ඇදුම යනු කුමක්ද?

funyboyy

Member
Jun 22, 2011
396
163
0
nugegoda
ඇදුම යනු කුමක්ද?

ඇදුම යනු පෙනහළුවල කුඩා වානාල වලට බලපාන තත්ත්වයකි. ඇදුම ඇති රෝගින්ගේ විටෙන් විට වානාල හැකිලෙන අතර හැකිලෙන ප්‍රමාණය හා හැකිලී ඇති කාලය විශාල ලෙස වෙනස් විය හැක.

2. කාටද බලපාන්නේ?
3. ඇදුමට හේතු වනුයේ කුමක්ද?
4. රෝග ලක්ෂණ මොනවාද?
5. ඇදුම රෝගය විනිශ්චය කරනුයේ කෙසේද?
6. ඇදුම සදහා ප්‍රතිකාර මොනවාද?
7. දර්ශනය (නියම) ප්‍රතිකාර සැලැස්ම කුමක්ද?
8. ඇදුම නැතිවනවාද?
9. ඇදුම රෝගයෙන් වැලකෙනුයේ කෙසේද?

:love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love:
ඔයාලා උනන්දු වෙන විදියට මම මේ එක එක topic එක කතා කරන්න බලාපොරොත්තු වෙනවා ..............
''''''''''''''''එහෙනම් හැමෝටම නිරෝගී ඡිවිතයක් ''''''''''''''''''''''


:love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love:


 

funyboyy

Member
Jun 22, 2011
396
163
0
nugegoda
ඇදුම යනු කුමක්ද?

තව දෙයක් කියන්න බැරි උනා... ඒ තමයි . ඇදුම සහ හතිය ඔය මොන මොන නම් වලින් කිව්වත් ඒ ඔක්කොම ඔය එකම රෝග‍යේ අවස්තා තමයි. අනික තමයි. ඇදුම හැදුනාම එක එක්කෙනාට පෙන්වන රෝගි අවස්ථා වෙනස්විම......
 

funyboyy

Member
Jun 22, 2011
396
163
0
nugegoda
ඇදුම යනු කුමක්ද?

දඩබ්බරයා
user_online.gif

Senior Member දඩබ්බරයෝ................

reputation_pos.gif
reputation_pos.gif
reputation_pos.gif
reputation_pos.gif
reputation_pos.gif
reputation_highpos.gif

ඒ doc කිව්වා හරි .පොඩි කාලේ හැදුනොත් ලොකු වෙලා හැදෙන්නෙ නැ.....අවුරුදු 20-25 වගේ ඉදලා හැදුනොත් තමයි හොඳ කරගන්න අමාරු... උබ බේරිලා
:yes::yes::yes::yes:
 
Last edited:

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,541
    22,230
    113
    Gotland
    මචං මට දුවිලි / දුම ට අසාත්මිකතාවක් තියෙනවා.. ඒක නිසා පසු කාලීනව ඇදුම ඇතිවියහැකිද ?
     

    funyboyy

    Member
    Jun 22, 2011
    396
    163
    0
    nugegoda
    කාටද බලපාන්නේ?

    ඇදුම රෝගය ඕනෑම වයසක ආරම්භ විය හැක. නමුත් ළමුන්ගේ සුලභය. ඇදුම රෝගය පවුල් වලින් පැවතේ.


     

    funyboyy

    Member
    Jun 22, 2011
    396
    163
    0
    nugegoda
    ඇදුමට හේතු වනුයේ කුමක්ද?

    ඇදුම රෝගයට හේතු වනුයේ වානාල වල ප්‍රදාහයයි. වානාල ප්‍රදාහය හෝ ඉදිමුම විවිධ කරුණුවලට ඉතාමත් සංවේදී කරයි. සිගරට් දුම, දූවිලි ගුල්ලන්, ශව්‍යනාල වයිරස් ආසාධන, මදුරු දගර, දර පිළිස්සීමෙන් වන ගෘහාශ්‍රිත වායු දූෂණය, බිත්තිවල ඇති කැරපොත්තන්ගේ නිදර්ශන, ආර්ද්‍රතාවය යන පාරිසරික කරුණු ඇදුම තත්ත්වය වැඩි කරයි. මානසික ආතතිය හා ඉක්මණින් ප්‍රතිජීවන භාවිතයද, ඇදුම වැඩි කිරීමට ඉවහල් වේ.

