ඇත්තටම ඒක ආත්මීය බැඳිමක් කොල්ලනේ..
Endukante Premanta චිත්‍රපටයෙ එන කතාව ගැන කිව්වොත් අනිත් චිත්‍රපට වලට වඩා ගොඩක්ම වෙනස් ආදර කතාවක්.. මං මෙහෙම කතාව පටන්ගන්නම්.. මුලින්ම මේ සිද්ධිය පටන්ගන්නෙ 1980 වර්ශයෙ වෙච්ච සිද්ධියකින්.. ක්‍රිෂ්නා කියලා කඩවසම් කොල්ලෙක් ඉන්නවා.. ශ්‍රීනිධි කියන්නෙ වෛද්‍ය විද්‍යාලයේ සිසුවියක්.. ක්රීෂ්නා ශ්රීනිධිට පණ ඇරලා ආදරය කරනවා.. ඒත් අවුරුදු තුනක් තිස්සෙ එයා බස් හෝල්ට් එකට වෙලා ශ්‍රීනිධි දිහා බලාගෙන ඉන්නවා විතරයි.. එයාගෙ හිතේ තියෙන ආදරේ ශ්රීනිධීට ප්‍රකාශ කරන්නෙ නැහැ.. කරුමෙ කියන්නෙ ශ්‍රීනිධී, ක්‍රිෂ්නා දිහා බලන්නෙ නෑ.. එයාගෙ කකුල් දෙක ගාවින්පටන්ගෙන පපුව ගාවට වෙනකන් බලලා මූණ නොබල අහක බලාගන්නවා.. ඒක එයාගෙ යාලුවට ලොකු ප්‍රශ්නයක්.. ඇයි දෙයියනේ ඒ අහිංසක කොල්ලා අවුරුදු තුනක් තිස්සෙ මෙයා වෙනුවෙන් බලන් ඉන්නවා.. කැමති නැත්තං කැමති නෑ කියන්න එපෑය.. නිකං රස්තියාදු කරන්නෙ.. ඒ නිසා දවසක් ශ්රීනිධීගෙ යාලුවා එයා එක්ක මේ ගැන කතා කරනවා.
“ඔයාට තියෙන්නෙ ගල් හිතක්ද..? පවු ඒ අසරණ කොල්ලා.. ඔයා වෙනුවෙන් අවුරුදු තුනක් තිස්සෙ බලාගෙන ඉන්නවා.. අඩුම තරමෙ ඔයා එයාගෙ මූණවත් බලන්නෑ.. ඔයා දැක්කද ඒ කොල්ලා මොන තරම් කඬවසම්ද කියලා.. ඔයත් එයාට කැමතියි නේද..?”
“නෑ.. මං එයාට කැමති නෑ..” ශ්‍රීනිධී කියනවා.
“එහෙනම් ඇයි එයා බස් හෝල්ට් එකට එන හැම වෙලාවකම ඔයා අපහසුවෙන් වගේ ඉන්නෙ..? ඔයා එයාට කැමති නැත්තං.. එයාට කෙලින්ම කියන්න මං ඔයාට කැමති නෑ.. ආයෙම මාව බලන්න එන්න එපා කියලා..” ශ්රීනිධීගෙ යාලුවා ආයෙම කියනවා.. ඒත් ශ්රීනිධීගෙන් ඒකට ලැබෙන්නෙ වෙනස්ම උත්තරයක්..
“මට බයක් දැනෙනවා මං එයාගෙ මූණ දැක්කොත් මගේ හිතේ එයා ගැන ආදරයක් ඇතිවෙයි කියලා.. ඒකයි මං එහෙම කරන්නෙ..”
“ආ.. ඔයා එයාට ආදරේ කරන්නෑ.. ඒත් එයා ඔයාගෙ පස්සෙන් එන්න ඕන.. එහෙමද..? ඔයා නම් හරිම ආත්මාර්තකාමියි..” යාලුවා කියනවා..
“ඔව්..! මම ආත්මාර්තකාමියි.. මගේ තාත්තා ජීවතුන් අතර නෑ.. මට නංගිලා දෙන්නෙක් ඉන්නවා.. මගේ අම්මා මං ගැන ලොකු බලාපොරොත්තු තියාගෙන ඉන්නෙ.. එයා මට උගන්වන්න ගොඩක් මහන්සි වෙනවා.. මේ දේවල් නිසා මට එයාට ආදරේ කරන්න බෑ...” ශ්‍රීනිධි දුකින් කියනවා..
