ඇත්තද බන් මේ රනිල් ලොක්කව හිරේ දාන්න හදනවා කියන්නේ? 🐘😥

Rick Sanchezz

Well-known member
  • Dec 19, 2020
    7,244
    11,157
    113
    image-2025-08-22-071727990.png


    Former President Ranil Wickremesinghe has been summoned before the CID on Friday in connection with an investigation into the alleged use of government funds for a private foreign tour, costing Rs. 16.9 million.

    So far, investigators have already questioned former presidential secretary Saman Ekanayake and former private secretary Sandra Perera as part of the inquiry.
     
    • Like
    Reactions: vito

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,157
    113
    දවස් 14ක්වත් දැම්මොත් වැඩ්ඩ කියලා පිලිගන්නවා.. නැත්නම් ඉතින් මේවා ජෙබයියන්ට mental masturbation තමයි..
    Munta pissu ban. Yako rate lokkata, rata sawaari gahanna beri nam ati wedak tiyenawada oya Janadipathi kamen. 😂😂

    03.jpg
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,543
    13,245
    113
    🌎
    Munta pissu ban. Yako rate lokkata, rata sawaari gahanna beri nam ati wedak tiyenawada oya Janadipathi kamen. 😂😂

    03.jpg
    හැමෝම විෆෙ ලත් එක්ක ඉද්දි මෛත්‍රිපාල නිමල් සිරිපාල ද සිල්වා ත් එක්ක ඉන්නෙ ඇයි??
     

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,396
    6,276
    113
    හැමෝම විෆෙ ලත් එක්ක ඉද්දි මෛත්‍රිපාල නිමල් සිරිපාල ද සිල්වා ත් එක්ක ඉන්නෙ ඇයි??

    නිමල් සිරිපලයාගේ ගෑණු ටික අරගෙන අවොත් අනිත් උන්ට සීට්ස් නැති වෙනවා
    මූ හැබැයි මෙතනත් නිදි
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,810
    113

    රනිල්ගේ බිරිය උපාධි ගන්න ටුවර් දාගෙන ගියේ රජයේ වියදමින්ද? අත්අඩංගුවට පත්වේවිද?​


    10 hours ago

    did-ranils-wife-go-on-a-graduation-tour-at-government-expense-will-she-be-arrested

    හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රජයේ වියදමින් පෞද්ගලික සංචාරවල නිරත වී තිබෙන බවට පවතින චෝදනා සම්බන්ධයෙන් සිකුරාදා (22) FCID හමුවේ ප්‍රකාශයක් ලබාදෙන්නට නියමිතය.
    මෙම චෝදනාවට අදාළව ඔහුගේ කාර්යාලයේ මෙම කටයුතු සම්බන්ධීකරණය කළ අයගෙන් පසුගිය දිනවල ප්‍රශ්නකිරීම් සිදු කෙරිණි.
    තමන්ට ගෝඨාභය රාජපක්ෂගෙ ඉතිරි කාලය සම්පූර්ණ කිරීමට ලැබුණ අවස්ථාව අවභාවිත කරමින් ජනවරමක් නොමැතිව පත්වූ ජනපතිවරයෙකු ලෙස හා රටේ ආර්ථික අර්බුදය පැවතියදී වියදම් අවම කරනු වෙනුවට අසාමාන්‍ය වියදමක් දරමින් රනිල් වික්‍රමසිංහ විදෙස් සංචාර වල නිෂ්ඵල සංචාර සිදුකර ඇතැයි පසුගියදා අගමැති හරිනි අමරසූරිය මෙනෙවියද පෙන්වා දුන්නාය. වික්‍රමසිංහ මහතා සිය ධුර කාලය තුළ විදේශ සංචාර තිස් තුනක් සිදු කර ඇති අතර, එම සංචාර සඳහා 154 දෙනෙකු සහභාගී කරවාගෙන ඇත.
    2023-2024 කාලය තුළ, ඔහු විදේශ සංචාර සඳහා රුපියල් කෝටි පනස් තුනකට අධික මුදලක් වැය කර ඇති අතර ඒවා සඳහා කිසිදු ඵලයක් නොලැබෙන විපක්ෂ මන්ත්‍රීවරුන්ද කැටුව යාම විශේෂිතය.
    - රනිල් වික්‍රමසිංහ මහතා එළිසබත් මහ රැජිනගේ අවමංගල උත්සවයට සහභාගි වූ අවස්ථාවේදී දස දෙනකු ඔහු සමඟ එහි ගොස් ඇත.


