ඇඩ්රස් නැති රියැදුරන්ට නඩු
මොකද්ද බන් මේ යහපාලානේ.. මුන් හිඟන විදිහට පොඩි මිනිහ මරාගෙන කාලද සල්ලි හොයන්න හදන්නේ?
ඇඩ්රස් නැති රියැදුරන්ට නඩු
ඇඩ්රස් නැති රියැදුරන්ට නඩු
2016 මාර්තු 22 09.44 a.m
(ගයාන් කුමාර වීරසිංහ)
රියැදුරු බලපත්‍රයේ සඳහන් ලිපිනය වෙනස් වීමේදී එය මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් කාර්යාලයට දැනුම් දී ලිපිනය නිවැරදි කර නොගන්නා රියැදුරන්ට නඩු පැවරීමට පොලිස් රථවාහන අංශයේ අවධානය යොමු වී තිබේ. ලිපිනයන් නිවැරදි නොවන රියැදුරු බලපත්‍ර ලක්ෂයකට අධික ප්‍රමාණයක් රියැදුරන් භාවිත කරන බව රථවාහන පොලිස් නිලධාරීන්ගේ තක්සේරුවයි.
යම් රියදුරෙක් පදිංචි ස්ථානය වෙනස් කරන්නේ නම් නව පදිංචි ස්ථානය දින 30ක් ඇතුළත ලිඛිතව තැපැල් මගින් හෝ මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් කාර්යාලයට ගොස් දැනුම් දිය යුතු බව 2009 මෝටර් රථ සංශෝධන පනතේ සඳහන්ය.නමුත් බොහෝ රියැදුරන් තම පදිංචි ස්ථානය වෙනස් වීමෙන් පසු ඒ සම්බන්ධයෙන් දැනුම්දීම නොකරන බව රථවාහන හා මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති අමරසිරි සේනාරත්න මහතා සඳහන් කළේය.
එබැවින් ලබන මැයි 02 දා සිට පදිංචි ලිපිනයන් නොවන ලිපින සඳහන් රියැදුරු බලපත්‍ර භාවිත කරන රියැදුරන්ට එරෙහිව නඩු පැවරීමට පියවර ගන්නා බව සේනාරත්න මහතා සඳහන් කළේය. එහිදී වැරදිකරුවන් වන රියැදුරන්ගේ රියැදුරු බලපත්‍රය අවලංගු කිරීමට පවා හැකියාව ඇති බව අමරසිරි සේනාරත්න මහතා වැඩිදුරටත් පැවැසුවේය.
Add comment