“මට සමාවෙන්න.. අඩුමගානෙ ඔයා එයාට බොරුවක්වත් කියන්න.. ඔයා එයාට අකමැතියි කියලා.. මෙහෙම කරලා එයාගෙ හිතේ තියෙන බලාපොරොත්තු තවත් වැඩි කරන්න එපා.. ඔයා දන්නවද එයා ඔයා වෙනුවෙන් කොච්චර කලක් බලාගෙන හිටියද කියලා..? හරියටම අවුරුදු තුනක්.. හෙට අපේ විද්‍යාලයෙ අන්තිම දවස..” යාලුවා ආයෙම කියනවා..
ඊළඟ දවස බොහොම ඉක්මනින් උදාවෙනවා.. එදා ශ්‍රීනිධී බස්හෝල්ට් එක දිහා බලාගෙන යනවා.. ඒත්... ක්රිණ්ෂා බස්හෝල්ට් එකේ එදා හිටියෙ නෑ.. ඒත් හිතුවෙවත් නැති විදියට ක්‍රිෂ්ණා කොන්දොස්තරගෙන් බැනුම් අහගෙනම ශ්‍රීනිධිගෙ බස් එකට නැගලා.. ඒ එයාගෙ හිතේ තියෙන ආදරේ ශ්රීනිධිට ප්‍රකාශ කරන්න.. කරුමෙක මහත........ ඒ වෙලාවෙම ඒ බස්රථය අනතුරකට ලක්වෙනවා.. ඒ සිද්ධියෙන් ශ්‍රීනිධිගෙ ජීවිතේ අහිමි නොවුනත් එයාගෙ ජීවිතේ බේරලා ක්‍රිෂ්ණා මේ ලෝකෙන් සඳහටම යන්න යනවා.. ශ්‍රීනිධී හොඳටම පසුතැවෙනවා එයා ඇයි ක්රිණ්ෂා දිහා මෙච්චර කාලෙකට ඇහැක් ඇරලා බැලුවෙ නැත්තෙ කියලා.. අවුරුදු තුනක් ක්‍රිෂ්ණා එයා දිහා බැලුවත් ශ්‍රීනිධි කවදාවත් ක්‍රිෂ්ණාගෙ මූණ දිහා බැලුවෙ නෑ.. ඒ වෙලාවෙදි ක්‍රිෂ්ණාගෙ සොහොන ළඟදිම වේදනාව වැඩිකමින්ම ශ්‍රීනිධිගෙ ජීවිතයත් අහිමි වෙනවා.. ඔය 1980 සිද්ධවෙච්ච කතාව.. එදා ඒ දෙන්නා තමන්ගෙ හිතේ තියෙන ආදරේ ප්‍රකාශ කරන්න ප්‍රමාද උනේ නැත්නම් ඒ ජීවිත දෙකම අද ඉතිරි වෙනවා.. ඒ දෙන්නම සතුටින් ජීවත් වෙනවා.. ප්‍රමාධය තමා හැමදේටම මුල..
මේ 2012 වර්ෂය.. ශ්‍රවන්ති කියලා වෛද්‍ය ශීෂ්‍යාවක් ඉන්නවා.. එයා ඉන්නෙ පැරීසියෙ.. එයා හැමදාම රෑට හීනයක් දකිනවා.. කොල්ලෙක් පිටිපස්ස හැරිලා ඉන්නවා.. මෙයා එයාගාවට ගිහින් එයාගෙ අතින් අල්ලගන්නවා.. ඒත් මොන කරුමයක්ද මන්දා ශ්රවන්තිට කවදාවත් ඒ කොල්ලගෙ මූණ පේන්නෙ නෑ..
රාම් කියලා කඩවසම් කොල්ලෙක් ඉන්නවා.. බුවා නම් පට්ට සෙල්ලක්කාර, මුරණ්ඩු කොල්ලෙක්.. ඉගෙනීමටත් බොහොම දුර්වලයි.. ෆන් එකේ ඉන්න එක තමා බුවාට ඕන එකම දේ.. රාම්ගෙ ක්‍රියාපටිපාටිය නිසා රාම්ගෙ තාත්තට රාම් ගැන කලකිරෙනවා.. රාම්ගෙ තාත්තා පුංචි ප්ලෑන් එකක් ගහලා රාම්ව පැරීසියට යවනවා.. ඒ එයාගෙ යාලුවෙක්ගෙ වයින් කම්හලක සේවයට.. එතන කම්කරු සේවකයෙක් විදියට තමා රාම්ට වැඩ කරන්න සිද්ධ වෙන්නෙ..
