ඇත්තටම ඒක ආත්මීය බැඳිමක් කොල්ලනේ..

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඇත්තටම ඒක ආත්මීය බැඳිමක් කොල්ලනේ..

    endukante-premanta-today-release-poster300.jpg


    Endukante Premanta චිත්‍රපටයෙ එන කතාව ගැන කිව්වොත් අනිත් චිත්‍රපට වලට වඩා ගොඩක්ම වෙනස් ආදර කතාවක්.. මං මෙහෙම කතාව පටන්ගන්නම්.. මුලින්ම මේ සිද්ධිය පටන්ගන්නෙ 1980 වර්ශයෙ වෙච්ච සිද්ධියකින්.. ක්‍රිෂ්නා කියලා කඩවසම් කොල්ලෙක් ඉන්නවා.. ශ්‍රීනිධි කියන්නෙ වෛද්‍ය විද්‍යාලයේ සිසුවියක්.. ක්‍රීෂ්නා ශ්‍රීනිධිට පණ ඇරලා ආදරය කරනවා.. ඒත් අවුරුදු තුනක් තිස්සෙ එයා බස් හෝල්ට් එකට වෙලා ශ්‍රීනිධි දිහා බලාගෙන ඉන්නවා විතරයි.. එයාගෙ හිතේ තියෙන ආදරේ ශ්‍රීනිධීට ප්‍රකාශ කරන්නෙ නැහැ.. කරුමෙ කියන්නෙ ශ්‍රීනිධී, ක්‍රිෂ්නා දිහා බලන්නෙ නෑ.. එයාගෙ කකුල් දෙක ගාවින්පටන්ගෙන පපුව ගාවට වෙනකන් බලලා මූණ නොබල අහක බලාගන්නවා.. ඒක එයාගෙ යාලුවට ලොකු ප්‍රශ්නයක්.. ඇයි දෙයියනේ ඒ අහිංසක කොල්ලා අවුරුදු තුනක් තිස්සෙ මෙයා වෙනුවෙන් බලන් ඉන්නවා.. කැමති නැත්තං කැමති නෑ කියන්න එපෑය.. නිකං රස්තියාදු කරන්නෙ.. ඒ නිසා දවසක් ශ්‍රීනිධීගෙ යාලුවා එයා එක්ක මේ ගැන කතා කරනවා.

    “ඔයාට තියෙන්නෙ ගල් හිතක්ද..? පවු ඒ අසරණ කොල්ලා.. ඔයා වෙනුවෙන් අවුරුදු තුනක් තිස්සෙ බලාගෙන ඉන්නවා.. අඩුම තරමෙ ඔයා එයාගෙ මූණවත් බලන්නෑ.. ඔයා දැක්කද ඒ කොල්ලා මොන තරම් කඬවසම්ද කියලා.. ඔයත් එයාට කැමතියි නේද..?”

    “නෑ.. මං එයාට කැමති නෑ..” ශ්‍රීනිධී කියනවා.

    “එහෙනම් ඇයි එයා බස් හෝල්ට් එකට එන හැම වෙලාවකම ඔයා අපහසුවෙන් වගේ ඉන්නෙ..? ඔයා එයාට කැමති නැත්තං.. එයාට කෙලින්ම කියන්න මං ඔයාට කැමති නෑ.. ආයෙම මාව බලන්න එන්න එපා කියලා..” ශ්‍රීනිධීගෙ යාලුවා ආයෙම කියනවා.. ඒත් ශ්‍රීනිධීගෙන් ඒකට ලැබෙන්නෙ වෙනස්ම උත්තරයක්..

    “මට බයක් දැනෙනවා මං එයාගෙ මූණ දැක්කොත් මගේ හිතේ එයා ගැන ආදරයක් ඇතිවෙයි කියලා.. ඒකයි මං එහෙම කරන්නෙ..”

    “ආ.. ඔයා එයාට ආදරේ කරන්නෑ.. ඒත් එයා ඔයාගෙ පස්සෙන් එන්න ඕන.. එහෙමද..? ඔයා නම් හරිම ආත්මාර්තකාමියි..” යාලුවා කියනවා..

    “ඔව්..! මම ආත්මාර්තකාමියි.. මගේ තාත්තා ජීවතුන් අතර නෑ.. මට නංගිලා දෙන්නෙක් ඉන්නවා.. මගේ අම්මා මං ගැන ලොකු බලාපොරොත්තු තියාගෙන ඉන්නෙ.. එයා මට උගන්වන්න ගොඩක් මහන්සි වෙනවා.. මේ දේවල් නිසා මට එයාට ආදරේ කරන්න බෑ...” ශ්‍රීනිධි දුකින් කියනවා..

