ඇදර වන්තයින්ගේ දිනය
ආදර වන්තයින්ගේ දිනය අදයි.
ඒත් ආදර වන්තයින්ගේ දිනය සැබෑවටම සමරන්නේ ආදර වන්තයින්ද?
සැබැ ආදරයක් ඇති තැන සමරන්නට දිනයක් අවැසිද?
ආදරය කියන්නේ මොකද්ද?
මේක විමසා බැලිය යුතු කාරණයක්. අද බහුතර තරුණ පිරිසගෙන් ආදරය කියන්නේ මොකද්ද කියලා ඇහුවොත් දෙන උත්තර අතර තියන්නේ ඍජුවම හෝ වක්‍රව රූම් ගොස් අසවල් කාර්යයේ නිරත විමයි. ඔව්න්ගේ වචන වලින් ආදරය කියන්නේ එයයි. මේක තව දුරටත් අර්ථකතනය කරන ඔව්න් කියන්නේ ආදරයේ උච්ච අවස්ථාව එය බවයි. නමුත් කනගාටුවට කරුන නම් ඔව්න් උච්ච ආදරය යනු කුමක්දැයි දන්නේ නැතිවීමයි.
ආදරය යනු සැබෑවටම බොලද හැගීමකි. ලිංගික ක්‍රියා යනු බොළදත්වය නොව ප්‍රාතමික සත්ව අවශ්‍යතාවයකි. බොළදයි කියා මිනිස් සිතින් ආදරය නැති කිරීමට බැරිය. කුඩා වයසේදී අප මව්පියන්ට පමණක් ආදරය කරයි. ඉන්පසුව සහෝදර සහෝදරියන්ටද ගුටි ගසාගන හෝ ආදරය කරයි. බොලදයි කියා එම ආදරයන් යටපත් කිරිමට බැරිය.
එසේම තරුන වයසේදී තරුනයෙක් නම් තරුනියකට ආදරය සිතීම, ආදරය කිරීම බොලද ක්‍රියාවකි. නමුත් එවැනි බොලද සිතුවිලි මිනිස් සිත් තුළ ඇති විය යුතුය. එසේ නැත්නම් ඔහුට හෝ ඇයට ඇත්තේ මානසික රෝගයකි.
සැබෑ ආදරයේදී පිරිමියෙකුගේ සිතේ ඇති වෙන විවිධ හැගීම් ඇත. ඒවා අතර ගැහැනු ළමයාව ආරක්ෂා කිරීම, අනාගත සිහින දැකීම, ඇය වෙනුවෙන් තමන්ගේ කාළය වැය කිරීම, ඇයට ගරු කිරීම, ඇය ගැන සොයා බැලීම මෙන්ම ඈ වටා බැදුනු ඊර්ශ්‍යා බැම්මද වෙයි. මෙහි ඊර්ශ්‍යාව යනු වෙනත් පිරිමින් ඇය කෙරෙහි සිත් ඇතිව බැලීමේදී ඇතිවෙන සිතේ වේදනවයි. එසේ නැතිව ඇයගේ ඉගෙනුමට හෝ දියුනුවට කිරීම නෙවෙයි. ආරක්ෂා කිරීම යනු අනෙක් අයගෙන් පමණක් නොව තමන්ගෙන්ද ඇයව ආරක්ෂා කිරිමයි.