රාම්ට මලේ මල පනිනවා.. දවසක් රාම් ඒ කම්හලේ වාහනයක් අරගෙන පොඩි රවුමක් යද්දි බියර් කෑන් එකක් එයාගෙ මූණට වඳිනවා.. ඒ වෙලාවෙදි එයාට යම්කිසි අමුත්තක් දැනෙනවා.. ඒත් ඒක රාම් ලොකුවට ගණන් ගන්නෙ නෑ.. රාම් ඔහොම ටික දුරක් යද්දි දකිනවා කෙල්ලෙක් ගඟට පනින්න හදනවා.. එයා දුවගෙන ගිහින් එයාව බේරගන්නවා.. බේරගෙන හොඳටම බනිනවා.. ඔය අතරෙදි අර වයින් කම්හලේ ලොක්කා ඇවිත් රාම්ව ආයෙම වයින් කම්හලට ඇදගෙන යනවා..
දවසක් රාම් නිදාගෙන ඉද්දි අර ගඟට පනින්න ගියපු ගෑණු කෙනා මෙයාගෙ කාමරේට එනවා.. රාම් එකපාරම උඩ ගිහින් බිම වැටෙනවා.. ඇයි දෙයියනේ කෙල්ලෙක් කොල්ලෙක්ගෙ කාමරේට ආවම බයවෙන්නැද්ද..? කෙල්ල නම් කියන්නෙ එයාගෙ පස්සෙන් කට්ටියක් එලවගෙන ආවා.. ඒ නිසා එයාලගෙන් බේරෙන්න මෙතනට ආවා කියලයි..
රාම්ට ඒ ගෑණු ළමයා හැමදාම වගේ මුණගැහෙනවා.. නිතර නිතර වගේ.. සමහර දවස්වලට ඒ ගෑණු ළමයා රාම්ගෙ කාමරේටත් එනවා මොකක් හරි බොරුවක් කියාගෙන.. ඒ ගෑනු ළමයට ඕන වෙලා තියෙන්නෙ ඉන්දියාවට පැනගන්න.. ඒකට රාම්ගෙන් උදව් ගන්න ඕන නිසයි මෙයා පස්සෙන් එන්නෙ.. කොහොම හරි දවසක මේ දෙන්නා ඉන්දියාවට පැණගන්න සූදානම් වෙනවා.. ඒත් කරුමෙට කෙල්ලට ඉන්දියාවට යාගන්න බැරි වෙනවා..
මේ කෙල්ල කවුද කියනවා නම් අර ඉන්දියානු තානාපතිගෙ දුව.. ශ්‍රවන්ති කියන වෛද්‍ය ශීෂ්‍යාව.. ඔය ගැන රාම් හොයාගන්නෙ පහුවෙලා.. ඒකත් අහම්බෙන්.. මෙයා ඒ ගැන රාම්ට කියන්නෑ.. එයාට ආරක්ෂාව වැඩි නිසා රාම් හිතන්නෙ එයා අහුවෙන්න ඇති කියලා ආරක්ෂක නිළධාරීන්ට... ඒකටත් හේතුවක් තිබුණා.. ශ්‍රවන්ති දැඩි ආරක්ෂාවක් යටතේ හැදෙන වැඩෙන කෙල්ලෙක්.. මෙයාට වැඩි නිදහසක් නෑ.. යන යන තැන ආරක්ෂක නිළධාරියො.. එයාට ඒ ජීවිතේ එපා වෙලා තිබුණෙ.. දවසක් එයාගෙ තාත්තා රටින් පිට යනවා රාජකාරී වැඩකට.. දින දහයකින් තමා ආපහු එන්නෙ.. ඒ අතරෙ කෙල්ල හොරෙන් ගෙදරින් පැනගන්නවා.. පැනගෙන එයා හදන්නෙ ඉන්දියාවට යන්න.. ඒත් ඒක මගෑරුනනේ.. රාම් තනියම ඉන්දියාවට යනවා..
ඒත් එතනදි හිතාගන්න බැරි සිද්ධියක් වෙනවා.. රාම් එයාපෝර්ට් එකෙන් බහිද්දි ශ්‍රවන්ති එයා ගාව.. මේක කොහොමවත් වෙන්න බැරි දෙයක්.. මොකද ශ්‍රවන්ති ඒ ප්ලේන් එකේ ආවෙ නෑ කියලා රාම් හොඳටම දන්නවා.. එයා පුදුම වෙනවා.. ඒත් ශ්‍රවන්ති රාම්ට මෙහෙම දෙයක් කියනවා.. “ඔයා පුළුවන් ඉක්මනට ගාන්ධි හොස්පිට්ල් එකට ගිහින් ඩොක්ටර් සවිතා මුණගැහෙන්න.. එයා ඉන්නෙ ICU එකේ..” කියලා ශ්‍රවන්ති යන්න යනවා..