    “මට සමාවෙන්න.. අඩුමගානෙ ඔයා එයාට බොරුවක්වත් කියන්න.. ඔයා එයාට අකමැතියි කියලා.. මෙහෙම කරලා එයාගෙ හිතේ තියෙන බලාපොරොත්තු තවත් වැඩි කරන්න එපා.. ඔයා දන්නවද එයා ඔයා වෙනුවෙන් කොච්චර කලක් බලාගෙන හිටියද කියලා..? හරියටම අවුරුදු තුනක්.. හෙට අපේ විද්‍යාලයෙ අන්තිම දවස..” යාලුවා ආයෙම කියනවා..

    ඊළඟ දවස බොහොම ඉක්මනින් උදාවෙනවා.. එදා ශ්‍රීනිධී බස්හෝල්ට් එක දිහා බලාගෙන යනවා.. ඒත්... ක්‍රිණ්ෂා බස්හෝල්ට් එකේ එදා හිටියෙ නෑ.. ඒත් හිතුවෙවත් නැති විදියට ක්‍රිෂ්ණා කොන්දොස්තරගෙන් බැනුම් අහගෙනම ශ්‍රීනිධිගෙ බස් එකට නැගලා.. ඒ එයාගෙ හිතේ තියෙන ආදරේ ශ්‍රීනිධිට ප්‍රකාශ කරන්න.. කරුමෙක මහත........ ඒ වෙලාවෙම ඒ බස්රථය අනතුරකට ලක්වෙනවා.. ඒ සිද්ධියෙන් ශ්‍රීනිධිගෙ ජීවිතේ අහිමි නොවුනත් එයාගෙ ජීවිතේ බේරලා ක්‍රිෂ්ණා මේ ලෝකෙන් සඳහටම යන්න යනවා.. ශ්‍රීනිධී හොඳටම පසුතැවෙනවා එයා ඇයි ක්‍රිණ්ෂා දිහා මෙච්චර කාලෙකට ඇහැක් ඇරලා බැලුවෙ නැත්තෙ කියලා.. අවුරුදු තුනක් ක්‍රිෂ්ණා එයා දිහා බැලුවත් ශ්‍රීනිධි කවදාවත් ක්‍රිෂ්ණාගෙ මූණ දිහා බැලුවෙ නෑ.. ඒ වෙලාවෙදි ක්‍රිෂ්ණාගෙ සොහොන ළඟදිම වේදනාව වැඩිකමින්ම ශ්‍රීනිධිගෙ ජීවිතයත් අහිමි වෙනවා.. ඔය 1980 සිද්ධවෙච්ච කතාව.. එදා ඒ දෙන්නා තමන්ගෙ හිතේ තියෙන ආදරේ ප්‍රකාශ කරන්න ප්‍රමාද උනේ නැත්නම් ඒ ජීවිත දෙකම අද ඉතිරි වෙනවා.. ඒ දෙන්නම සතුටින් ජීවත් වෙනවා.. ප්‍රමාධය තමා හැමදේටම මුල..

    මේ 2012 වර්ෂය.. ශ්‍රවන්ති කියලා වෛද්‍ය ශීෂ්‍යාවක් ඉන්නවා.. එයා ඉන්නෙ පැරීසියෙ.. එයා හැමදාම රෑට හීනයක් දකිනවා.. කොල්ලෙක් පිටිපස්ස හැරිලා ඉන්නවා.. මෙයා එයාගාවට ගිහින් එයාගෙ අතින් අල්ලගන්නවා.. ඒත් මොන කරුමයක්ද මන්දා ශ්‍රවන්තිට කවදාවත් ඒ කොල්ලගෙ මූණ පේන්නෙ නෑ..

    රාම් කියලා කඩවසම් කොල්ලෙක් ඉන්නවා.. බුවා නම් පට්ට සෙල්ලක්කාර, මුරණ්ඩු කොල්ලෙක්.. ඉගෙනීමටත් බොහොම දුර්වලයි.. ෆන් එකේ ඉන්න එක තමා බුවාට ඕන එකම දේ.. රාම්ගෙ ක්‍රියාපටිපාටිය නිසා රාම්ගෙ තාත්තට රාම් ගැන කලකිරෙනවා.. රාම්ගෙ තාත්තා පුංචි ප්ලෑන් එකක් ගහලා රාම්ව පැරීසියට යවනවා.. ඒ එයාගෙ යාලුවෙක්ගෙ වයින් කම්හලක සේවයට.. එතන කම්කරු සේවකයෙක් විදියට තමා රාම්ට වැඩ කරන්න සිද්ධ වෙන්නෙ..

