ඇදිරිනිතිය තවත් දින 10 කින් දික් කරන්න,ජනාධිපති ට දන්වයි. #CURFEW

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    🔴 පවතින නිරෝධායන ඇඳිරි නීති තත්වය තවත් දින 10කින් දීර්ඝ කරන ලෙස, වසංගත රෝග විද්‍යා ඒකකය, ලංකා හෙද සංගමය, රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය සහ සමස්ථ ලංකා වෛද්‍ය සහ රෝහල් සේවක සංගමය විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත දැනුම් දී තිබෙනවා.

    ඔවුන් වැඩිදුරටත් ඉල්ලා ඇත්තේ දැනට පවතින ඇඳිරිනීති තත්වය තවදුරටත් දැඩි කරමින් මහජනතාව නිවෙස් වලම රැඳවීමේ ක්‍රියාවලියක් සිදු කලයුතු බවයි. කොවිඩ් ආසාදිතයින්ගෙන් මෙතෙක් කොවිඩ් ආසාදනය නොවූවන් ආරක්ෂා කරගැනීමටත් ඉක්මවා ගොස් ඇති රෝහල් ධාරිතාව යළි යථා තත්වයට පත් කරගැනීමටත් තවත් දින 10ක් ඇඳිරි නීතිය පනවමින් මහජනතාව ස්වයං නිරෝධායනයට ලක් කිරීම මගින් හැකි වනු ඇතැයි එම සංගම් වැඩිදුරටත් පෙන්වා දෙයි..

    කෙසේවෙතත් මෙම ඉල්ලීම ඉදිරියේදී කොවිඩ් මර්ධන කාර්ය සාධක විශේෂ හමුවේදී සාකච්චා කොට නිල තීරණයක් ලබා දෙන බවට ජනාධිපති මාධ්‍ය ඒකකය විසින් අදාල සංගම් වෙත දන්වා ඇති බවද වාර්තා වේ...
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,988
    40,875
    113
    එකතු උනොත් කරන්න බැරි දෙයක් නෑ. කොඳු කඩලා දණ ගස්සන්න පුළුවන්.
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    එකතු උනොත් කරන්න බැරි දෙයක් නෑ. කොඳු කඩලා දණ ගස්සන්න පුළුවන්.

    ඔව් ඔව්, ඔක්කොම එකතු වෙල, දන ගස්සලා, කොදු කඩලා, පු-ටත් ඇරල තියෙන්නෙ
    දවස් පඩි කාරයන්ගෙ :rofl:
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    එකතු උනොත් කරන්න බැරි දෙයක් නෑ. කොඳු කඩලා දණ ගස්සන්න පුළුවන්.
    එල එල ආණ්ඩුවෙ පඩියත් කපාගන්න පුලුවන්. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    • Haha
    Reactions: Solo Rider

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,308
    21,302
    113
    මොන මගුලක්ද බන්. ඔන්න ඔය ජනාධිපතිකම සිකුරිටි කෙනෙක්ට දීල යන්න කියපන්. කියන කියන වෙලාවට අරින්නයි වහන්නයි ජනාදිපති කෙනෙක් ඕනද? :angry: :angry: :angry: :angry:
     
    • Like
    Reactions: jay-shan