ඇතුළතට සවන් දීම - පුජ්‍ය අජාන් අමරෝ හිමි

nomiyanadhama

Junior member
  • Aug 13, 2021
    29
    69
    13
    බෞද්ධ භාවනානුයෝගීන්ට ඉතා හුරු පුරුදු භාවනා ක්‍රම ගණනාවක් ඇත: ශ්වසනයෙහි රිද්මය කෙරෙහි සතිය පිහිටුවන ආනාපානසතිය, යම් සක්මන් පථයක දෙපැත්තට සක්මන් කරන විට තබන පාදයේ ස්පර්ශය කෙරේ සතිය පිහිටුවන චංක්‍රමණ භාවනාව (සක්මන්භාවනාව), “බුද්-ධෝ ̃ වැනි යම් මන්ත්‍රයක් සිතින් නැවත නැවත මෙනෙහි කිරීම. මේ සියල්ලම සකස් කර ඇත්තේ මේ වර්තමාන මොහොත කෙරෙහි, මේ වර්තමාන යථාර්ථය කෙරෙහි අවධානය තරයේ පිහිටුවීම සඳහා යොමු කිරීමට උපකාරවත් වීමටයි.මෙම වඩාත් ප්‍රචලිත භාවනා ක්‍රම සමග යන, ඊට සමාන කාර්යයක් ඉටු කළ හැකි තවත් භාවනා ක්‍රම රාශියක් වෙයි. ඒවායින් එකක් "ඇතුළතට සවන් දීම" හෙවත් “ඇතුළත නාදය පිළිබඳ භාවනාව ̃ හෙවත් සංස්කෘතයෙන් “නාද යෝග" යනුවෙන් හැඳින්වෙයි. මේ පද සියල්ලම යෙදෙන්නේ “නිහඬ බවේ හඬ ̃, “නාද ධ්වනිය ̃ යන ක්‍රමය පුහුණු කිරීම පිළිබඳවය. “නාද" යනු “ශබ්ද ̃ යන අරුත දෙන සංස්කෘත පදයමෙන්ම “කිසිත් නෑ ̃ යන අරුත දෙන ස්පාඤ්ඤ වචනයයි. එය සිත් අදනාසුලු , ̈අහඹු ලෙස සැබෑ අරුත් දෙන සහසිද්ධියකි.

    0.jpg


    මෙම පොත(PDF) පහත ලින්ක් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න.

     

    Attachments

    • 0.jpg
      0.jpg
      11.3 KB · Views: 54