රාම් හොස්පිට්ල් එකට ගිහින් සවිතා ඩොක්ටර්ව මුණගැහෙනවා.. රාම්, ශ්‍රවන්ති ගැන ඩොක්ටර්ට කිව්වත් එයා එහෙම කෙනෙක් දන්නෙ නෑ කියනවා.. රාම්ට පිස්සු වගේ.. ඒත් රාම් වටපිට බලද්දි.. ශ්‍රවන්ති ICU එකේ ඇඳක ඉන්නවා.. ඇයි දෙයියනේ මේ ඩිංගකට කලින් එයා ගාව හිටපු ශ්‍රවන්ති කොහොමද මේ ICU එකේ ඇඳක ඉන්නෙ.. රාම් හැරිලා බලද්දි ඒ ශ්රවන්තිත් රාම් ගාව ඉන්නවා.. දැන් රාම්ගෙ ඔලුව යකාගෙ කම්මල වගේ.. ඇයි දෙයියනේ ශ්රවන්තිලා දෙන්නෙක්.. මේක කොහොමද වෙන්නෙ..?
“දෙයියනේ.. ඔයාට මුකුත් උනේ නෑ නේද ශ්‍රවන්ති..? ඔයා මේ කෙල්ල දැක්කද..? හරියට ඔයා වගේමයි..” රාම් එයා ළඟ හිටගෙන ඉන්න ශ්රවන්තිට කියනවා.
“මේක පෙන්නන් තමයි මං මෙච්චර දුරක් ඔයාව අරගෙන ආවෙ රාම්..” ශ්‍රවන්ති ගොඩක් දුකින් කියනවා කියනවා.
“මේ ඉන්නෙ ඔයාගෙ සහෝදරියක්ද..?” රාම් අහන්නෙ පුදුමයෙන්.
ඊට පස්සෙ ශ්‍රවන්ති වෙච්ච හැම සිද්ධියක්ම රාම්ට කියනවා.. කවුද මේ රාම් ලග ඉන්න ශ්‍රවන්ති.. කවුද මේ ICU එකේ ඉන්න ශ්‍රවන්ති..? ඒ ශ්රවන්තිගෙ සහෝදරියක්ද..? එහෙමත් නැත්තං මේ අර ලෙඩ ඇඳේ ඉන්න ශ්රවන්තිගෙ ආත්මයද..? ඒත් කොහොමද ශ්‍රවන්ති මැරෙන්නෙ නැතුව ආත්මය එළියට එන්නෙ.. මේක නම් ප්‍රශ්න පත්තරයක්.. ඒත් ඔය හැම එකටම උත්තරේ මේ ෆිල්ම් එක බැලුවම හොයාගන්න පුළුවන් වෙයි.. ඇත්තටම ගොඩක් ලස්සන ෆිල්ම් එකක්.. කුතුහලය උපරිමයෙන්ම තියෙනවා.. ඒ වගේම ගොඩක්ම ලස්සන ආදර කතාවක්..
IMDB LINK: http://www.imdb.com/title/tt2385073/

චිත්‍රපටය Online බලන්න කැමති නම් YouTube එකේ Full Movie එක තියෙනවා..
එහෙම බලන්න අකමැති කෙනෙක් ඉන්නවා මෙතනින් ඩවුන්ලෝඩ් කරගෙන බලන්න
Movie Info:
Endukante Premanta (2012) - DVDRip - XviD - 1CDRip - DDR
සැමට ජය හා සතුට.. තවත් ෆට්ට ෆිල්ම් එකක් හොයාගත්තොත් දාන්නම්..

පහලින් ටොරන්ට් ෆයිල් එක බාගන්නhttp://img441.imageshack.us/img441/63/99045242.png
http://img843.imageshack.us/img843/6818/77819616.png
http://img708.imageshack.us/img708/8824/83728960.png
http://img841.imageshack.us/img841/848/46180025.png
http://img96.imageshack.us/img96/9972/86347407.png
http://img211.imageshack.us/img211/5646/64469374.png
http://img145.imageshack.us/img145/5710/68236184.png

උම්ම්මා