    රාම්ට මලේ මල පනිනවා.. දවසක් රාම් ඒ කම්හලේ වාහනයක් අරගෙන පොඩි රවුමක් යද්දි බියර් කෑන් එකක් එයාගෙ මූණට වඳිනවා.. ඒ වෙලාවෙදි එයාට යම්කිසි අමුත්තක් දැනෙනවා.. ඒත් ඒක රාම් ලොකුවට ගණන් ගන්නෙ නෑ.. රාම් ඔහොම ටික දුරක් යද්දි දකිනවා කෙල්ලෙක් ගඟට පනින්න හදනවා.. එයා දුවගෙන ගිහින් එයාව බේරගන්නවා.. බේරගෙන හොඳටම බනිනවා.. ඔය අතරෙදි අර වයින් කම්හලේ ලොක්කා ඇවිත් රාම්ව ආයෙම වයින් කම්හලට ඇදගෙන යනවා..

    දවසක් රාම් නිදාගෙන ඉද්දි අර ගඟට පනින්න ගියපු ගෑණු කෙනා මෙයාගෙ කාමරේට එනවා.. රාම් එකපාරම උඩ ගිහින් බිම වැටෙනවා.. ඇයි දෙයියනේ කෙල්ලෙක් කොල්ලෙක්ගෙ කාමරේට ආවම බයවෙන්නැද්ද..? කෙල්ල නම් කියන්නෙ එයාගෙ පස්සෙන් කට්ටියක් එලවගෙන ආවා.. ඒ නිසා එයාලගෙන් බේරෙන්න මෙතනට ආවා කියලයි..

    රාම්ට ඒ ගෑණු ළමයා හැමදාම වගේ මුණගැහෙනවා.. නිතර නිතර වගේ.. සමහර දවස්වලට ඒ ගෑණු ළමයා රාම්ගෙ කාමරේටත් එනවා මොකක් හරි බොරුවක් කියාගෙන.. ඒ ගෑනු ළමයට ඕන වෙලා තියෙන්නෙ ඉන්දියාවට පැනගන්න.. ඒකට රාම්ගෙන් උදව් ගන්න ඕන නිසයි මෙයා පස්සෙන් එන්නෙ.. කොහොම හරි දවසක මේ දෙන්නා ඉන්දියාවට පැණගන්න සූදානම් වෙනවා.. ඒත් කරුමෙට කෙල්ලට ඉන්දියාවට යාගන්න බැරි වෙනවා..

    මේ කෙල්ල කවුද කියනවා නම් අර ඉන්දියානු තානාපතිගෙ දුව.. ශ්‍රවන්ති කියන වෛද්‍ය ශීෂ්‍යාව.. ඔය ගැන රාම් හොයාගන්නෙ පහුවෙලා.. ඒකත් අහම්බෙන්.. මෙයා ඒ ගැන රාම්ට කියන්නෑ.. එයාට ආරක්ෂාව වැඩි නිසා රාම් හිතන්නෙ එයා අහුවෙන්න ඇති කියලා ආරක්ෂක නිළධාරීන්ට... ඒකටත් හේතුවක් තිබුණා.. ශ්‍රවන්ති දැඩි ආරක්ෂාවක් යටතේ හැදෙන වැඩෙන කෙල්ලෙක්.. මෙයාට වැඩි නිදහසක් නෑ.. යන යන තැන ආරක්ෂක නිළධාරියො.. එයාට ඒ ජීවිතේ එපා වෙලා තිබුණෙ.. දවසක් එයාගෙ තාත්තා රටින් පිට යනවා රාජකාරී වැඩකට.. දින දහයකින් තමා ආපහු එන්නෙ.. ඒ අතරෙ කෙල්ල හොරෙන් ගෙදරින් පැනගන්නවා.. පැනගෙන එයා හදන්නෙ ඉන්දියාවට යන්න.. ඒත් ඒක මගෑරුනනේ.. රාම් තනියම ඉන්දියාවට යනවා..

    ඒත් එතනදි හිතාගන්න බැරි සිද්ධියක් වෙනවා.. රාම් එයාපෝර්ට් එකෙන් බහිද්දි ශ්‍රවන්ති එයා ගාව.. මේක කොහොමවත් වෙන්න බැරි දෙයක්.. මොකද ශ්‍රවන්ති ඒ ප්ලේන් එකේ ආවෙ නෑ කියලා රාම් හොඳටම දන්නවා.. එයා පුදුම වෙනවා.. ඒත් ශ්‍රවන්ති රාම්ට මෙහෙම දෙයක් කියනවා.. “ඔයා පුළුවන් ඉක්මනට ගාන්ධි හොස්පිට්ල් එකට ගිහින් ඩොක්ටර් සවිතා මුණගැහෙන්න.. එයා ඉන්නෙ ICU එකේ..” කියලා ශ්‍රවන්ති යන්න යනවා..

    රාම් හොස්පිට්ල් එකට ගිහින් සවිතා ඩොක්ටර්ව මුණගැහෙනවා.. රාම්, ශ්‍රවන්ති ගැන ඩොක්ටර්ට කිව්වත් එයා එහෙම කෙනෙක් දන්නෙ නෑ කියනවා.. රාම්ට පිස්සු වගේ.. ඒත් රාම් වටපිට බලද්දි.. ශ්‍රවන්ති ICU එකේ ඇඳක ඉන්නවා.. ඇයි දෙයියනේ මේ ඩිංගකට කලින් එයා ගාව හිටපු ශ්‍රවන්ති කොහොමද මේ ICU එකේ ඇඳක ඉන්නෙ.. රාම් හැරිලා බලද්දි ඒ ශ්‍රවන්තිත් රාම් ගාව ඉන්නවා.. දැන් රාම්ගෙ ඔලුව යකාගෙ කම්මල වගේ.. ඇයි දෙයියනේ ශ්‍රවන්තිලා දෙන්නෙක්.. මේක කොහොමද වෙන්නෙ..?

    “දෙයියනේ.. ඔයාට මුකුත් උනේ නෑ නේද ශ්‍රවන්ති..? ඔයා මේ කෙල්ල දැක්කද..? හරියට ඔයා වගේමයි..” රාම් එයා ළඟ හිටගෙන ඉන්න ශ්‍රවන්තිට කියනවා.

    “මේක පෙන්නන් තමයි මං මෙච්චර දුරක් ඔයාව අරගෙන ආවෙ රාම්..” ශ්‍රවන්ති ගොඩක් දුකින් කියනවා කියනවා.

    “මේ ඉන්නෙ ඔයාගෙ සහෝදරියක්ද..?” රාම් අහන්නෙ පුදුමයෙන්.

    ඊට පස්සෙ ශ්‍රවන්ති වෙච්ච හැම සිද්ධියක්ම රාම්ට කියනවා.. කවුද මේ රාම් ලග ඉන්න ශ්‍රවන්ති.. කවුද මේ ICU එකේ ඉන්න ශ්‍රවන්ති..? ඒ ශ්‍රවන්තිගෙ සහෝදරියක්ද..? එහෙමත් නැත්තං මේ අර ලෙඩ ඇඳේ ඉන්න ශ්‍රවන්තිගෙ ආත්මයද..? ඒත් කොහොමද ශ්‍රවන්ති මැරෙන්නෙ නැතුව ආත්මය එළියට එන්නෙ.. මේක නම් ප්‍රශ්න පත්තරයක්.. ඒත් ඔය හැම එකටම උත්තරේ මේ ෆිල්ම් එක බැලුවම හොයාගන්න පුළුවන් වෙයි.. ඇත්තටම ගොඩක් ලස්සන ෆිල්ම් එකක්.. කුතුහලය උපරිමයෙන්ම තියෙනවා.. ඒ වගේම ගොඩක්ම ලස්සන ආදර කතාවක්..

    IMDB LINK: http://www.imdb.com/title/tt2385073/

    චිත්‍රපටය Online බලන්න කැමති නම් YouTube එකේ Full Movie එක තියෙනවා..



