ඇත්ත කතා කරමු.

Durotan

Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    බහුතර පිරිසක් කථා කරන භාශාව සුළුතරය ඉගෙනගත්තනම් ප්‍රස්නේ ඉවරයි නේහ්.

    සින්හලුන්ටත් වඩා ජාතිය චාරිත්‍ර වාරිත්‍ර ඔලුවෙ ගියන් ඉන්න දෙමල්ලු ඕක අතහරීද....?:confused:
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    උඹේ කතාවෙ ඇත්තක් නැත්තේම නෑ මස්සිනා
    ඇත්ත තමයි ලෞකික සැප වලින් අපිව ඇත් කරවනවා කියන්නේ ලෞකික දියුණුවක් බලාපොරෙත්තු වීම අමාරුයි තමයි.
    අනිත් ආගම් වල එහෙම නෑ
    ලෞකික දියුණුව එකට තියෙන්නේ
    අපි හොයන්නේ නිවන්
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    :yes::yes::yes::yes::yes::yes::yes:


    ලංකාවෙ එවුන් හිතන් ඉන්නෙ බුදු දහම කියන්නෙ ඔක්කොම අතඇරල හිඟන්නෙක් වගේ ඉන්න එක කියල. එහෙම හිතල තමන්ගෙ නැති බැරි කම නිසා තියන හිතේ දුක නිවාගන්නව. මම නම් කියන්නෙ බුදු දහම සැප විඳීම ප්‍රතික්ශේප කරන්නෙ නෑ. හොඳටම සැප ලැබුණත් කටුක දේවල් ලැබුනත් නොවෙනස්ව හිඳීමට හිත හදාගන්න එකයි ගිහියෙකුගෙ මූලික දර්ශනය වෙන්න ඕන.

    මේ තත්වෙ කොච්චර උග්‍ර ද කියනව නම් හාමුදුරු කෙනෙකුට හොඳට දානෙ හම්බ වෙනව නම්, දායකයො උදව් කරනව නම් යාන වාහන ලැබෙනව නම් ඒක හාමුදුරුවො මැදහත් සිතින් ඉවසනව නම් අපේ එවුන් ජීවිතේට කියන්නෙ නෑ ඒ හාමුදුරුවොන්ගෙ පිනට එහෙම ලැබෙන බව. කොහේ හරි කැලේක ගිහින් කොණ්ඩෙ බූ ගාගෙන හොරෙක් මංකොල්ලකරයෙක් උනත් පිඬුසඟා වැඩල ලැබෙන දෙයක් වළඳල බොහොම අමාරුවෙන් ඉන්නව නම් අන්න ඒක තමයි අපේ එවුන් නියම හාමුදුරුවෙක් හරිම සිල්වත් කියන්නෙ.
     

    Dillon Werty

    Banned
    Feb 22, 2018
    134
    9
    0
    බහුතර පිරිසක් කථා කරන භාශාව සුළුතරය ඉගෙනගත්තනම් ප්‍රස්නේ ඉවරයි නේහ්.
    උබේ ලොජික් තමා හුත්තෝ ලොජික්.. එහෙනම් සිංහලු අතරකෝ සිංහල බහුතරේ චයිනිස් උනාම
     

    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    රෙප් කැපෙනවා, එළකිරියේ කොන් වෙනවා, ලේබල් වදිනවා වගේ කතා නිසා ගොඩක් අය මේක කතා නොකලට හිතේ තියන දෙයක්. මම මේක කලිනුත් කතා කළා. මාතෘකාව වගේම, මේකත් අම්මට බැනුම් අහන වැඩක්. කමක් නැ කවුරුහරි මේක කතා කරන්න ඕනා.

    සිද්දිය තමා ලංකාවේ ආගම්. ලංකාව වාණිජව දුප්පත් වෙන්න අංක එකට බලපාපු කාරණේ මම දකින හැටියට බුද්දාගම. බුද්දාගම කිව්වහම කොටස් දෙකක් ලෝකේ අපිට දකින්න පුළුවන්. ඒ මහායාන දර්මය සහා ථෙරවාද දර්මය.

    මහායාන දර්මය
    අර මාර්ක් සකර්බර්ග්ගේ වයිෆ් අදහන දර්මය එයා වදින බුදුපිලිමේ. ඒක තම චිනේ ජපානේ ෆලෝ කරන එක.. ලෞකික සැප ප්‍රතික්ෂේප නොකරන දර්මය. මේක සාර්ථකයි යම්තාක් දුරකට ලෝකේ. මිනිස්සුන්ගේ සිතුවිලි, චින්තන උද්දීපනය කරන්න මේ දර්මය අනුබල දෙනවා. මොකද ලෞකික සැප සහා අද්යාත්මික ගුණවගාව බැලන්ස් වෙන නිසා. එකයි ලෝකේ සාර්ථක බිස්නස් පොරවල්, මේකට ඇදිලා යන්නේ.

