ඇත්ත හේතුව මොකද්ද?
සරත් ෆොන්සේකා මහතාගේ සියලු හමුදා නිලතල අහෝසි කරන ලෙස පළමු යුද අධිකරණය ලබාදුන් තීන්දුව සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ අනුමැතිය හිමිවී තිබේ. ඊයේ දිනයේ යුද හමුදාපතිවරයා විසින් ජනාධිපතිවරයා වෙත යොමු කරන ලද පළමු යුද අධිකරණ තීන්දුව සඳහා මෙසේ අනුමැතිය ලැබී ඇති බව යුද හමුදා ජනමාධ්‍ය අධ්‍යක්ෂ මණ්ඩලයේ කර්නල් දුමින්ද ගමගේ මහතා පැවසුවේය. ඒ අනුව පළමු යුද අධිකරණය විසින් නිර්දේශ කර ඇති කරුණු ක්‍රියාවට නැංවෙනු ඇත.
එකී තීරණය ඉදිරියේ දී ෆොන්සේකා මහතාට ද දැන්වීමට නියමිතව තිබේ. ෆොන්සේකා මහතා සක්‍රිය හමුදා සේවයේ යෙදී සිටියදී දේශපාලන කටයුතුවල නිරත වීම පිළිබඳ විභාග කළ පළමු යුද අධිකරණය ඔහුට එරෙහිව නැගී ඇති චෝදනා තුනටම වැරදිකරු බව ඊයේ තීරණය කළේය.
යුද අධිකරණය මගින් දඬුවම් තිරණය කිරිමෙන් අනතුරුව එම තීන්දුව අදාළ අධිකරණය කැඳවීමේ බලධරයා සහ දඬුවම තහවුරු කිරීමේ බලධරයා ද වන සේනාධිනායක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත යොමු කර තිබුණි. ජනාධිපතිවරයා මෙම අනුමැතිය ලබාදී ඇත්තේ ඒ අනුවය.
මේකට මොනවහරි හේතුවක් තියෙනවද?
ආන්ඩුව මොකද සරත් ෆොන්සේකාට මෙච්චර බය?
මොකද ජෙනරල් පස්සෙම එලවන්නේ?
අපිට අනාවරනය වෙච්ච නැති දෙයක් මෙතන තියෙනවද?
සරත් ෆොන්සේකා රාජපක්ශලගෙ ලොකු රහසක් දන්නවද?
මට නම් හිතෙන විදියට මෙතන පිටස්තර ලෝකයට පේනවට වඩා ලොකු දෙයක් තියෙනවා. ඔයාලටත් මේ සම්බන්දයෙන් මොනව හරි හිතෙනවනම් හරි දන්නවනම් හරි මේ ත්‍රෙඩ් එකට රිප්ලයි එකක් දාන්න.