    - ජපානයේ හිටපු අගමැතිවරයාගේ අවමංගල්‍ය උත්සවයට සහභාගි වීමට වික්‍රමසිංහ මහතා සමඟ 18 දෙනකු ගොස් ඇත.
    - තුන්වැනි චාල්ස් රජුගේ 2023 පැවති රාජාභිෂේක උත්සවයට සහභාගි වීමට වික්‍රමසිංහ මහතා සමඟ දොළොස් දෙනකු ගොස් ඇත.
    - ඉන්දියාවේ සංචාරය සඳහා 23 දෙනකු සහභාගී වී ඇත.
    රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයාගේ සංචාර පිළිබඳව විවේචනාත්මකව අදහස් දැක්වූ අගමැතිනිය, ඔහු විදේශ සංචාර සඳහා යන විට විපක්ෂයේ මන්ත්‍රීවරුන් ද කැඳවාගෙන ගිය බවත්, මෙම ක්‍රියාව අල්ලසක් ලෙස සැලකිය හැකි බවත් ප්‍රකාශ කළාය. "මේ සභාවේ සිටින අය මෙන්ම නැති අය ද ගොස් ඇති" බව පවසමින් ඇය විදේශ සංචාර වල අයථා භාවිතය පිළිබඳව දැඩි විවේචනයක් එල්ල කළාය.

    කෙසේ වෙතත් රනිල් වික්‍රමසිංහ කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් මෙම චෝදනා ප්‍රතික්ෂේප කර තිබුණි.

    හිටපු ජනාධිපතිවරයාගේ කාර්යාලය විසින් නිකුත් කරන ලද නිවේදනයට අනුව, රනිල් වික්‍රමසිංහ මහතා 2023 වසරේදී ලන්ඩනයේ සංචාර තුනක නිරත වී ඇත. එම සංචාර සියල්ලම නිල තත්වයේ සංචාර මිස පෞද්ගලික ඒවා නොවන බව කියා තිබේ.

    පළමු සංචාරය 2023 මැයි 9 වැනි දින සිදු කර ඇති අතර, එය III වැනි චාල්ස් රජතුමාගේ අභිෂේක උත්සවයට සහභාගී වීම සඳහා වූ නිල සංචාරයකි. මෙය රාජ්‍ය නායකයකු ලෙස ලද රාජ්‍ය තාන්ත්‍රික ආරාධනාවකට අනුව සිදු කළ සංචාරයක් බව නිවේදනයේ සඳහන් වෙයි.



    දෙවැනි වරට ලන්ඩනයට ගිය අවස්ථාව නම්, පැරිස් නුවර පැවති සමුළුවකට සහභාගී වීමෙන් අනතුරුව ජාත්‍යන්තර ප්‍රජාතාන්ත්‍රිකයන්ගේ සංගමයේ (International Democrat Union - IDU) 2023 සැසි වාරයට සහභාගී වීම සඳහා ලන්ඩන් නුවරට ගමන් කිරීමයි. මෙයද රාජ්‍ය නායකයකු ලෙස සිදු කළ නිල සංචාරයක් බව අවධාරණය කරයි.

