ඇතුවත් බෑරි, නෑතුවත් බෑරි ජංගම දුරකථන - 2

ruff2000

Banned
Sep 12, 2007
937
339
0
සිංහල මගේ රට
ඇතුවත් බෑරි, නෑතුවත් බෑරි ජංගම දුරකථන - 2

මම ගිය සතියෙ ලිපියෙන් කිව්වෙ ලංකාවට ජංගම දුරකථන සමාගම් පෑමිණීම සහ එහි වර්ථමානය දක්වා වූ විකාශනයනෙ.අද එකේ දෙවෙනි කොටස හෑටියට, ලංකාව පෑමිණි ජංගමම දුරකතන වර්ග පිළිබඳව කෙටි විස්තරයක් කරන්න හිතුවා.

මම එදා කිව්වනෙ ලංකාවට මුලින්ම ජංගම දුරකථනය හඳුන්වලා දුන්නෙ, සෙල්ටෙල් කියන සමාගම කියලා. ඒ 1989 වසරෙදි.

නමුත් ජංගම දුරකථනය ප්‍රථම වතාවට අත්හදා බෑලුවෙ, 1973 වසරෙදි. ඒ Dr. මාර්ටින් කූපර් කියල කෙනෙක්. මොහු මේ සඳහා භාවිතාකරේ ඔහුගේම නිෂ්පාදනක් වූ Motorla DynaTAC කියන දුරකථනය. ඒ වර්ගය තමයි අපි ගඩොල් බාගේ කියලා කියලා ජන වහරට එක්කරගත්තෙ.

martin_cooper_500px.jpg

ජංගම දුරකථනයේ නිර්මාතෘ Dr. Martin Cooper සිය Mtorola Dyna TAC 8000 සමඟ


මේ කියන ගඩොල් බාගේ කිලෝ එකකටත් වඩා බරින් වෑඩි උනා. මේ කියන අවධියේදි මෙම දුරකථනයක මිල රුපියල් ලක්ෂ හතරක් පමණ උනත්, 1989 දි අපේ රටට පෑමිනෙද්දි මිල මගේ මතකෙ හෑටියට ලක්ෂ 2.5 වගේ උනා.

මම කිව්වනෙ, අනූව දශකයේ මුල් භාගයේ, ලංකාවට දෙවෑනි ජංගම දුරකතන ක්‍රියාකරුවෙක් Call-Link කියලා එනවයි කියලා. මොහු ක්‍රියාත්මකවන් විටදි, ජංගම දුරකථනයේත් දියුණුව ඇරඹිලා, ප්‍රමාණයෙන් කුඩා, වෑඩි කතා කාලයක් ඈති දුරකථන නිපදවීම Motorola සමාගමම අරඹලා තිබුනෙ. ඒ නිසා මොවුන් මේ කාලය වෙනකොට Motorala MicroTAC දුරකථනය අපේ වෙළඳපොලට හඳුන්වලා දෙනවා.

220px-Motorola_MicroTAC_9800x.jpg

Motorola MicroTAC දුරකථනයක්

මේක තමයි, මේ කාලයවනවිට පෑමිණි සෑහෑල්ලුම, කමිස සාක්කුවේ බහාලිය හෑකිවු දුරකථනය. නමුත් මේ වනවිටත් තිරයෙ සටහන්වූයේ අංක අටක් පමණයි. හෑබෑයි, ඒක සෙවන් සෙග්මන්ට් ඩිස්ප්ලේ එකක් නෙමෙයි, ඩොට් මෑට්‍රික්ස් LED ඩිස්ප්ලේ එකක්. මේනිසා මේකේ, දුරකථන අංක ගබඩාකර තබාගෑනීමේ හෑකියාවක් තිබුණ.

මේ අතර වසර 1992 වනවිට Nokia සමාගම වානිජ වශයෙන්, මහා පරිමාණයෙන්, ප්‍රමණයෙන් කුඩා හා පුළුල් තිර දුරකථන නිපදවනවා. නමුත් ලංකාවේ බහුලව භාවිතා වුනේත්, ජනප්‍රිය උනේත් Motorola දුරකතන තමයි. එත් මේ සෑම දුරකතනයක්ම කලුපාට LCD තිරයක් සමඟ කහපෑහෑති පසුබිම් LED වලින් සමන්විත උනා.

ඒත් මීට සමගාමීව පෑමිණි Alcatel One Touch, Alcatel One Touch Easy දුරකථනත්, Ericsson T10 වෑනි දුරකථනත් විවිධ වර්ණයන්ගෙන් යුත් පසුබිම් ආලෝකයන්ගෙන් සමන්විත උනා.
ericsson-t10s-6.jpg

387_1.jpg


මේ අතර IBM හා BellSouth සමාගම් ප්‍රථම Smart Phone එක එළි දක්වනවා 1993 වසරෙදි. ඒ IBM Simon නමින්. මම දන්න තරමට මේවා ලංකාවට පෑමිණියේ නෑහෑ. මේවාට ස්මාර්ට් ෆෝන් කියන්නෙ, ෆෝන් එකකට අමතරව නොයෙක් එදිනෙදා වෑඩ කරගන්න පුළුවන් නිසා. මේකෙ calendar, address book, world clock, calculator, note pad, e-mail, and games තියෙනවා. ඈත්තටම මේ නිසා මේවා PDAs කියලත් හඳුනවනවා.

ibm-simon_w500.jpg


මේ අතරෙදි ජපන් සමාගමක්, ප්‍රථම තමන්ට කෑමති පරිදි රින්ගින් ටෝන් වෙනස් කලහෑකි දුරකතනයක් ඉදිරිපත් කරනවා 1996 දි . ඒ Mova N103 Hyper නමින්.

