ඇත්තටම සමහර friendship පුදුමාකාරයි

Samaposha

Well-known member
  • Nov 9, 2016
    520
    530
    93
    Habarana
    ඇත්තටම සමහර friendship පුදුමාකාරයි

    ඇත්තටම සමහර friendship පුදුමාකාරයි..:dull:
    ඒ කාලෙ ඉදන්ම ෆිට් එකේ හිටපු ගොඩක් උන් දැන් අපිව අදුරන්නෙත් නැති ගානයි!
    නිකන් දන්න අදුරන හින්දා කතා කලත් අර ෆිට් එක නෑ..
    ඒ මං දැන් ඉන්න විදිහ/මගේ fault/මං කරන දේවල්/
    කොටින්ම ලොකු බලාපොරොත්තු නැති,වැඩිය සමාජ ආශ්‍රයක් නැති අර කව්ද කිව්වා වගේ 'විහින් කාළකන්ණි වෙන' මගේ lifestyle එකම උන්ගෙ 'පිළිවෙලකට ජීවත් වෙන සාමාන්‍ය ජීවන රටාවට' නොගැලපීම.
    "ආහ් මූ දැන් ඉන්න විදිහට මූව ආශ්‍රය කලොත් අපේ තත්වෙටත් හොද මදි" කියල හිතනවා ඇති සමහරවිට...
    යථාර්ථය ඕකයි!
    එහෙමයි කියලා මට ඕන විදිහට ඉන්න එක නවත්වනවද? නෑ..🤘
    හැබැයි ඔය මොනදේ උනත් තවමත් එදා වගේම ඒ ෆිට් එක තියාගෙන ඕනම දේකට ඉන්න උන් හතර පස් දෙනෙකුත් ඉන්නවා 🖤
    උන්ට ඒ කිසිම දෙයක් අදාල නෑ!
    ඒ කොහොම උනත් ගොඩක් වටිනම friendship(එක)නම් නැති කරගත්තෙ, කියපු දේවල් misunderstand වෙලා
    #විහින්මයි! 😐😔
    දැන් 'සමහර අය' ගැනනම් මටම හිතෙනවා
    'යකෝ මෙයා දැන් ඉන්න විදිහත් එක්ක අපි නිකන් පොල්කාවයියො වගේ ගිහින් කතා කරන අව්ල් දැක්කෙ නෑ වගේ ඉන්ඩෝනෙ කියලත්!🤚😬
    [/COLO
    R]

     

    Attachments

    • 92509252_2854051668011827_8583945676717555712_n.jpg
      92509252_2854051668011827_8583945676717555712_n.jpg
      43.2 KB · Views: 43
    • Like
    Reactions: KavinduDD

    george boolean

    Well-known member
  • Jun 10, 2018
    545
    267
    63
    මටත් එහෙම තමයි මචං
    ඒත් මම පස්සෙ කාලෙක උන්ට වඩා වෙනස් විදියට හොද තැනකට ආවා උත්සහයෙන්.
    දැන් මම නම් උන්ගෙ යාළුකම් වටිනවා කියල හිතන්නෙ ම නෑ:lol:
    මම දැක්කත් අහක බලන් යනවා
     

    Samaposha

    Well-known member
  • Nov 9, 2016
    520
    530
    93
    Habarana
    මටත් එහෙම තමයි මචං
    ඒත් මම පස්සෙ කාලෙක උන්ට වඩා වෙනස් විදියට හොද තැනකට ආවා උත්සහයෙන්.
    දැන් මම නම් උන්ගෙ යාළුකම් වටිනවා කියල හිතන්නෙ ම නෑ:lol:
    මම දැක්කත් අහක බලන් යනවා

    අනිවාර්යයෙන් මචං! :yes:මාත් අවුලකට කිව්වා නෙවෙයි..යථාර්ථය මේකයි කියලා කිව්වෙ :yes::yes: