ඇඩ්‍රස් නැති රියැදුරන්ට නඩු

redhat

Well-known member
  • Aug 2, 2008
    3,125
    2,520
    113
    Redhat lab - Aukland
    ඇඩ්‍රස් නැති රියැදුරන්ට නඩු

    මොකද්ද බන් මේ යහපාලානේ.. මුන් හිඟන විදිහට පොඩි මිනිහ මරාගෙන කාලද සල්ලි හොයන්න හදන්නේ?





    ඇඩ්‍රස් නැති රියැදුරන්ට නඩු



    ඇඩ්‍රස් නැති රියැදුරන්ට නඩු


    2016 මාර්තු 22 09.44 a.m
    (ගයාන් කුමාර වීරසිංහ)
    driver.jpg
    රියැදුරු බලපත්‍රයේ සඳහන් ලිපිනය වෙනස් වීමේදී එය මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් කාර්යාලයට දැනුම් දී ලිපිනය නිවැරදි කර නොගන්නා රියැදුරන්ට නඩු පැවරීමට ‍පොලිස් රථවාහන අංශයේ අවධානය යොමු වී තිබේ. ලිපිනයන් නිවැරදි නොවන රියැදුරු බලපත්‍ර ලක්ෂයකට අධික ප්‍රමාණයක් රියැදුරන් භාවිත කරන බව රථවාහන ‍පොලිස් නිලධාරීන්ගේ තක්සේරුවයි.
    යම් රියදුරෙක් පදිංචි ස්ථානය වෙනස් කරන්නේ නම් නව පදිංචි ස්ථානය දින 30ක් ඇතුළත ලිඛිතව තැපැල් මගින් හෝ මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් කාර්යාලයට ගොස් දැනුම් දිය යුතු බව 2009 මෝටර් රථ සංශෝධන පනතේ සඳහන්ය.නමුත් බොහෝ රියැදුරන් තම පදිංචි ස්ථානය වෙනස් වීමෙන් පසු ඒ සම්බන්ධයෙන් දැනුම්දීම නොකරන බව රථවාහන හා මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය ‍පොලිස්පති අමරසිරි සේනාරත්න මහතා සඳහන් කළේය.
    එබැවින් ලබන මැයි 02 දා සිට පදිංචි ලිපිනයන් නොවන ලිපින සඳහන් රියැදුරු බලපත්‍ර භාවිත කරන රියැදුරන්ට එරෙහිව නඩු පැවරීමට පියවර ගන්නා බව සේනාරත්න මහතා සඳහන් කළේය. එහිදී වැරදිකරුවන් වන රියැදුරන්ගේ රියැදුරු බලපත්‍රය අවලංගු කිරීමට පවා හැකියාව ඇති බව අමරසිරි සේනාරත්න මහතා වැඩිදුරටත් පැවැසුවේය.
    Add comment
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් පොලිසිය කොහොමද හොයන්නෙ හරි ඇඩ්රස් එක කොකද කියල.:rolleyes::rolleyes:
     

    redhat

    Well-known member
  • Aug 2, 2008
    3,125
    2,520
    113
    Redhat lab - Aukland
    ලයිසන් එක ගත්ත අතට , අයිඩෙන්ටිය ගත්ත අතට දෙක කොම්පෙයාර් කළා

    ලේසියි නේ
     

    mudantha

    Well-known member
  • Feb 15, 2010
    1,773
    324
    83
    36
    Homagama, Magammana
    නැත් නම් ලයිසන් එකේ ඇඩ්රස් එකට ලියුමක් යවල ආවේ නැති අයට සොට් එක දෙයි නේ
     

    HashiniBM

    Member
    Mar 12, 2016
    863
    62
    0
    Driversla minissu happanawa
    passe address ekata gihin baluwama rent ekata hitapu gewal
    eka nisa wenna athi oka karanne