- ඇත්ත ලෝකෙදි වෙඩි වැදුනම වෙන දේ -

patiencefox

Well-known member
  • Dec 23, 2011
    2,824
    566
    113
    Hole
    CzXS5O9.jpg


    ෆිල්ම් වල නම් හතුරා එක වෙඩිල්ලක් තිබ්බම වීරයා පොඩ්ඩක් ගැස්සිලා වැටෙනවා.
    පස්සෙ ඌම කොහොම හරි ජොකා ගෙන් රෙදි පටියක් ඉරලා ඒක ගැට ගහලා ආයෙත් ගේමට යනවා.
    ගොඩක් වෙලාවට වෙඩි පාරවල් 4ක් 5ක් වැදුනත් කොල්ලා කෙලින්.
    කිසිම ප්‍රශ්නයක් නැහැ වගේ වෙඩි තියන් ඉස්සරහට යනවා.
    ගේම් වල කියලත් එහෙමටම වෙනසක් නැහැ
    වෙඩි සීයක් වැදුනත් රෙදි පටියෙන් ඔතන් මරන්න පුළුවන් දාහක් උනත්

    ඔන්න දවසක් කවුදෝ මන්දා ගෝතයෙක් උදේම 119ට කෝල් කරලා තිබ්බා අල්ලපු ගෙදර හෙන සද්දෙන් වලියක් කියලා
    උන් වෙඩි තියන කතා, මරණ කතා කියලා රණ්ඩු වෙනවලු
    අහන් ඉඳලා බැරිම තැනලු පොලිසියට කිව්වෙ..
    ඌට හෙන කැහිල්ල ඉතින් වෙන දේ හරියට බලා ගන්න බැරුව
    කොහොම හරි 119න් අපිට කතා කරලා විස්තරේ කිව්වා ගිහින් පොඩ්ඩක් හොයලා බලන්න කියලා
    උදේම හොඳ සිහියෙන් ඉන්න නිලධාරී මණ්ඩලේ සලකලා බලලා එහෙම මටයි තව 3 දෙනෙක්ටයි ඕකට යන්න උනා
    මගදි බනිසක් කාලා, ටී එකක් එහෙම බීලා ඔය සීන් එක වෙනවා කිව්ව තැනට ගියා කොහොම හරි පැය භාගෙකින් වගේ

    යන කොටත් හෙන සද්දෙන් ඇතුලේ වලියක්
    බඩු කුඩු කරනවා... කුණුහර්ප කියනවා හෙන සද්දෙට
    පස්සෙ මම ඉස්සරහා හිටපු එකා දොරට ගහලා "මහත්තයා දොර අරින්න, අපි පොලිසියෙන්" කිව්ව
    ඒක කිව්වා විතරයි ජනෙල්ලෙන් ක්ෂණිකව අතක් ඇවිත් ඩෝන් ගාලා වෙඩි තිබ්බා කියපන් කෝ
    දොරට ගහපු එකා ඉස්සරහ, මම දෙවනියට හිටියේ
    කෙලින්ම මගේ කකුලේ දණහිසට ටිකක් උඩින් වැදුනේ
    මම ඇදලා ගත්තා ජොකා ගෙ පටියක්, බැන්දා තුවාලේ... ගත්තා මැෂින් ගන් දෙකක් අත් දෙකට...:rofl: මොන පිස්සුද ඒවා උනේ නැහැ බන්
    වෙඩි වැදුනත් එක්කම දෝයි ගාලා බිමට වැටෙන්න ගියේ. අර පස්සෙන් ආපු උන් දෙන්න මාව එහෙමම අල්ල ගෙන පස්සට ඇදලා ගත්තා.
    පස්සෙම හිටපු එකා මාව භාගෙට උස්සන් ගිහින් එහා පැත්තෙ ගෙදරට අත ඇරියා
    දැන් ඌ පණ දා ගෙ මගේ කකුල අල්ලන් කතා කරනවා පොලිසියට
    අනිත් පැත්තෙන් ඇහෙනවා අනිත් උන් දෙන්නා මරෝ කියලා වෙඩි තියනවා
    මට දැනෙනවා ටික ටික කකුල තෙමී ගෙන යනවා, කකුලට යුනිෆෝම් එක ඇලෙනවා
    පස්සෙ ටික වෙලාවකින් කකුල හිරි වැටිලම ගියා.

    ෆිල්ම් වල ඇස් වහන්න එපා කියලා කෑ ගැහුවට ඇත්ත ජීවිතේ නම් කියන්නෙ ඇස් වහන් රෙස්ට් එකේ ඉන්න කියලා
    ඉතින් මම ඇස් වහන් ඉන්නවා.. ටිකකින් මට දැනෙනවා මාව උස්සලා අරන් යනවා
    කොහොම හරි මට මඟදි සිහිය නැති වෙලා.. පැය 2කින් වගේ ඇහරුන ගමන් බැලුවේ කකුල තියද කියලා
    මොකද ලංකාවෙ උන් ගල්කටස් වලට බුලට් එකට අමතරව වෙන කෑලිත් දනවා
    සමහර ගල් කටස් නිකම් අර ඉස්සර තිබ්බ බඳින තුවක්කු වගේ
    දෙයියන්ගේ පිහිටෙන් එහෙම ආබාධයක් නම් තිබ්බෙ නැහැ

    මට ඒ සිද්ධිය ගැන කිසිම දෙයක් ඒ වෙලාවෙ කවුරුවත් කියන්නෙ නැහැ
    කොහොම හරි රෙස්ට් එකේ දවස් 11ක් ඉඳලා මම පොලිසියට යනවා
    හැබැයි ඇතුලේ වැඩ විතරයි, ෆීල්ඩ් එකට යන්න තහනම්
    පස්සෙ එදා ගිය එකෙක් ගෙන් සිද්ධිය මම නිදහසේ අහගත්තා
    මට වැදුනට පස්සෙ අනිත් පැත්තේ ජනේලෙනුත් අතක් ඇවිත්
    හැබැයි ඌ වෙඩි තිබ්බ ගමන් උගේ අත නෙලුම් මලක් වගේ පිපිලා... මොකද කිව්වොත් ගල් කටස් එක අතේම පුපුරලා :P
    ලංකාවෙ බඩු එහෙම තමා, ගොඩක් වෙලාවට අතේ පටස් වෙනවා..
    සමහර සිද්ධි අපි දන්නවා අපරාධකාරයෝ ඇඟිලි කටේ දාන් දුවන්නෙ ගල්කටස් අතේම පුපුරලා
    තව වෙලාවල් තියනවා ගල් කටස් එක පුපුරලා ඊට අගලක් ඉස්සරහා හිටපු උගේම එකෙක් මැරෙනවා
    පස්සෙ උගේ සෙට් එක අර ගල් කටස් එක පුපුරපු එකා ගෙ හත්මුතු පරම්පරාවම බාවනවා :rofl:
    කොහොම හරි දොර කඩන් ඇතුලට ගිහින් ඇතුලේ හිටපු තුන් දෙනාටම පොලිසියෙන් තියලා තිබ්බ හතර අතට
    කොහොමත් පොලිසියෙ කෙනෙක්ට වෙඩි තිබ්බා කියන්නෙ කොහොමත් මරන්නම තමා වෙඩි තියන්නේ
    අර පැලිච්ච ගල් කටස් එකයි මුලින් වෙඩි තියපු එකටයි අමතරව කැට තුවක්කුවක් හොයන් තිබ්බා
    (කැට තුවක්කු කියන්නෙ බුලට් ජාති 4ක් 5ක් දන්න පුලුවන් වෙන්න බටේ ගලවලා සෙට් කරන්න පුලුවන් තුවක්කු වලට)

    5PNUrHb.jpg


    ඔන්න ඔහොමයි ඇත්ත ජීවිතේ වෙඩි වැදුනම තත්වෙ
    අද ඔය සීන් එක කතා උනා අපි වෙන කතාවක් අස්සෙන්, ලියන්න කියලා මට මහ දේකුත් නැති එකේ ඕකවත් දානවා කියලා හිතුවා
    :)

    uba policyeda ban wada karanne
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අනේ මේකේ දැන් අපිට බයක් නැතුව ඉන්න පුලුවන් රාලහාමිත් ඉන්න නිසා:D
    Tfs
     
    • Like
    Reactions: DIY

    DIY

    Member
    Mar 18, 2016
    830
    249
    0
    අඩෝ උඹ පොලිසියේද බං. කොහේද වැඩ කරන්නේ මිරිහානෙද? හදිස්සියක් උනොත් උඹව අමතන්නම්. මචං වෙඩි වැදුනම හිරි වැටෙනවද එක පාරම නැත්තම් පට්ට විදියට රිදෙන්න ගන්නවද හිරි වැටෙන්න කලින්.:nerd:

     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    වටිනවා ය.....


    දැන් අපි බය නෑ...පොලෝසියෙන් ඉන්නවා...නීතිඥවරු ඉන්නවා....මහේස්ත්‍රාත්වරු ඉන්නවා.....
    පාතාලෙ උනුත් ඉන්නවා ලාවට සයිඩ් එකෙන්....
     

    Tech Bro

    Well-known member
  • Jan 19, 2016
    3,025
    407
    83
    සිහින ලෝකේ
    වටිනවා ය.....


    දැන් අපි බය නෑ...පොලෝසියෙන් ඉන්නවා...නීතිඥවරු ඉන්නවා....මහේස්ත්‍රාත්වරු ඉන්නවා.....
    පාතාලෙ උනුත් ඉන්නවා ලාවට සයිඩ් එකෙන්....

    ඇයි වෛද්‍යවරු , :D
     

    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    මොනවා උනත් උබ professionalism එක මෙතනට ගෙනාව එක වැරදියි.. උබට ඕක යාලුවෙක්ට සිද්ධවුනු දෙයක් විදියට කියන්න තිබ්බා.. හැබැයි 119 එකට කථා කරපු කාලයයි උබලා ස්ටේශන් එකට මැසේජ් එක ආව කාලයයි උබලා තේ බීලා වත්ත වටේ ගිහින් ගියපු කාලයයි බැලුවම ටිකක් doubtful ගතියක් දැනුනා (මොකද ඒකට ගතවෙන කාලය පිළිබද සිස්ටම් එක පිළිබද මාත් දැනුවත්) එතකන් යකො උන් ගල්කටස් තියාගෙන පත්තරෙ බැලුවද උබලා එනකල්... හරි ... නිර්මාණය අගේ කරනවා ... ඒත් සැබෑ ජිවිතෙත් වීරයො හම්බවෙනවා .. උදාහරනෙකට මේ ගන්වතුරෙන් ජිවිත 8ක් බේරලා අන්තිමට දියේ ගිලිච්ච කොල්ලා වගේ.. තව... අම්මව කිබුලගෙන් බේරගත්ත කොල්ලා... ඕවා ප්‍රසිද්ධ උදාහරන විතරයි ..මේ සමාජේ එවැනි අප්‍රක්‍රට දේවල් ඕනතරම් ඇති... අදහසක් ප්‍රකාශ කලා විතරයි හිත රිදුනනම් සමාවෙයන් dude :) (වෙඩි වැදුනම කියන පොයින්ට් එක අදාල කරගත්තෙ නැතිවටත් සමාවෙයන්.. ඒත් වෙඩි වැදිලත් කකුල් අතපය නැතුන් කකුල් පුපුරලා ඒවා අස්සේ පස්.. තණකොළ කෑලි ..තියන් කිසිම කනගාටුවක් දුකක් නැතුන් වීරයො වගේ උන්නු එවුන්වත් මන් මගේ ඇස්දෙකට දැකලා තියෙනවා... උණ්ඩෙකට දෙකට නවන්න බැරි පෞරුෂ තියෙන ආත්ම මන් දැකලා තියෙනවා ...:) )
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    e0fd6857b71e7b2238a19ffcdf04caa4-dog-slides-feet-first-down-hill.gif


    ඉංගිරිසි වචනයක් නොදන්නා නිඝන්ඨය.. !:angry:
    සොන්නාති සොන්නය..!! :angry:
    පර බසින් එය කියවන්නේ අම්මෝ කිය නොව ඇමෝ කියා දනුව..!
    එයින් කියවෙන්නේ වෙඩි උණ්ඩයක් ගැනයැ..

    තා වැනි නිඝණ්ඨයින් හට හෙළුයෙන් වැනෙන්නට කියා දෙනවාට වඩා ඇස්කිමෝවරුන්හට පොල් ගස් නැගුමට උගැන්වීම යහපති.. :dull:
    තා නියමාකාරයෙන් හෙළුයෙන් වැනිනි නම්, තෙල වොද්කාව තවමත් මෙහි වේලෙනු නෙහේ..!!!!:angry:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    e0fd6857b71e7b2238a19ffcdf04caa4-dog-slides-feet-first-down-hill.gif


    ඉංගිරිසි වචනයක් නොදන්නා නිඝන්ඨය.. !:angry:
    සොන්නාති සොන්නය..!! :angry:
    පර බසින් එය කියවන්නේ අම්මෝ කිය නොව ඇමෝ කියා දනුව..!
    එයින් කියවෙන්නේ වෙඩි උණ්ඩයක් ගැනයැ..

    තා වැනි නිඝණ්ඨයින් හට හෙළුයෙන් වැනෙන්නට කියා දෙනවාට වඩා ඇස්කිමෝවරුන්හට පොල් ගස් නැගුමට උගැන්වීම යහපති.. :dull:
    තා නියමාකාරයෙන් හෙළුයෙන් වැනිනි නම්, තෙල වොද්කාව තවමත් මෙහි වේලෙනු නෙහේ..!!!!:angry:
    යකෝ ම අර බඩාට බැනල දාපු ඒවා මේකේ දාන්න එපා නිඝණ්ඨය!!!!:growl::growl::growl::growl:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    යකෝ ම අර බඩාට බැනල දාපු ඒවා මේකේ දාන්න එපා නිඝණ්ඨය!!!!:growl::growl::growl::growl:
    උඹට තවම
    උඹත් එක්ක ජීවිතේ
    බෙදාගත්තු එකාගේ
    අගේ දැනෙන්න
    ගත්තේ නෑ..

    ඒක දැනෙන්න
    ගන්නකොට
    උඹ පරක්කු වැඩියි
    උඹටම
    දුක හිතෙයි
    උඹගැන එතකොට

     

    Wana Saraa

    Well-known member
  • Apr 20, 2016
    882
    72
    48
    Oya police kiyala ...ka gaththa...owa mokatada meke unta kiyanne yanne....5 ශිෂ්‍යthwe karana unuth enawa meke ...link illa illa....

    කවදාවත් aththa dewal meke danna narakayi....