mova-n103-hyper.png


ringtone.jpg


වසර 1997 දි ජංගම දුරකථන ක්ෂෙත්‍රයේ එක් පෙරලියක් කරමින් ප්‍රථම වර්ණ තිරය සමඟ දුරකථනය සීමන්ස් සමාගම එළිදක්වනවා S10 නමින්.

siemens-s10-mobile-phone-siemens-instead-small-52278.jpg


මේ දක්වා පෑමිණි සෑම දුරකථනයකටම පොදු අංගයක් තිබුන. ඒ ඈකිලිය හෑකි හෝ නොහෑකි, කෙටි ඈන්ටනාවකින් සමන්විත වීම. ඒත් මෙකී එළියට පෑමිනි ඈන්ටෙනාව, ඈතුලේම රඳවමින් Nokia සමාගම ප්‍රථම ඈන්ටෙනාව රහිත 8810 නමින් දුරකථනයක් හඳුන්වා දෙනවා, ඒ 1998 දි.

nokia8810_front.jpg



1999 වසර කියන්නෙ ජංගම දුරකථන ක්ෂෙත්‍රයට සුවිශේෂි වසරක්. මේ වසරේදි සමාගම් කිහිපයක් නවතම අංගයන් එකතුකරමින් තමන්ගේ නවතම දුරකථන මාදිලි ඉදිරිපත් කරනවා. මේ වනවිට ලංකාවේ වෙළඳපොල ආක්‍රමණය කරලා තිබුණෙ Ericsson කියන වර්ගය. Nokia දුරකථන ලංකාවට වෑඩිය එන්න ගත්තෙ 2000 න් පස්සෙ වගේ. ඒ වෙනකන් ලංකාවේ ජංගම දුරකථන වෙළදපොල Motorola, Ericsson, Alkatel, Siemens රජ කරන් හිටියා. නමුත් ලෝක වෙලඳපොල ගත්තහම, Nokia සමාගම වෑඩි කොටසක් අත්පත් කරගත්ත. Nokia 3210 දුරකතන මිලියන 160 කටත් වඩා අලෙවි උනා.
nokia_3210.jpg


මේ අතර සෑම්සුන්ග් සමාගම ජංගම දුරකථන ලොවේ තවත් පෙරළියක් කරනවා. ඒ ප්‍රථම MP3 සින්දු වාදනය කලහෑකි SPH - M 100 දුරකතනයත් සමග. මේකත් සමගම තමන් කෑමති සින්දුවක්, තමන්ගේ ෆෝන් එකේ රින්ගින් ටෝන් එක විදිහට දමාගෑනීමේ හෑකියාවක් ලෑබුණ.
samsung-sph-m100-sd3-460.jpg

:yes::yes::yes::yes::yes:

මේ අතර Nokia සමාගම ඊ මේල් හා ඉන්ටර්නෙට් පහසුකම් සහිත ප්‍රථම WAP ( Wireless Application Protocol) බ්‍රව්සරය සමඟ 7110 නමින් දුරකථනයක් එලිදක්වනවා.
C6C3AB16C7BBA35A12D087AE44C7E.jpg


මීට සමගාමීව Benefon සමාගම තවත් පෙරලියක් කරමින් ප්‍රථම GPS (Global Positioning System) පහසුකම් සහිත Benefon Esc දුරකථනයක් එලිදක්වනවා.
Benefon_Esc.jpg


වසර 2000 කියන්නෙ ජංගම දුරකථන ක්ෂෙත්‍රයේ තවත් එක් සන්ධිස්තානයක්. ඒ ප්‍රථම කෑමරාවක් සහිත ජංගම දුරකථනයක් ජපානයේ Sharp සමාගම J-SH04 නමින් වෙළඳපොලට එවීම. මෙය 0.1 මෙගාපික්සල් කෑමරාවකින් සමන්විතවෙනවා.
jphone.jpg



වසර 2001 කියන්නෙත් සුවිශේෂි වසරක්. දත්ත හුවමාරු කරගත හෑකි, Bluetooth තාක්ෂණය සහිත ජංගම දුරකථන පෑමිනෙන්නෙ මේ වර්ෂයේදි. ඒ Ericsson T-39 එක්ක.
200px-T39ljusstake.jpg


මෙතෑන්සිට වසර 2005 පමණ වෙනකන්, සුවිශේෂි අංග නෑතත් විවිධාකාරයේ ජංගම දුරකථන නිෂ්පාදනය කරනවා. ඒ අතරින්, Motorola, Sony Ericsson, Nokia, Sagem, Alkatel, Samsung, ලංකාවේ විවිධ ප්‍රමාණවලින් ජනප්‍රිය වෙනවා.

2011 වසරට එන්න, තව ගොඩක් ලියන්න තියනව. ඒක නිසා මේ පෝස්ට් මාලාවේ දිග වෑඩි වේගන එනවා. දිග වෑඩි උනත් කියන දේ හරියට කියන්න ඕනනෙ. ඒක නිසා දෙවෑනි ලිපිය මෙතනින් අවසන් කරන්නම්.
 

gcj

Well-known member
  • Mar 24, 2007
    5,913
    1,223
    113
    You must spread some Reputation around before giving it to ruff2000 again.
    රෙප් දෙන්න බෑලු.. :(
     
    Last edited:

    Double S

    Well-known member
  • Mar 31, 2009
    2,875
    272
    83
    Colombo
    You must spread some Reputation around before giving it to ruff2000 again.

    පස්සේ වෙලාවක හරි රෙප් පාරක් දෙන්නම්..

    එල පොස්ට් එක...