නියම ආදරයේදී තමන්ගෙන්ද ඇයව ආරක්ෂා කළ යුතුම වේ. ආදරය යනු පරිත්‍යාගයක් බව තරුණයන් තේරුම් ගත යුතුය. තමන්ගෙන් ඇය ආරක්ෂා කිරීම යනු පිරිමින්ට පොදුවේ ඇතිවෙන ලිංගික හැගීම් ඇය අසලදි පාලනය කර ගැනීමයි. ඇයගේ ආත්මගරුත්වයට හානි නොකිරීමයි. මක් නිසාද යත් තමන් කසාද බැදගන්නට පෙර ඇය වෙන්වුවහොත්, එසේත් නැත්නම් පිරිමියා මලොත් ඇයට යන කලදසාවක් තිබිය යුතුවීමයි. සැබෑ ආදරය නම් එසේය. ඇයගේ අනාගතය ගැන පිරිමියා සිතිය යුතුය. එමෙන්ම ඇය වෙනුවෙන් තමන් ආත්මාර්ථකාමී නොවී ඇයට පරාර්ථකාමී විය යුතුය.
අපි ජීවිත රක්ෂනයක් දමන්නේ හදිස්සියේ හෝ අපි මියගියහොත් අපෙන් යැපෙන්නන්ට අනාගතයක් තිබිය යුතු නිසාය. බිරිද, දරුවන් වෙනුවෙන් මිනිසුන් ජීවිත රක්ෂන දමයි. ඊට මාස් පතා මුදල් දමන්නේ ඒ නිසාය. එසේ නැත්නම් ඔව්න් වෙනුවෙන් සල්ලි ඉතරු කරයි. ඉඩම් අරන් තබයි. නමුත් බොහෝ තරුනයන් තමන්ගේ ආදර වන්තියගේ අනාගතය ගැන එසේ හිතන්නේ නැත. ඒ වෙනුවට හිතන්නේ තමන්ගේ කෙටිකාලීන තෘප්තිය ගැන පමණි. තමන් අසැබි වීඩියෝ පටවල දුටු ක්‍රියාවන් ප්‍රායෝගිකව අත්හදැ බැලීමේ උවමනාවක් මිස සැබෑ ආදරයක් අද බොහෝ සිතු තුල නැත.
මේ නිසා සැබෑවටම ආදරේනම් එම ආදරය, ආදරය ලෙසම විදගන්නට සියලු පෙම්වතුන්ට, පෙම්වතියන්ට ආරාධනා කර සිටිමි. එවිට ඒ ආදරය කොයි මොහොතේ හෝ නැති උනද සුන්දර අතීත මතක ගොන්නක් ඔබට ඉතිරි වෙනු ඇත. ජීවිතයේ ඕනෑම මොහොතක සිතින් කාළ තරනය කර එම සුන්දර අතීත මතක සමග ජීවත් වීමට හැකි වෙනු ඇත. එමෙන්ම ඇගේ සිතින් හැම කාලෙකම ඔබව පූජනීය පුද්ගලයෙකු ලෙස සලකනු ඇත. ආදරය ජය ගෙන විවාහ වී නම් ලියා තබන්නට හෝ කතා කරන්නට ලස්සන ආදර කතාවක් ඉතිරි වෙනු ඇත.
අවසන් වශයෙන්
සෑම පිරිමියෙකුටම ප්‍රාථමික සත්ව ලක්ෂණයක් වෙන ලිංගිකත්වය කියන දේ පාළනය කරගත හැකි පෞරුශයක් තිබිය යුතුයැයි මම විස්වාස කරමි. විශේෂයෙන් තමන්ගේ ආදර වන්තිය තමන්ගෙන් ආරක්ෂා කර ගැනිමට තමාට, තමාවම ස්වයං පාළනයක් කර ගත හැකි විය හැකි විය යුතුය. එවන් පිරිමින්ට පහසුවෙන් තරහව වැනි වෙනත් ප්‍රාථමික සත්ව ලක්ෂනද පාලනය කරගත හැකි බැවින්, ඔහු බදින තරුනියට අනාගතයේ සුවසේ ජීවත් වීමට හැකි වෙනු ඇත. ලිංගිකත්වය යනු ජීවිතය නොවේ. කසාද ජීවිතයේද ලිංගිකත්වය යනු එක් කුඩා අංගයක් පමණක් බව අවබෝධ කරගත යුතුව ඇත.

rep +