    මල් රේණු, දුම හා රසායනික ද්‍රව්‍යය ඇදුම රෝග ලක්ෂණ වැඩි කරයි. සුරතලයට ඇති කරන කුරුල්ලන්, ලව් බර්ඩ්ස්, පරවියන් ඇදුම තත්වය ඉතාම වැඩි කරයි.

    සමහර ආහාර වර්ගද, ඇදුම ප්‍රේරණය කරයි. ව්‍යයාම නිසා ඇති වන ඇදුම බොහෝවිට පිළිබිඹු කරනුයේ ප්‍රතිකාර කල ඇදුමය.

     
    Last edited:

    funyboyy

    Member
    Jun 22, 2011
    396
    163
    0
    nugegoda
    pavithra_uk
    user_offline.gif

    Senior Member
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    ඔව් ඇතිවිය හැකියි පරිස්සම් වෙන එක හොඳයි .....doc හම්බවෙලා බලාගන්න එකත් හොඳයි
     

    funyboyy

    Member
    Jun 22, 2011
    396
    163
    0
    nugegoda
    රෝග ලක්ෂණ මොනවාද?

    රෝග ලක්ෂණ මොනවාද?

    අඩු මට්ටමේ ඇදුම - දිවා කාලයේ රෝග ලක්ෂණ නැති නමුත් රාත්‍රියේ අපහසුකාරී කැස්ස, හතිය, හුස්ම ගැනීමේ අපහසුතාව, පපුව තද ගතිය විශාල ප්‍රමාණයක් රෝගීන්ගේ රෝග ලක්ෂණ කාලයෙන් කාලයට ඇති වන අතර ඒ අතර සාමාන්‍ය දින පවතී. ඇදුම වැඩිවන හා අඩුවන කරුණු රෝගීන්ට හදුනාගත හැක.

    මධ්‍යම මට්ටමේ ඇදුම - හතිය හා කැස්ස ඇති වන අවස්ථාවන් රෝග ලක්ෂණ උත්සන්න වනුයේ රැයේදී හා හිමිදිරි පාන්දරය. හුස්ම ගැනීමේ අපහසුතාව, පපුව තද ගතිය පාසල් කටයුතුවලට හා එදිනෙදා ජීවිතයේ කටයුතුවලට රෝග ලක්ෂණ බාධා කිරීම.

    තීව්‍ර ඇදුම - හතිය, පපුව තද වීම, හුස්ම ගැනීමේ දැඩි අපහසුතාව, කථා කිරීමේ අපහසුකම, තොල්, නිය අළු පාට හෝ නිල් පාට විම, හුස්ම ගැනීමත් සමග පපුව / පර්ශු ඇතුලට ඇදී යාම.

    පහල මට්ටමේ ඇදුම ඇති අයට පවා නිසියාකාරව පාලනය නොකළ හොත් ජීවිත තර්ජන ඇති කළ හැකි තද හතිය අවස්ථා ඇති විය හැකි බව දත යුතුය.
     

    funyboyy

    Member
    Jun 22, 2011
    396
    163
    0
    nugegoda
    ඇදුම රෝගය විනිශ්චය කරනුයේ කෙසේද?

    ඇදුම රෝගය විනිශ්චය කරනුයේ කෙසේද?


    01ආවේණික රෝග ලක්ෂණ හෝ පහසුවෙන්ම වෛද්‍යවරයෙකු මගිනි.
    02 තහවුරු කරනුයේ "පිත් ප්ලේන් මීටර්"



    ඇදුම සදහා ප්‍රතිකාර මොනවාද?


