලමු.
Adsense safeද?
ඔව් 100% safe කියන්න පුළුවන්. මොකද මේක Googleලගෙම Service එකක් නිසා. කවදාවත් කවුරුත් මේක Spam කියන්නෙ නෑ.
Adsense හැම Website එකටම ගන්න පුළුවන්ද?
බෑ හැම එකටම ගන්න බෑ. ඒවට නීති තියනවා. මම නීති ටික පහලින් දාලා තියන්නම්.
1. Website එකක් තියෙන්න ඕනෙ. දැන් හැමතැනම හොයන්න යන්න එපා. හෙට කියලා දෙන්නම් අඩුම ගානකට Website එකක් හාදාගන්නෙ කොහොමද කියලා.
2. Adsense ගන්න නම් Google Adsense වල අනුමත භාෂාවකින් Website එක හදලා තියෙන්න ඕනෙ. (සිංහල Blog වලට Adsense ගන්න බෑ.) හෝව් හෝව් කියවන එක නවත්තන්නද හදන්නෙ? එපා මේ ටිකත් කියවන්න. සමහර අයට English post ලියන්න බැරිව ඇති. සමහර අයට English තේරෙන්නෙ නැතිව ඇති. ඒ අය බයවෙන්න එපා. මම ඒ හැම කෙනෙක්ටම කියලා දෙනවා වෙන තැනකින් උස්සලා දාලා කොහොමද Adsense ගන්නෙ කියලා. ඒ නිසා කවුරුත් ඒ ගැන බය වෙන්න එපා.
3. TLD එකක් තියෙන්න ඕනෙ. ඒ මොකක්ද ඒ? ඒ කියන්නෙ Top Level Domain එකක් තියෙන්න ඕනෙ. අපි TLD කියලා සලකන්නෙ .com, .net, .org, .edu, .gov කියන Domain. ඒවා අඩුවට ගන්න හැටිත් අපි හෙට Post එකෙන් කතා කරමු.
4. post එකක වචන 300ක්වත් තියෙන්න ඕනෙ. (බය වෙන්න එපා ඒ විදියට English වලින් post ලියන හැටි මම කියලා දෙනවා)
5. Website එකට හොද Traffic එකක් තියෙන්න ඕනෙ. (ඒ කියන්නෙ අපේ blog එක කියවන්න කට්ටිය එන්න ඕනෙ)
අපිට ඉංග්‍රීසි පොඩ්ඩක්වත් බෑනෙ. එහෙම වෙලත් Adsense ගන්න පුළුවන්ද?
පුළුවන් කලබල වෙන්න එපා පොඩ්ඩක්වත්. ඒවා කරගන්න විදිය ඔක්කොම කියලා දෙනවා.
මේකට මූලික වියදමක් යනවද?
ඔව්, අපිට Hosting (Cpanel Hosting හෝ Wordpress Hosting) එකක් සහ Domain එකක් ගන්න වෙනවා. මම Recommand කරන Site වලින් ගන්නවා නම් Wordpress Hosting සහ Domain රැපියල් 2000කට වගේ ගන්න පුළුවන්. ඒත් ඔයාලා කැමති විදියකට කරගන්නත් පුළුවන්. ඒක මට ප්‍රහ්නයක් නෑ. (මේ සල්ලි වලින් සතයක්වත් මම ගන්නෙ නෑ. ඔයාලටම තමයි මේවා කරන්න වෙන්නෙ. මම මේවා කියලා දෙන්නෙ සම්පූර්නයෙන්ම නොමිලේ හැමෝටම තේරෙන විදියට)
අපි ඔය කිසිම දෙයක් දන්නෙ නෑනෙ. කොහොමද එතකොට site එක හදාගන්නෙ?
බය වෙන්න එපා ඒකටත්. මම ඔයාලට පටන් ගන්න තැන ඉදන් කරන විදිය කියලා දෙනවා.
අපිට මේක විශ්වාස කරන්න පුළුවන්ද?
ඔව් විශ්වාස නැත්තම් google එකේ ගහලා බලන්න Adsense payment proof කියලා. එතකොට තේරෙයි මේක ලංකාවෙ අය කලේ නැති උනාට පිටරට අය කොච්චර නම් හම්බ කරනවද කියලා මේකෙන්.
අදට මම post එක නවත්වනවා. හෙට කියන්නම් කොහොමද hosting & Domain ගන්නෙ අඩුවටම කියලා. මමත් මේ වැඩ ගොඩක් අස්සෙ මේ post ලියන්නෙ. අනික මට මේවා ලියලා දැම්මා කියලා ගානක් හම්බ වෙන්නෙ නෑ කොහොමටවත්. ඒ නිසා වටිනවා කියලා හිතුනොත් Comment එකක් දාන්න. හැබැයි please උඩදි කිව්වා වගේ එක Comment හොදටම ඇති. දිගට දිගට comment දාන්න එපා. අහන ප්‍රශ්න තියනවා නම් මෙතනින් අහන්න.
දෙවන post එක - https://elakiri.com/threads/adsense-පාඩම-extra-lesson-01.1941682/
Original post Link - Click here
වැරදි අඩුපාඩු ඇති. කාලෙකින් ලිපියක් ලිව්වෙ. පෙන්වලා දෙන්න පුළුවන්කමක් තියනවා නම් විටිනවා. Facebook එකේ දාන්න ලියපු ලිපියක් නිසා ඒ විදියටම තියෙන්නෙ. ඒක ගැන වැඩිය හිතන්න එපා.
Official Blog - SecDevil.com
Original post Link - Click here
වැරදි අඩුපාඩු ඇති. කාලෙකින් ලිපියක් ලිව්වෙ. පෙන්වලා දෙන්න පුළුවන්කමක් තියනවා නම් විටිනවා. Facebook එකේ දාන්න ලියපු ලිපියක් නිසා ඒ විදියටම තියෙන්නෙ. ඒක ගැන වැඩිය හිතන්න එපා.
Official Blog - SecDevil.com
Last edited:
