ඇදර වන්තයින්ගේ දිනය

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඇදර වන්තයින්ගේ දිනය

    ආදර වන්තයින්ගේ දිනය අදයි.
    ඒත් ආදර වන්තයින්ගේ දිනය සැබෑවටම සමරන්නේ ආදර වන්තයින්ද?
    සැබැ ආදරයක් ඇති තැන සමරන්නට දිනයක් අවැසිද?

    love-couple-images-21.jpg


    ආදරය කියන්නේ මොකද්ද?‍
    මේක විමසා බැලිය යුතු කාරණයක්. අද බහුතර තරුණ පිරිසගෙන් ආදරය කියන්නේ මොකද්ද කියලා ඇහුවොත් දෙන උත්තර අතර තියන්නේ ඍජුවම හෝ වක්‍රව රූම් ගොස් අසවල් කාර්යයේ නිරත විමයි. ඔව්න්ගේ වචන වලින් ආදරය කියන්නේ එයයි. මේක තව දුරටත් අර්ථකතනය කරන ඔව්න් කියන්නේ ආදරයේ උච්ච අවස්ථාව එය බවයි. නමුත් කනගාටුවට කරුන නම් ඔව්න් උච්ච ආදරය යනු කුමක්දැයි දන්නේ නැතිවීමයි.

    ආදරය යනු සැබෑවටම බොලද හැගීමකි. ලිංගික ක්‍රියා යනු බොළදත්වය නොව ප්‍රාතමික සත්ව අවශ්‍යතාවයකි. බොළදයි කියා මිනිස් සිතින් ආදරය නැති කිරීමට බැරිය. කුඩා වයසේදී අප මව්පියන්ට පමණක් ආදරය කරයි. ඉන්පසුව සහෝදර සහෝදරියන්ටද ගුටි ගසාගන හෝ ආදරය කරයි. බොලදයි කියා එම ආදරයන් යටපත් කිරිමට බැරිය.

    එසේම තරුන වයසේදී තරුනයෙක් නම් තරුනියකට ආදරය සිතීම, ආදරය කිරීම බොලද ක්‍රියාවකි. නමුත් එවැනි බොලද සිතුවිලි මිනිස් සිත් තුළ ඇති විය යුතුය. එසේ නැත්නම් ඔහුට හෝ ඇයට ඇත්තේ මානසික රෝගයකි.

    සැබෑ ආදරයේදී පිරිමියෙකුගේ සිතේ ඇති වෙන විවිධ හැගීම් ඇත. ඒවා අතර ගැහැනු ළමයාව ආරක්ෂා කිරීම, අනාගත සිහින දැකීම, ඇය වෙනුවෙන් තමන්ගේ කාළය වැය කිරීම, ඇයට ගරු කිරීම, ඇය ගැන සොයා බැලීම මෙන්ම ඈ වටා බැදුනු ඊර්ශ්‍යා බැම්මද වෙයි. මෙහි ඊර්ශ්‍යාව යනු වෙනත් පිරිමින් ඇය කෙරෙහි සිත් ඇතිව බැලීමේදී ඇතිවෙන සිතේ වේදනවයි. එසේ නැතිව ඇයගේ ඉගෙනුමට හෝ දියුනුවට කිරීම නෙවෙයි. ආරක්ෂා කිරීම යනු අනෙක් අයගෙන් පමණක් නොව තමන්ගෙන්ද ඇයව ආරක්ෂා කිරිමයි.

    නියම ආදරයේදී තමන්ගෙන්ද ඇයව ආරක්ෂා කළ යුතුම වේ. ආදරය යනු පරිත්‍යාගයක් බව තරුණයන් තේරුම් ගත යුතුය. තමන්ගෙන් ඇය ආරක්ෂා කිරීම යනු පිරිමින්ට පොදුවේ ඇතිවෙන ලිංගික හැගීම් ඇය අසලදි පාලනය කර ගැනීමයි. ඇයගේ ආත්මගරුත්වයට හානි නොකිරීමයි. මක් නිසාද යත් තමන් කසාද බැදගන්නට පෙර ඇය වෙන්වුවහොත්, එසේත් නැත්නම් පිරිමියා මලොත් ඇයට යන කලදසාවක් තිබිය යුතුවීමයි. සැබෑ ආදරය නම් එසේය. ඇයගේ අනාගතය ගැන පිරිමියා සිතිය යුතුය. එමෙන්ම ඇය වෙනුවෙන් තමන් ආත්මාර්ථකාමී නොවී ඇයට පරාර්ථකාමී විය යුතුය.

