ඇඩිඩාස් නම හැදුන හැටි

ඇඩිඩාස් නම හැදුන හැටි

ඇඩිඩාස් කියන නම නොදන්නා කෙනෙක් මුළු ලෝකයේම ඉන්නවාද කියන එක සැකයක්. ඒ තරමටම ලෝකයේ ක්‍රීඩා පාවහන් පිලිබඳ සුපතල නමක් මේ සමාගම දිනා ගත්තා. ඒකට මේ නමත් හේතු වෙන්න ඇති. මේ නම හදුනා ගත්ත හැටි ගැන විවිධ කතා තියෙනවා. මේ ඉන් එකක්


මේ සුප්‍රකට සමාගමේ ජර්මානු හිමිකරු නමක් හොයන්න මාර මහන්සි වුනා. ඒ රටේ පත්තර වල දාල ඇහුවා. දහස් ගාණක් නම් අතරින් මොකක් තොර ගන්නවද කියන එක එයාට ලොකු ගැටළුවක් වුනා. මේ විදියට කරගෙන යන්න බැරිව අන්තිමේදී මේ ගැන හිතලම ඒ මහත්තයා අසනීප වුණා. එතුමාට හැදුනේ මානසික ආතතිය. අන්තිමේදී වෛද්‍යවරු කිව්වා ලෝකේ කොහේ හෝ රටක ඇවිදලා එන්න කියලා.

එතුමා තෝරා ගත්තේ ඉන්දියාව. ඒකට හේතුව විවිධ ජාතීන් වැඩි ප්‍රමාණයක්, වැඩි භාෂා ප්‍රමාණයක් තියෙන රටක් නිසා. එහෙම හිතලා එතුමා මාස ගානක් පුරා මුළු ඉන්දියාව පුරාම සංචාරය කළා. ඉන්දියාව කියන්නේ ඉතා විශාල රටක්. ඇත්තටම රටක් නෙවේ ලෝකයක්. හැම විදියකම මිනිස්සු ඉන්නවා. රටවල් විශාල ගණනකට මායිම් තිබෙනවා. එතුමාට මේ කොතන්දීවත් හිතට හරිය යන වචනය හමු වුණේ නෑ.

ඔහුට මග පෙන්වපු ගයිඩ් වරයා කිව්වා හිමාලයට ගිහින් සෘෂිවරයකු හමු වෙමු කියලා. ඉතා දුෂ්කර ගමනකින් පස්සේ ඔවුන් දෙන්නා ආවා හිමාලයට. හිමාලයට ආවා කියලා සෘෂිවරුන් ඔවුන් ඉන්න තැනට එන්නේ නෑ. තවත් දවසක් විතර මහන්සි වෙලා වනගත සෘෂිවරයෙක් සොයා ගත්තා. ඒ සෘෂිවරයා කෙලින්ම අපේ ඇඩොල්ෆ් ඩැස්ලර් මහතා අමතලා මෙහෙම කිව්වා

"පුත්‍රයා ඔබ හොයන දෙයට පිළිතුර තව දවස් තුනකදී ඔබට ලැබෙනවා, ඔබ යන්න දකුණු ප්‍රදේශයට, එහෙ ගිහින් කැමති ක්‍රීඩාවක් නරඹන්න. ඒ අතරතුරදී ඔබ හොයන දේ ලැබෙයි"

ඉතිං අර ගයිඩ් වරයා සහ ඇඩොල්ෆ් මහතා එවෙලේම පිටත් වෙනවා දකුණු ඉන්දියාව පැත්තට. ලේසි ගමනක් නොවෙන නිසා හා දැඩි උනන්දුව නිසා ගුවනින්ම ඔවුන් ඒ පෙදෙසට ලඟා වෙනවා. මේ තරම් ඉක්මන් වෙන්නේ අර දවස් තුනක් ඇතුලත කියන දේ හිතේ තිබුන නිසා. චෙන්නායි නගරයට ආව එතුමාට පිස්සු හැදුනේ නැති ටික විතරයි. මොකද කච කචේ. හින්දි කියන්නේ කොච්චර ලයාන්විත භාෂාවක් වුනත් ඉන්දියාවේ විවිධ භාෂා වර්ග සිය ගණනක් භාවිතා වෙනවා. චෙන්නායි වල භාවිතා වෙන කඨෝර භාෂාවෙන් එතුමාගේ බ්‍රෑන්ඩ් නේම් එක ලැබෙයිද කියන සැකය එතුමාට ආවා. එත් සෘෂිවරයා කිව්වා දේ ගැනත් එතුමාට යම් විශ්වාසයක් තිබ්බා.