    ථෙරවාද දර්මය
    හුදෙක්ම දර්මාශෝකගේ කොන්ත්‍රාත් එකකට මිහිදු හාමුදුරුවෝ ලංකාවේ ප්‍රචලිත කරන්න තියාගත්ත එක. බුදුන් වහන්සේ තුන් වරක් වැඩලත් ලංකාවේ ඔරිජිනල් බුද්ද දර්මය ග්‍රහණය නොවුනට, තිස්සව හාවා කරලා මිහිදු හාමුදුරුවෝ ලංකාවේ එක රැයින් බුදිස්ට්ලා මවපු දර්මේ. ලංකාවේ මිනිස්සුන්ගේ චින්තනය, ගොඩනැගීම, ආකල්ප සේරම නොදැකපු නිවනකට තල්ලු කරලා, ලංකාව ටෙම්පරි පොට් එකක්,මේකට වැඩ කරන්න එපා, නිවනට වැඩ කරපියව් කියල උගන්නන්න ගත්තට පස්සේ මිනිස්සු ආයේ රටට වැඩක් කරන්නේ නැ.. බලපන් එදා මෙදා තුර සිංහලුන්ට වෙච්ච දේ. ඒ ඉංජිනේරු ශිල්ප දැන් කෝ? ඒවා දියුණු උනාද, පරම්පරාවෙන් ආපු කමට මිහිදු හාමුදුරුවන්ගෙන් පස්සේ ටික කාලයක් තිබ්බා. ඒ කාලේ තමා හදන වැව්, දාගැබ් ටික හැදුනේ. දැන් බලපන් කොලබ බිල්ඩින් ප්‍රොජෙක්ට් කරන්නේ ටාටා හවුසින් එකෙන්. මිහිදුගේ දර්මේ රිජෙක්ට් කරපු උන් ගොඩ ගිය එක එතැනින්ම පේනවනේ.

    අද සිංහල කඩේක ගිහින් බඩුවක් ගන්න අහපන්. එක නැ, ඉවර වෙලා, කොළබත් බඩු නැ , ආණ්ඩුව බදු ගහලා, මාකට් ලොස්ට්.. එක විකාරයි. තිලකවර්දන වගේ ඒවා උනත් නැගලා ආවේ අන්තිමට මිනිස්සුන්ට තේරුණා නිසා මුස්ලිම් උන් කෙලවනවා කියලා. නැතිනම් තාමත් මෙලොවට ඕන නැ, අල්පේච්ච ජිවිත තමා හොද වගේ ටෝක් දිදී එලොවට පින් රැස්කරන ලොන්ත යක්කු ටිකක් මේකේ හිටියේ, ඉන්නේ. අර ඊයේ ත්රෙඅඩ් එකක් දාලා අහපුවහම ආයේ ඉපදෙන්න ආසා මොන රටේද කියලා බලහන් උත්තර. මිහිදුගේ දර්මේ සාර්ථක නම් එහෙම කියයිද?


    ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ දීඝනිකායේ පාථිකවග්ගයේ සිගාල සූත්‍රයෙන් [ http://thripitaka.org/view/bjts/sp3/304 ]:

    භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක: “ගැහැවි පුත, යම් හෙයෙකින් ආර්‍ය්‍යශ්‍රාවකයාගේ සතර කර්මක්ලේශයෝ ප්‍රහීණ වෙත් ද, යම් හෙයෙකින් ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම සතර කරුණෙකින් පව්කම් නො කරයි ද, යම් හෙයෙකින් භෝගයන්ගේ විනාශමුඛ සයත් නො සෙවී ද, හෙ තෙමේ මෙසේ තුදුස් ලාමක කම්වලින් පහ වූයේ ස දිසාවන් වසාලනුයේ, දෙලෝ ජය ගැන්ම පිණිස පිළිපන්නේ වෙයි. ඔහු විසින් මෙලොව ද ආරාධිත වෙයි, පරලොව ද ආරධිත වෙයි. හේ කාබුන් මරණින් මතු මනාප ගති ඇති ස්වර්ග ලෝකයට පැමිණෙයි.

    කර්ම ක්ලේශ
    ...

    අගති ගමන
    ...

    අපායමුඛ සය

    6. හේ භෝගයන්ගේ කවර විනාශමුඛ සයක් නො සෙවි ද යත්: ගැහැවි පුත, මත් බවට ප්‍රමාදයට කරුණු වූ රහමෙර පීමෙහි යෙදීම භෝගයන්ගේ විනාශ මුඛයෙකි. නොකල්හි වීථිසංචාරයෙහි යෙදීම භෝගයන්ගේ විනාශ මුඛයෙකි. උත්සව දර්ශනය පිණිස යෑම භෝගයන්ගේ විනාශ මුඛයෙකි. ප්‍රමාදයට කාරණයක් වූ දූකෙළියෙහි යෙදීම භෝගයන්ගේ විනාශ මුඛයෙකි. පාපමිත්‍රයන් හා පුන පුනා එක් වීම භෝගයන්ගේ විනාශ මුඛයෙකි. අලසබව්හි නැවත නැවත යෙදීම භෝගයන්ගේ විනාශ මුඛයෙකි.

    මද්‍යපානාදීනව
    ...

    විකාලචරියාදීනව
    ...

    සමද්‍යාභිචරණාදීනව
    ...

    ද්‍යුතප්‍රමාදාදීනව
    ...

    පාපමිත්‍රානුයොගාදීනව
    ...

    ආලස්‍යාදීනව
    ...

    ...

    සිගාල සූත්‍රය: http://thripitaka.org/view/bjts/sp3/304

    --

    මෙතෙක් දක්වන ලද ත්‍රිපිටක මූලාශ්‍ර සහ අදාළ කමෙන්ටු:

    ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ අඞ්‌ගුත්‌තරනිකායේ අට්ඨක නිපාතයේ දුතිය පණ්ණාසකයේ ගොතමී වග්ගයේ ව්‍යග්ඝපජ්ජ සූත්‍රය
    http://www.elakiri.com/forum/showthread.php?p=22896498

    ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ අඞ්‌ගුත්‌තරනිකායේ දසකනිපාතයේ දුතිය පණ්ණාසකයේ උපාලිවග්ගයේ කාමභොගී සූත්‍රය
    http://www.elakiri.com/forum/showthread.php?p=22896683

    ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ අඞ්‌ගුත්‌තරනිකායේ චතුක්කනිපාතයේ අභිඤ්‌ඤාවග්ගයේ කුල සූත්‍රය
    http://www.elakiri.com/forum/showthread.php?p=22896846

    ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ අඞ්‌ගුත්‌තරනිකායේ අට්ඨක නිපාතයේ ප්‍රථම පණ්ණාසකයේ උපෝසථ වග්ගයේ පඨමලොකවිජය සූත්‍රය
    http://www.elakiri.com/forum/showthread.php?p=22896956

    ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ අඞ්‌ගුත්‌තර නිකායේ දුක නිපාතයේ තතිය පණ්ණාසකයේ දානවග්ගයේ පඤ්චම සූත්‍රය
    http://www.elakiri.com/forum/showthread.php?p=22897064

    ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ අඞ්‌ගුත්‌තරනිකායේ චතුක්කනිපාතයේ චතුත්ථ පණ්ණාසකයේ මහාවග්ගයේ මල්ලිකා සූත්‍රය
    http://www.elakiri.com/forum/showthread.php?p=22897803

    ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ මජ්‌ඣිමනිකායේ උපරි පණ්ණාසකයේ විභඞ්‌ගවග්ගයේ චූළකම්මවිභඞ්ග සූත්‍රය
    http://www.elakiri.com/forum/showthread.php?p=22897970

    ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ අඞ්‌ගුත්‌තරනිකායේ චතුක්කනිපාතයේ දුතිය පණ්ණාසකයේ පත්‌තකම්‌මවග්ගයේ අනණ සූත්‍රය
    http://www.elakiri.com/forum/showthread.php?p=22898167

    ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ අඞ්‌ගුත්‌තරනිකායේ පඤ්චක නිපාතයේ පඤ්චක පණ්ණාසකයේ දීඝචාරිකවග්ගයේ භොග සූත්‍රය
    http://www.elakiri.com/forum/showthread.php?p=22899126

    ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ සංයුත්‌තනිකායේ සගාථවග්ගයේ යක්‌ඛසංයුත්‌තයේ ඉන්‌දකවග්ගයේ ආළවක සූත්‍රය
    http://www.elakiri.com/forum/showthread.php?p=22900418

    ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ ඛුද්‌දකනිකායේ අපදානපාළියේ දුතියභාගයේ භද්‌දියවග්ගයේ චූළසුගන්‍ධත්ථෙරාපදානය
    http://www.elakiri.com/forum/showthread.php?p=22902389

    ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ සංයුත්‌තනිකායේ සගාථවග්ගයේ කොසලසංයුත්‌තයේ අපුත්තකවග්ගයේ පඨම අපුත්තක සූත්‍රය
    http://www.elakiri.com/forum/showthread.php?p=22903904

    ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ අඞ්‌ගුත්‌තර නිකායේ අට්ඨක නිපාතයේ පඨම පණ්ණාසකයේ දානවග්ගයේ දානූපපත්‌ති සූත්‍රය
    http://www.elakiri.com/forum/showthread.php?p=22908723

    ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ සංයුත්‌තනිකායේ සගාථවග්ගයේ කොසලසංයුත්‌තයේ අපුත්තකවග්ගයේ අප්පමාද සූත්‍රය
    http://www.elakiri.com/forum/showthread.php?p=22916113

    ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ ඛුද්‌දකනිකායේ ධම්‌මපදපාළියේ ජරාවග්ගයේ දසවන සහ එකොළොස්වන ගාථා
    http://www.elakiri.com/forum/showthread.php?p=22920174

    ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ දීඝනිකායේ පාථිකවග්ගයේ සිගාල සූත්‍රය
    මෙම කමෙන්ටුව

    Skylark