ඇත්තින්නියට

asbw

Well-known member
  • Aug 30, 2015
    664
    268
    83
    මරි නම් ඇත්තින්නියට ලබා දුන් මරණ දඩවුම

    Murderous_Mary_1916_small.jpg




    justice15n-2-web.jpg



    මරි කියන්නේ ටෝන් 05කට ආසන්න දැවැන්ත ආසියානු ඇතින්නියක්.. ගොඩාක් මරිව දන්නේ මීනිමරු මරි කිව්වාම.. මෙයා ලෝක ප්‍රසිද්ධ සර්කස් කණ්ඩායමක් වන Sparks World එකේ රග දක්වපු ඇතින්නියක්.. ඒත් 1916 දී මෙයාගේ පුහුණුකරුව ඝාතනය කිරිමේ වරදට ප්‍රසිද්ධියේ එල්ලා මරණවා.. ඒ සිදුවීම ගැන කියන කතාවයි..
    1916 සැප්තැම්බර් 12 වෙනිදා වොල්ටර් එල්ඩ්‍රිජ් ඔහුව ගොඩාක් අය හැදින් වූයේ රෙඩ් කියලා මොකද එයාගේ කොණ්ඩේ නිසා ඒක රතු පාට කැරලි ගැහුණු කොණ්ඩයක් නිසා මෙයා තමයි ලෝක ප්‍රසිද්ධ සර්කස් කණ්ඩායමේ අලි ඇතුන් පුහුණු පුහුණුකරුවා විදිහට වැඩට ගත්ත කෙනා.. මේ පුද්ගලයාට අලි ඇතුන් පාලනය ගැන කිසිදු ආකාරයක සමාන්‍ය දැනීමක්වත් නෑ, ඒත් තිබුනු සුදුසුකම් ( ඇගපත) හා හෙණ්ඩුව පාලනය කර ගන්න පුළුවන් නිසා මේ මනුස්සයාව වැඩට ගත්තා..හැබැයි මෙයා සර්කස් එකේ වැඩ කරේ එක දවසයි... මරි තමයි මේ සර්කස් එකේ තරුව වුනේ අතුන්ගේ අංගයේ දී හැම වෙලාවෙම ඉදිරිය ගත්තේ මරි.. මේ මිනිමරුම සම්බන්ධව ඇසි දුටුවෙකු යැයි කියාගත් ඩබලිව්.එච්.කෝල්මාන් මෙසේ කියා තිබුනා.. එල්ඩ්‍රිජ් විසින් මරීගේ කණ පිටුපසට අල්ල කරපු පහරක් නිසා ඇය කෝප වුනු බවත් ඇයගේ හොඩවැලෙන් ඔහුව උස්සා වතුර තබා තිබී මෙසේය මතට විසි කර, පසුව ඔහු ළගට ගිය ඇය හිස පාගා පොඩි කර දැමූ බව කියා තිබුනා.......
    බියට පත් ප්‍රේක්ෂකයන් හිස් ලූලූ අත දිව ගිය අතර, එතන සිටි කම්මල්කරුවෙකු තමන් සතු ගිණි අවියෙන් වෙඩි ප්‍රහාර කිහිපයක් එල්ල කරලා තිබුනා ඒත් මේ දැවැන්ත ඇතින්නියට එයින් කිසිදු හානියක් වෙලා නම් නෑ. පසුව ඇය සන්සුන් වූ නමුත් බියට පත් ප්‍රේක්ෂකයන් “Kill the elephant, kill the elephant!” ( අලියාව මරන්න) ලෙස කියමින් කෑ ගසමින් දුව ගිය බව සදහන් වෙනවා.
    සර්කස් කණ්ඩායමේ අයිතිකරු වුනු චාර්ලි ස්පාර්ක්ස් ඔහු අවාසනාවන්ත තීරණයකට එළඹෙනවා ඒ ඇතින්නිය තවත් පිරිසකට කරදර කරන පොදු ස්ථානයකට යාමට පෙර ප්‍රශ්නය විසදන්න ඕන කියලා ඒකට ඔහු ගන්න තිරණය ඇතින්නිය ඝාතනය කිරීමයි. ඒ අනුව ක්‍රේන් එකක ඇතින්නිය ගැට ගසා එල්ලා මැරීමට තීරණය කරනු ලබනවා. එදා 1916 සැප්තැම්බර් 13 වෙනිදා දිනය හරියට මූසල දිනයක් වගේ මීදුමයි සමාන්‍ය පොද වැස්සකුයි වැටෙමින් තිබුනා.. මරී කිසිම දෙයක් දන්නේ නැතුව බලා සිටියා.. දැවැන්ත ක්‍රේන් එකක් සම්බන්ධ කරපු දුම්රියක් යුනිකොයි කවුන්ටි Tennessee වෙත ගෙන ආවා.. 2500කට අධික පිරිසක් මේ ස්ථානයට රැස්ව සිටියා. එතනින් ගොඩාක් අය ටවුන් එකේ හිටිය පුංචි ළමයි...මරිව දුම්රිය අංගනයට ගෙන ආවා.
    මරියව තදින් දම්වැල් වලින් බැදලා දාන්න චාර්ල් ස්පාරක්ස් කටයුතු කරලා තිබුනා.. මොකද ඇය කලබල කරයි කියන බිය නිසා.. අනිත් ඇතුන් ටිකත් මරියා පිටිපස්සෙන් ගෙනත් තිබුනා. ඇයගේ දැගලීම නැවැත්වීම සදහා එක් පාදයක් රේල් පාරේ තබා තදින් ගැට ගසනු ලැබුවා. එය සිදු නොකළ යුත්තක් බව කාරුත් කියන්න උත්සහ කරේ නෑ. ඇගේ ඇටකටු බිදෙන හඩ ඒ නිහැඩියාව තුළ ඇසෙන්න වුනා.. ඇයගේ බෙල්ලේ අස්ථි බිදී මිය යන තුරුම අඩි පහකට වඩා ඉහළට ඔසවනු ලැබුවා. ඉහළට ඔසවා තිබු මරියාව එක සැරේ බිමට වැටී ඇගේ උකුල් ඇට බිදි ගියේය...
    මෙවර නැවත වරක් ක්‍රේන් එකට ගැට ගැසූ මරියාව කළින්ටත් වඩා ඉහළට ඔසවනු ලැබීය. මෙවර කළින්ටත් වඩා ඇයගේ අස්ථි බිදිම සිදුවන්නට වුනා.. ඇයගේ වේදානත්මක කැගෑසීම හා අස්ථි බිදි යන හඩ බොහො දෙනාට සිනාහවක් හා කෝපයක් එක් කලා.. පැය භාගයකින් පමණ පසුව ඇය හැමදාටම නිහඩ වුනා.. ඇයගේ මිය ගිය සිරුර දැම්වැල් මත එල්ලමින් තිබුනා. එදා මේ අවස්ථාව ඡායාරූප ගත කෙරුනේ පහත අයුරින්.. බොහො දෙනා මේ ව්‍යාජ ඡායාරූප බව කිව්වත් එදා පළ වු වාර්තා හා අනිකුත් ඡායාරූප හමුවේ මේ සිදුවීම සත්‍යයක් බව තහවුරු වුනා.. කොහොම වුනත් ඇයගේ ජිවිතය අවාසනාවන්ත ලෙස අවසන් වුනා...
    මට හිතෙන දේ තමයි මිනිසාගේ නීතිය කැලේ නිදහසේ ජිවත් වෙන සතෙකුට ක්‍රියා කරන්නේ කොහොමද? අහිංසක සතෙක් අල්ලගෙන ඇවිත් වද බන්ධන දීලා ඌට මොනවා හරි පුරුදු කරලා ඒ සතාගේ ජිවිතේ මේ විදිහට මිනිස්සුන්ට ඕන විදිහට නැති කරන්න පුළුවන් වුනේ කොහොමද? මෙය 20 වන සියවසේ අමානුෂිකම ක්‍රියාවක් විදිහට ඉතිහාසය තුළ ලිය වී ඇත......


    උපුටා ගැනිමකි..​
     

    Sudheera-H

    Active member
  • Sep 3, 2016
    814
    172
    43
    මිනිස්සු... විශ්වයේම ඉන්න දුෂ්ඨතම සත්ව වර්ගය :(
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,816
    30,984
    113
    කැලේ කාටවත් කරදරයක් නැතුව ඉන්න සතෙක් අල්ලං ඇවිල්ලා උගෙන් හම්බ කරන් කාලා අන්තිමට පොන්නයො ටිකක් බයවෙලා ඌව මරන්න කිව්වම දස වද දීල මරලා ඌව ටහුකන්ඩ යකෝ ඌව එපානං කැලේකට ගිහිං දාන්න බැයිද නැත්තං සත්තු වත්තකට හරි දෙන්න තිබ්බා මේ සර්කස් එක අයිති කැරි පොන්නයව කාලය හරහා ගිහිං පාර මැද්දෙ ඇට දෙකෙන් එල්ලලා මරන්න හිතුනා
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,163
    8,873
    113
    Dubai
    මිනිස්සු... විශ්වයේම ඉන්න දුෂ්ඨතම සත්ව වර්ගය:(
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    අතීතයේ තත්වය ඔහොම තමයි. දැන් කාලේ නම් ඔහොම වෙන්නේ නැහැ. නමුත් ලංකාවේ හොරෙන් අලි ඇතුන්ව මරනවා .
     

    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    තිරිසන්නු කියන්න ඕන මේ වගේ උන්ට තමයි. මොන හිතකින් ඔහොම වැඩක් කරාද?
     

    anusha.kumara

    Junior member
  • Jun 25, 2016
    239
    12
    18
    මිනිස්සු... විශ්වයේම ඉන්න දුෂ්ඨතම සත්ව වර්ගය