    අපි ජීවිත රක්ෂනයක් දමන්නේ හදිස්සියේ හෝ අපි මියගියහොත් අපෙන් යැපෙන්නන්ට අනාගතයක් තිබිය යුතු නිසාය. බිරිද, දරුවන් වෙනුවෙන් මිනිසුන් ජීවිත රක්ෂන දමයි. ඊට මාස් පතා මුදල් දමන්නේ ඒ නිසාය. එසේ නැත්නම් ඔව්න් වෙනුවෙන් සල්ලි ඉතරු කරයි. ඉඩම් අරන් තබයි. නමුත් බොහෝ තරුනයන් තමන්ගේ ආදර වන්තියගේ අනාගතය ගැන එසේ හිතන්නේ නැත. ඒ වෙනුවට හිතන්නේ තමන්ගේ කෙටිකාලීන තෘප්තිය ගැන පමණි. තමන් අසැබි වීඩියෝ පටවල දුටු ක්‍රියාවන් ප්‍රායෝගිකව අත්හදැ බැලීමේ උවමනාවක් මිස සැබෑ ආදරයක් අද බොහෝ සිතු තුල නැත.

    මේ නිසා සැබෑවටම ආදරේනම් එම ආදරය, ආදරය ලෙසම විදගන්නට සියලු පෙම්වතුන්ට, පෙම්වතියන්ට ආරාධනා කර සිටිමි. එවිට ඒ ආදරය කොයි මොහොතේ හෝ නැති උනද සුන්දර අතීත මතක ගොන්නක් ඔබට ඉතිරි වෙනු ඇත. ජීවිතයේ ඕනෑම මොහොතක සිතින් කාළ තරනය කර එම සුන්දර අතීත මතක සමග ජීවත් වීමට හැකි වෙනු ඇත. එමෙන්ම ඇගේ සිතින් හැම කාලෙකම ඔබව පූජනීය පුද්ගලයෙකු ලෙස සලකනු ඇත. ආදරය ජය ගෙන විවාහ වී නම් ලියා තබන්නට හෝ කතා කරන්නට ලස්සන ආදර කතාවක් ඉතිරි වෙනු ඇත.
    resize


    අවසන් වශයෙන්
    සෑම පිරිමියෙකුටම ප්‍රාථමික සත්ව ලක්ෂණයක් වෙන ලිංගිකත්වය කියන දේ පාළනය කරගත හැකි පෞරුශයක් තිබිය යුතුයැයි මම විස්වාස කරමි. විශේෂයෙන් තමන්ගේ ආදර වන්තිය තමන්ගෙන් ආරක්ෂා කර ගැනිමට තමාට, තමාවම ස්වයං පාළනයක් කර ගත හැකි විය හැකි විය යුතුය. එවන් පිරිමින්ට පහසුවෙන් තරහව වැනි වෙනත් ප්‍රාථමික සත්ව ලක්ෂනද පාලනය කරගත හැකි බැවින්, ඔහු බදින තරුනියට අනාගතයේ සුවසේ ජීවත් වීමට හැකි වෙනු ඇත. ලිංගිකත්වය යනු ජීවිතය නොවේ. කසාද ජීවිතයේද ලිංගිකත්වය යනු එක් කුඩා අංගයක් පමණක් බව අවබෝධ කරගත යුතුව ඇත.


     

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    "කසාද ජීවිතයේද ලිංගිකත්වය යනු එක් කුඩා අංගයක් පමණක් බව අවබෝධ කරගත යුතුව ඇත "

    මේකටනම් එකග වෙන්න බෑ :no:
    කසාද ජිවිතේ ලිංගිකත්වයට කුඩම්මාගේ සැලකිලි කරන්න ගිහින් ගොඩ දෙනෙක් අනාගන්නවා.
    ගැහැණු අයට ඇදුම්,පැළදුම් අරවා මේවා අරන් දුන්නම හරි කියලා හිතන් ඉන්නවා.
    අන්න ඒවා තමයි කසාද ජිවිතේ කුඩා අංග.
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :D
    Ela macho
    Rep Added
    Thanks