    තෙවැනි සංචාරය සිදු වී ඇත්තේ හවානා නුවර පැවති G77 සමුළුවට සහභාගී වීමෙන් අනතුරුවය. එහිදී පළමුව නිව්යෝර්ක් නුවරට පැමිණ, අනතුරුව ලන්ඩන් නගරයට ගමන් කර ඇත. මෙම සංචාරයද රාජ්‍ය මට්ටමේ සමුළු සහ රැස්වීම් සඳහා සිදු කළ නිල චාරිකාවක් ලෙස නිවේදනයේ සඳහන් වේ.

    නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ, මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියට වුල්වර්හැම්ප්ටන් (Wolverhampton) විශ්ව විද්‍යාලයෙන් මහාචාර්ය පදවිය ප්‍රදානය කිරීමේ උත්සවයක් පැවැත්වූ බවයි. රනිල් වික්‍රමසිංහ මහතා මෙම උත්සවයට සහභාගී වූයේ නිව්යෝර්ක් නුවරට ගොස් පැමිණෙන අතරමගදී බව පැහැදිලි කරයි.

    නිවේදනයේ විශේෂයෙන් අවධාරණය කර ඇත්තේ "පෞද්ගලික සංචාරයක් සඳහා රනිල් වික්‍රමසිංහ මහතා කිසිදු අවස්ථාවක ලන්ඩන් නුවරට ගොස් නැති" බවයි. ඒ වෙනුවට ඔහු මෙම සංචාර අතරතුර විවිධ රාජ්‍ය නායකයන් රැසක් හමු වී ඇති බවද නිවේදනයෙන් කියැවෙයි.

    නිවේදනයෙන් තවදුරටත් පැහැදිලි කරන්නේ,

    ජනාධිපති බිරිඳ ලෙස මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය ඒ අතරතුරදී ජාත්‍යන්තර මට්ටමින් සංවිධානය කරන ලද විවිධ රැස්වීම්, වැඩමුළු ආදියට සහභාගී වූ බවයි. ඒ අතර, මහාචාර්ය පදවිය ප්‍රදානය කිරීමේ උත්සවයටද රනිල් වික්‍රමසිංහ මහතාට ආරාධනා කර තිබූ බව සඳහන් වේ.

    හිටපු ජනාධිපතිවරයාගේ කාර්යාලය මෙම නිවේදනයෙන් තවදුරටත් සඳහන් කරන්නේ, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ නිලධාරීන් සහභාගී වූ ලන්ඩන් සංචාරයක් සඳහා ප්‍රකාශ කෙරුණු ආකාරයේ අධික මුදලක් වැය වූයේ යැයි පැවැසීම අතිශය ගැටලු සහගත බවයි.

    වර්තමාන රජයට රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් කරන සංචාර පිළිබඳ නිසි අවබෝධයක් නොමැති බව මෙම කරුණු හමුවේදී පැහැදිලි වන බවද හිටපු ජනාධිපතිවරයාගේ කාර්යාලය අවසාන වශයෙන් පෙන්වා දී තිබුණි.

    සිකුරාදා (22) දිනයේ රනිල් වික්‍රමසිංහ මහතා මේ කරුණු ගැන වැඩිදුර පැහැදිලි කිරීම් සිදුකරනු ඇතැයි අපේක්ෂ‍ා කරන අතර දේශපාලන ආරංචි හෙළි කරන්නේ කෝටි ගණනක මුදල් නාස්ති කළ මෙම අවභාවිතාවන් තහවුරු වුවහොත් තරාතිරම නොබලා හිටපු ජනපතිවරයා අත්අඩංගුවට ගන්නටද ඉඩක් පවතින බවයි.
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,384
    26,912
    113
    Kandy
    දවස් 14ක්වත් දැම්මොත් වැඩ්ඩ කියලා පිලිගන්නවා.. නැත්නම් ඉතින් මේවා ජෙබයියන්ට mental masturbation තමයි..
    දායි පකක් රනිල් මහින්ද නාමල් සජිත් මේ කාවවත් ඇතුලට දාන් නෑ