වැරදි අඩුපාඩු ඇති මචං පුළුවන් විදියට ලියන්නෙ. පෙන්වලා දෙන්න පුළුවන් නම් වටිනවා.
Official Blog - Secdevil.com
කලින් Post එක කියෙව්වෙ නැත්තම් මෙතනින් කියවන්න. - Click Here
මම කලින් lesson එකේදි කිව්වනෙ අද Hosting ගැන දානවා කියලා. හැබැයි මේ ඒ Post එක නෙවෙයි. ඒක රෑ 7 වගේ වෙද්දි දාන්නම්. මේකෙදි මම කතාකරන්න යන්නෙ Website එකක් හදන්න අපිට ඕනෙ වෙන Hosting සේවාව ගැනයි. එහෙනම් අපි පටන්ගමු වැඩේ ගැන ඉගෙනගන්න.
Cpanel Hosting සහ Wordpress Hosting අතර තියන වෙනස මොකක්ද?
මුලින්ම ඔයාලා දැනගන්න ඕනෙ Hosting එකක් කියන්නෙ මොකක්ද කියන එක. Hosting එකක් කියන්නෙ යම්කිසි මුදලක් ගෙවලා අපි අපේ website එක අන්තර්ජාලය තුල පිහිටුවීමයි. අපිට මේක එකිනෙකට වෙනස් Hosting Providersලගෙන් කරගන්න පුළුවන්. මේකෙදි Main Hosting Providerලා විදියට ඉන්නෙ Namecheap සහ Godaddy කියන දෙගොල්ලන්. හැබැයි ඉතින් මේවගෙ price එක අතිනුත් එකිනෙකට දෙවෙනි නෑ.
Cpanel Hosting
Cpanel Hosting එකකදි වෙන්නෙ අපිට හම්බ වෙනවා යම්කිසි නිශ්චිත ඉඩ ප්‍රමාණයක් අපේ Website host කරන්න. මේකෙදි සමහර වෙලාවට නම් Hosting Provider කියන කෙනා කියනවා අපිට Host කරන්න දෙන්නෙ මෙච්චර website ප්‍රමාණයක් විතරයි කියලා. (1 රූපය බලන්න) වටිනාකමට එහා පැත්තෙන් තියන /mo කියන එකෙන් කියන්නෙ මාසයකට මේ ගාන වියදම් වෙනවා කියලා. ඒ වගේම විස්තර දිහා බැලුවොත් පෙනේවි Website කීයක් Host කරන්න පුළුවන්ද? අපේ Hosting එකට හම්බ වෙන features මොනවද කියලා.
Wordpress Hosting
මේක Cpanel වලට වඩා වෙනස්. මේකෙදි අපිට හම්බ වෙන්නෙ Wordpress site එකක් විතරයි. Wordpress කියන්නෙ ලෝකයේ දැනට භාවිත වන හොදම Web Application එකක්. මේකෙදි නම් අපිට Host කරගන්න පුළුවන් වෙන්නෙ එක website එකක් විතරයි. (2 රූපය සහ 3 රූපය බලන්න) wordpress hosting එකක් Godaddy හෝ Namecheap එකෙන් ගන්නවා නම් ඔය ගානට තමයි ඒක දෙන්නෙ. (එහි මාසික මිල සදහන් වන බව සලකන්න) දැන්ම බය උනා නේද? බය වෙන්න එපා කියලා කලින් post එකේදිත් කිව්වනෙ. ඒ නිසා ආයෙ කියන්න යන්නෙ නෑ. මේ Wordpress Site ගැන අවබෝධයක් නැත්තම් මේ සයිට් එක බලන්න. (SecDevil.com - මගෙ සයිට් එක)
දැන් ගනන් ටික බලලා Confiused වෙලා ඇත්තෙ නේද බය වෙන්න එපා. ඒවා අඩුවටම ගන්න තැන් සෙට් කරලා දෙනවා. ඒ නිසා දැන්ම වැඩේ අතෑරලා දාන්න ලෑස්ති වෙන්න එපා.
Wordpress නැත්තම් වෙන Hostig තියනවද?
ඔව් තියනවා wordpress කියන්නෙ ලෝකයේ දැනට Blog, Website වලට භාවිත කරන හොදම CMS එක උනාට තවත් CMS තියනවා. ප්‍රධානම ඒවා ගත්තොත් Joomla, Drupal, MyBB තමයි ඒ අතරින් ප්‍රධාන වෙන්නෙ. ඒත් මේවා භාවිත කරන්නෙ එකිනෙකට වෙනස් කාර්යයන් සදහා කියලත් මතක තබාගන්න ඕනෙ.
Renew එක කියන්නෙ මොකක්ද?
Renew එක කියන්නෙ අපි සල්ලි ගෙවලා පළවෙනි මාසෙ අඩුවට ගත්තට දෙවනි මාසෙ ඉදන් වැඩිපුර ගෙවන්න වෙන එකට. ඒක හරියට Tution සර්ලා පළවෙනි මාසෙ 1000ට Clz card එක දීලා දෙවෙනි මාසෙ "ළමයි ඊළග මාසෙ ඉදන් Class fees එක 1300යි" කියනවා වගේ වැඩක්. ඒත් බය වෙන්න එපා අද හවස් වෙනකම් ඉවසලා ඉන්න හැමදේම දැනගන්න.
මේ Post එක උදේම දාන්නෙ අද හවස දාන post එකට උදව්වක් විදියටයි. ඒ නිසා අපැහැදිලි තැනක් තියනවා නම් අහන්න. එක දිගට Comment දාන්න එපා කවුරු හරි දෙයක් ඇහුවොත් කියලා දෙන්න බැරි වෙනවා එතකොට. ඒ නිසා කියවලා බැලුවා නම් හොදයි නම් එක comment එකක් හොදටම ඇති. ප්‍රශ්න අහන ඒවට මම අනිවාර්යයෙන් Comment කරනවා. ඒ නිසා බය නැතිව අහන්න.
කලින් Post එක හොයාගන්න බැරි නම් Wall එකේ තියනවා ගිහින් බලන්න.
ලිව්වෙ - Thiwanga Sandaruwan Dasanayaka (SecDevil.com)
ලිව්වෙ - Thiwanga Sandaruwan Dasanayaka (SecDevil.com)
එහෙනම් ගිහින් එන්නම්. ජයශ්‍රී....