මුල දවසේ හෝටලයෙන් පිටට ඇවිත් ටිකක් ඇවිදින්න ගියා. එහෙන යද්දී වාහනයක ස්පීකර් බැඳගෙන කරන මහා කෑ ගැහීමක් ඇහිලා එතුමා ඇහුවා අර ගයිඩ් වරයාගෙන් ඒ මොකක්ද කියලා. මොකද එතුමාගේ හිතේ වැඩ කර මේ මෙහොතේ අර නම ඇහෙයි කියන එක ගැන. එතකොට ගයිඩ් වරයා කිව්වා හෙට ෆුට්බෝල් මැච් එකක් තියෙනවා බලන්න යමුද කියලා. එතුමාගේ රටේ ජාතික ක්‍රීඩාව වගේ තියෙන පාපන්දු. ඉතිං කොහොම මග අරින්නද? සෘෂිවරයත් කිව්වේ මේකම නේද කියලා එතුමාට හිතුනා. එතුමාත් කැමති වුණා.

පහුවදා හවස හතර වෙන්නේ කීයටද කියලා එතුමා ඔරලෝසුව බල බලා හිටියේ. අන්තිමට කුලී වාහනයකින් නරඹන්නෝ පිරී ඉතීරී ඉන්න ක්‍රීඩාංගනයට ගියාම එතුමාට පුදුම කනගාටුවක් සහ හාස්‍යයක් ඇති වුණා. ඒ මේ වගේ බොරළු තියෙන ක්‍රීඩාංගනයක කොහොමද ෆුට්බෝල් ගහන්නේ කියලා. එතුමා තමන්ගේ පපුව සහ හිස අතර කුරුසය සටහන් කර ගත්තේ ක්‍රීඩා කරන යට දෙවියන්ගේ පිහිටයි කියන්නම නෙවෙයි. එතුමා පුංචි ප්‍රාර්ථනාවක් කළා "මගේ ක්‍රීඩා සපත්තු සහ ක්‍රීඩා භාණ්ඩ වලට බ්‍රෑන්ඩ් නේම් එකක් ලැබුනොත් මේ ක්‍රීඩාංගනය ජර්මනියේ මට්ටමට ගෙනත් ඒ නමින්ම හදලා දෙනවා" කියලා.

අර කලින් කිව්වා වගේ කච-කචේ අස්සේ තරගය ආරම්බ වුණා. එතුමාට ආයෙත් කනගාටුවක් සහ හාස්යක් ඇති වුණා. "මෙහෙමද ෆුට්බෝල් ගහන්නේ" කියලා. ඔන්න එක කණ්ඩායමක් ප්‍රතිවාදී ගෝලය අසලට පන්දුව පාස් කරගෙන යනවා. එතකොට එළියේ ඉන්න ප්‍රේක්ෂකයෝ මහා හඬින් කෑ ගහනවා

"අඩි - ඩා"

කියලා. අනිත් කණ්ඩායම පන්දුව ගෝලය අසලට ගෙනිච්චත් ඇහෙන්නේ

"අඩි - ඩා"

කියලා. මේ වචන දෙක අන්තිමට ඇඩොල්ෆ් මහත්මයාගේ දෙසවන් වල රැව්-පිළිරැව් දුන්නා.

අන්තිමට එතුමාට මෙහෙම හිතුනා

"මගේ නම ඇඩොල්ෆ් ඩැස්ලර්, මේ මිනිස්සු කෑ ගහනවා අඩි - ඩා කියලා. මේක ඇඩි - ඩා කියලා ගත්තොත් හරි.

හරි.... හරි..... හරි...... "ඇඩි-ඩාස්" මේක තමයි නම.

ඇ..ඩි..ඩා..ස් හහ් හහ් හා. ඇඩිඩාස්. නියම නම. එතුමා නැවතත් සෘෂිවරයා සිහි කරමින්ම තමන්ගේ පපුව මත කුරුසය සටහන් කරා.

උපුටා ගැනීම---http://awidda-paya.blogspot.com



adidas_tango_Mundial_display_image.jpg


185.jpg
 
  • Like
Reactions: rcccc

llrajitha

Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    oka indiyan karayo gethuwa keppayak wenna one....

    adolf kiyana nama anuwa thamai adidas kiyala nama dala thiyenne.
    borunam Adidas site eke, wikipedia balapan.
     

    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    All Day I Dream About Sex. neweda? (j.k) :P

    machan oke indian origin ekak nehe..
    nama hedune oke founderge first names deke akuru ekathu karala :P

    Adolph Dassler.

    indian scene eka indiawe ewun karapu boruwak :p