    එහෙම බලන්න අකමැති කෙනෙක් ඉන්නවා මෙතනින් ඩවුන්ලෝඩ් කරගෙන බලන්න

    ddrshowtime.png


    ep1cd.png


    Movie Info:
    ddrss.png


    පහලින් ටොරන්ට් ෆයිල් එක බාගන්න

    seal1.png


    Endukante Premanta (2012) - DVDRip - XviD - 1CDRip - DDR


    සැමට ජය හා සතුට.. තවත් ෆට්ට ෆිල්ම් එකක් හොයාගත්තොත් දාන්නම්..

    fdgdg.gif

     
    • Like
    Reactions: ~Titi~ and Nohim Ys

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    දෙමල බලන්නේ නොමැත.. :frown:
    වෙන හොද film ටිකක් කියහන් කො..
    කොන් ටිකි බැලුව..

    shawshank redeption වගේ පට්ට එව්වා :(
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    දෙමල බලන්නේ නොමැත.. :frown:
    වෙන හොද film ටිකක් කියහන් කො..
    කොන් ටිකි බැලුව..

    shawshank redeption වගේ පට්ට එව්වා :(

    A Beautiful Mind
    Orphan
    The Godfather
    Braveheart
    Thor
    Apocalypto
    Gladiator
    The Ring
    The Impossible
    21 Jump Street
    Lincoln
    End of Watch
    The Hangover
    The Hobbit
    Bourne Legacy
    Scream

    Love Story බලනවා නම් Nicholas Sparksගෙ නව කතා වලින් හඳපු Movies ටික පට්ට

    The Note Book
    Dear John
    A Walk to Remember
    Message in a Bottle
    Night in Rodanthe
    Safe Haven
    The Lucky One
    The Last Songs

    තව හොඳ ඒවා තියෙනවා බං.. ඒත් මතකයක් නෑ.. මතක් වෙච්ච වෙලාවට උඹට VM දාන්නං.. :yes:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    Rebel (2012) එකෙත් තමන්නහ අක්ක පට්ට විදියට රගපානවා බන්
    පට්ටම එකත් බලපන්
    එක වෙලාවකට කොල්ලෙක් වගේ ඕයි


    558279_404863052941872_1552780853_n.jpg


    උබ කියන එක නම් බලල නෑ බලන්න ඕනේ
    එලද කතාව
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    A Beautiful Mind
    Orphan
    The Godfather
    Braveheart
    Thor
    Apocalypto
    Gladiator
    The Ring
    The Impossible
    21 Jump Street
    Lincoln
    End of Watch
    The Hangover
    The Hobbit
    Bourne Legacy
    Scream

    Love Story බලනවා නම් Nicholas Sparksගෙ නව කතා වලින් හඳපු Movies ටික පට්ට

    The Note Book
    Dear John
    A Walk to Remember
    Message in a Bottle
    Night in Rodanthe
    Safe Haven
    The Lucky One
    The Last Songs

    තව හොඳ ඒවා තියෙනවා බං.. ඒත් මතකයක් නෑ.. මතක් වෙච්ච වෙලාවට උඹට VM දාන්නං.. :yes:
    Mewa Patta Paranai Ne Saho
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Rebel (2012) එකෙත් තමන්නහ අක්ක පට්ට විදියට රගපානවා බන්
    පට්ටම එකත් බලපන්
    එක වෙලාවකට කොල්ලෙක් වගේ ඕයි



    උබ කියන එක නම් බලල නෑ බලන්න ඕනේ
    එලද කතාව
    ඔව්.. මේකි සිරා චරිතෙ.. ඒත් ලොකු ලස්සනක් නෑ මෙයාගෙ.. සුද විතරයි.. Asin, Kajal එහෙම පට්ට.. :yes:
    ෆිල්ම් එක සුප්පා මචෝ.. ආයෙ කතා දෙකක් නෑ.. චාටර් නම් මෙච්චර අමාරුවෙන් ලියලා දාන්නෑ.. Kon Tiki එකත් සචියට අල්ලලා ගිහින් තිබුණා..:D


    Mewa Patta Paranai Ne Saho
    ඔව්.. මං බලපු හොඳ ෆීල්ම් ටිකක්.. අරූ බලපු නැති එවත් ඇති මෙතන.. ඒකයි දැම්මෙ.. උඹ The Impossible ෆිල්ම් එක බැලුවද..? ඇඬෙනවනේ..

    dnt like tamil movies :(
    මේක Tamil නෙමේ නංගා.. Telugu Movie එකක්.. Tamil ෆිල්ම් වල ගොඩක් ඉන්නෙ වයසක චරිත.. මේකෙ කතාව නම් පට්ටයි නංගි.. Telugu චිත්‍රපට ගොඩක් හින්දි ෆිල්ම්ස් වගේ තමා.. මේක සිරා ලව් ස්ටෝරියක්.. YouTube එකේ Full Movie එක ඇති..:D