    ආනනකය (ඉන්හේලර්)

    සහනදායී ඉනක්හේලර් - මෙය ගනු ලබන්නේ අවශ්‍යතාවය මත රෝග ලක්ෂණවලින් මිදීමටය. මෙම ඖෂධ ශ්වසන මාර්ගය පුළුල් කරයි. උදා : සැල්බියුටමෝල් ටබියුටලින්.
    වළකන ඉන්හේලරය - මෙය සෑම දිනකම ගැනීම මගින් රෝග ලක්ෂණ මතුවීම වළකයි. මේවා ස්ටිරොයිඩ්ස්ය. මෙහි ක්‍රියාකාරිත්වය ගැනීමට දින 7 - 14 ක් පමණ අවශ්‍යය. උපරිම ඵලදායිතාවට සති 6ක් පමණ ගත වේ. ඔබ එය දිනපතා පාවිච්චි කළහොත් රෝග ලක්ෂණ නැවත පැමිණීම වළකා ගත හැක.
    දිගු කාලීන ශව්‍යය මාර්ගය පුළුල් කරන ඉන්හේලර් - නිවාරණ ඉන්හේලර් මගින් රෝග ලක්ෂණ සම්පූර්ණයෙන්ම පාලනය කල නොහැකි විට එයට අමතරව මෙය භාවිතා කළ හැක. උදා - සැල්මෙටිරෝල්, පොමෙට්රෝල්

    අවකාශ උපකරණ ඉන්හේලර් සමග භාවිතය කරනුයේ සමහර වැඩිහිටි අයගේ වන අතර ඔවුන්ගේ සමායෝජනය දුර්වල නිසාය. මුහුණ වැස්ම සමහර වර්ගවල අවකාශ උත්පේරක සමග ඉපියාව (මුව කඩා) වෙනුවට සවි කළ හැක.

    සාමාන්‍යයෙන් ඉන්හේලර් නෝටිනෝස්ටිරොයිඩ් සමග සම්බන්ධය.

    පෙති

    පෙති නිර්දේශ කරනුයේ ඉන්හේලර් වලින් රෝග ලක්ෂණ සම්පූර්ණයෙන්ම සහනයක් නොවේ නම් පමණි. කුඩා දරුවන් සදහා පෙති වෙනුවට පැණි ලබා දිය හැක.

    ස්ටිරොයිඩ් පෙති

    තීව්‍ර හෝ දිගු කාලයක් ඇති ඇදුම සදහා කෙටි කාලයක් සදහා ස්ටිරොයිඩ් පෙති ශ්වාසනාලයේ ප්‍රදාහය අඩු කරයි.

    සමහර පුද්ගලයන් ස්ටිරොයිඩ් පෙති ගැනීමට සතුටු නැත. කෙසේ නමුත් කෙටි කාලයක් සදහා ස්ටිරොයිඩ් පෙති ගැනීමෙන් අතුරු ආබාධ ඇති නොවන අතර ඇදුම ඉතා හොදින් පාලනය වේ. ස්ටිරොයිඩ් පෙතිවල අතුරු ආබාධවලින් වැඩි හරියක්ම ඇති වනුයේ දීර්ග කාලයක් ගැනීමෙන් හෝ නිතරම ඉහල මාත්‍රාවලින් කෙටි කාල වලට පෙති ලබාගැනීම මගිනි.
     

    RazerDAM

    Member
    Dec 7, 2010
    184
    7
    0
    35
    Kalutara
    2. කාටද බලපාන්නේ?
    3. ඇදුමට හේතු වනුයේ කුමක්ද?
    4. රෝග ලක්ෂණ මොනවාද?
    5. ඇදුම රෝගය විනිශ්චය කරනුයේ කෙසේද?
    6. ඇදුම සදහා ප්‍රතිකාර මොනවාද?
    7. දර්ශනය (නියම) ප්‍රතිකාර සැලැස්ම කුමක්ද?
    8. ඇදුම නැතිවනවාද?
    9. ඇදුම රෝගයෙන් වැලකෙනුයේ කෙසේද?


    mata danaganna ona