    :D
    "කසාද ජීවිතයේද ලිංගිකත්වය යනු එක් කුඩා අංගයක් පමණක් බව අවබෝධ කරගත යුතුව ඇත "

    මේකටනම් එකග වෙන්න බෑ :no:
    කසාද ජිවිතේ ලිංගිකත්වයට කුඩම්මාගේ සැලකිලි කරන්න ගිහින් ගොඩ දෙනෙක් අනාගන්නවා.
    ගැහැණු අයට ඇදුම්,පැළදුම් අරවා මේවා අරන් දුන්නම හරි කියලා හිතන් ඉන්නවා.
    අන්න ඒවා තමයි කසාද ජිවිතේ කුඩා අංග.

    මෙහෙමයි මම ඕකෙන් අදහස් කරේ සමහරු කසාදය කියලා හිතන්නේ ලිංගිකත්වය විතරයි. නමුත් කසාදය ඇතුලේ තියනවා එකිනෙකාට ගරු කිරීම, ලිංගිකත්වය, අනයෝන්‍ය අවබෝධය, මුදල් කළමණාකරණය, විනෝදය, විස්වාසය සුරැකීම වගේ මාතෘකා ගොඩක්. ඔය හැම මාතෘකාවක්ම කුඩා අංග ගනනාවක් විදිහටයි පවතින්නේ. ඒවා කසාදය කියන මැෂින් එකේ දැති රෝද. ඒ නිසා ඒ හැම දැතිරෝදයක්ම ක්‍රියා කරන්න ඕනේ. එක දැති දෝරයකට මූලිකත්වය දීලා බෑ.
    :D
     
    • Like
    Reactions: Ithika mithika

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    Good thread..!
    thanks
    :D
    :D
    ලැප් එකත් එක්ක තමයි අපිට ලව් කරන්න තියෙන්නෙ :(
    :D
    :) rep +
    Ohoma aadarayak labenna waasanaawantha wenna one :love:
    යහපත් ආකල්ප එක්ක අනයෝන්ය අවබෝධය තමයි නංගි වැදගත්ම දේ. දෙන්නා අතර අදහස් හුවමාරුව හරියට තියෙන්න ඕනේ.
    බම්ප්
    :D
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...

    ත්‍රෙඩ් එක කියවලා කමෙන්ට් එක දාන්න බොක්ස් එකත් ඕපන් කරන් හිටියට රිප්ලයි එකක් දා ගන්න බැරි උනා.. :dull:
    දැන් මේ බුකිය පැත්තේ ගියාම මේ වීඩියෝ එක දැක්කාම දඩස් ගාලා මතක් වෙලා හෙන අමාරුවෙන් හොයා ගත්තා..:love:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    ත්‍රෙඩ් එක කියවලා කමෙන්ට් එක දාන්න බොක්ස් එකත් ඕපන් කරන් හිටියට රිප්ලයි එකක් දා ගන්න බැරි උනා.. :dull:
    දැන් මේ බුකිය පැත්තේ ගියාම මේ වීඩියෝ එක දැක්කාම දඩස් ගාලා මතක් වෙලා හෙන අමාරුවෙන් හොයා ගත්තා..:love:

    :D:D:love:
     

    blue_in_rio

    Well-known member
  • ඇත්ත මචන්. ඒත් මේකෙදි උබ පොඩ්ඩක් කොල්ලන්ගේ පැත්තට වැඩියෙන් බර දැම්මයි කියලා මට හිතෙනවා.උබට කිව්වම මොකද, දැන් ඉන්න පොඩි කෙල්ලන්ට ඕනි කවුරුහරි කොල්ලෙක් අල්ලගෙන, රූම් එකකට ගිහින් ආතල් ගන්න.ඊට පස්සේ ඌව අතෑරලා, නාකියෙක් හරි සල්ලි කාරයෙක්ගේ ඇගේ එල්ලෙන්න.කොල්ලා උගෙන් කෙල්ලව ආරක්ශා කරන එක කෙසේ වෙතත්, කොල්ලා මුකුත් නොකලොත් නපුන්සකයෝ ගානට දාන කෙල්ලො ඉන්නේ.ඉතින් එහෙම කෙල්ලන්ගෙන් ආතල් අරන් මාරුවෙන කොල්ලො බිහිවෙන එකෙත් අරුමයක් නෑ. :rolleyes::rolleyes:



    16+