    Thanks නුවන් අයියා..:yes: ඔයත් Telugu චිත්‍රපට බලන්නැද්ද..? :D
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ඔව්.. මේකි සිරා චරිතෙ.. ඒත් ලොකු ලස්සනක් නෑ මෙයාගෙ.. සුද විතරයි.. Asin, Kajal එහෙම පට්ට.. :yes:
    ෆිල්ම් එක සුප්පා මචෝ.. ආයෙ කතා දෙකක් නෑ.. චාටර් නම් මෙච්චර අමාරුවෙන් ලියලා දාන්නෑ.. Kon Tiki එකත් සචියට අල්ලලා ගිහින් තිබුණා..


    ඔව්.. මං බලපු හොඳ ෆීල්ම් ටිකක්.. අරූ බලපු නැති එවත් ඇති මෙතන.. ඒකයි දැම්මෙ.. උඹ The Impossible ෆිල්ම් එක බැලුවද..? ඇඬෙනවනේ..
    ඒ උනාට එකී මට ලස්සනයි යකෝ
    කාජල් නම් කොහොමත් එළකිරි නෙ
    සේරටම වඩා ලස්සනයි ප්‍රීටි සින්ටා :love::love:
    ඕකී අපු දෙපාරම බලන්න ගියා
    Kandy And Colombo;)


    Impossible එකේ බ්ලුරේ රිප් නෑ බන් තාම අවුට් වෙලා ටොරෙන්ට් වලවත්
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    A Beautiful Mind
    Orphan
    The Godfather
    Braveheart
    Thor
    Apocalypto
    Gladiator
    The Ring
    The Impossible
    21 Jump Street
    Lincoln
    End of Watch
    The Hangover
    The Hobbit
    Bourne Legacy
    Scream


    Love Story බලනවා නම් Nicholas Sparksගෙ නව කතා වලින් හඳපු Movies ටික පට්ට

    The Note Book
    Dear John
    A Walk to Remember
    Message in a Bottle
    Night in Rodanthe
    Safe Haven
    The Lucky One
    The Last Songs

    :no::no::no:

    තව හොඳ ඒවා තියෙනවා බං.. ඒත් මතකයක් නෑ.. මතක් වෙච්ච වෙලාවට උඹට VM දාන්නං.. :yes:

    එල :cool: උම්ම්මා..
    9.gif
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඒ උනාට එකී මට ලස්සනයි යකෝ
    කාජල් නම් කොහොමත් එළකිරි නෙ
    සේරටම වඩා ලස්සනයි ප්‍රීටි සින්ටා :love::love:
    ඕකී අපු දෙපාරම බලන්න ගියා
    Kandy And Colombo;)


    Impossible එකේ බ්ලුරේ රිප් නෑ බන් තාම අවුට් වෙලා ටොරෙන්ට් වලවත්
    ඔව් මාත් බැලුවෙ DVD RIP එක..:yes: අවුලක් නෑ.. කොලිටිය හොඳයි..

    මම කිව්වෙ මෙන්න මේ කාජල් අක්කා ගැන බං..

    kajal-agarwal-hot-photos-26.jpg


    එල :cool: උම්ම්මා..
    9.gif
    :love::love::love::love::love:
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    උඔ ඩීවීඩී එකකට රයිට් කරලා ගෙදරටම එව්වොත් බලන්නම්....
    නැත්තං වෙන විදියක් නැහැ බං :(
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    උඔ ඩීවීඩී එකකට රයිට් කරලා ගෙදරටම එව්වොත් බලන්නම්....
    නැත්තං වෙන විදියක් නැහැ බං :(
    ඇයි බං ඒ..? ඩවුන්ලෝඩ් කරලා බලන්න අමාරුද..? නෙට් ස්ලෝව්ද..? :(
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ඇයි බං ඒ..? ඩවුන්ලෝඩ් කරලා බලන්න අමාරුද..? නෙට් ස්ලෝව්ද..? :(

    ඔව් සනා....මම ප්‍රී පේඩ් යන්නේ රු89ට 450 මෙගා බයිට්...:baffled:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    kathawe ithuru tikath kiyanna barida :P:rofl:
    balanna one, balala kiyannam hodada kiyala.. :)