ඇදෙන්නේබිමටවැටිලා.

ඇදෙන්නේබිමටවැටිලා.

ගේට්ටුව ළග දඩුමොණ‍රයක් සැරදාන සද්දෙට මම එළියට ඇවිත් බැලුවේ.
පුරුදු සද්දයක්.



ගේට්ටුවේ කණු අතරින් යාන්තමට දැක්කේ.
දන්න කෙනෙක්නේ මේ......



ඔයා හිටියේ සපුමල් කුමාරයා යුද්දෙට යන්න අස්සයා පිටේ නැගල වගේ.



හරි තමයි. අදත් හොද යුද්දයක් තියෙයි. මමත් නිකමටවත් හිතුවෙ නෑ ඔයා අද එයි කියලා අපේ අම්මලාගෙන් අහන්න.
හීන් සැරේ ගේට්ටුව ඇරපු මට ඔයා දකිද්දි මොනවා උනාද මන්ද.



අමතක උනානේ අපි මේ ඉන්නේ පාරේ කියලා.



දඩුමොණරෙත් මිදුලට අරගෙන ඔයා බිමට බැස්සට පස්සේ මම ඔයාගේ අතේ එල්ලුනේ පොඩි එකෙක් හවස තාත්තා ගෙදර ආවම ඇගේ එල්ලෙනවා වගේ.



අනේ හැබෑට ඔයාව දැකපු ගමන් මට හැමදේම අමතක වෙන හැටි.



දැන්නේ මතක්උනේ අද තාත්තත් ගෙදර.
මම ඔයාව හොරෙන්ම ගෙට එක්කන් ඇවිත් සාලෙන් වාඩිකෙරෙව්වා.



හොරෙන් කිව්වට අපි ගියගමන්ම මෙන්න අම්මයි තාත්තයි එළියට ආවා.



මම හිමින් සැරේ ගේ ඇතුළට ගියා හරියට හොරා කද්දි පූසව අහුඋනා වගේ.



"පුතා මොනවද කරන්නේ"



"පුතාට පුළුවන්ද"



ඔන්න ඔහොම අහනවා මම අහගෙන ගේ ඇතුලේ ඉදන්.



"දුව............"



මෙන්න ඒපාර මට කතා කරනවා.



මම හෙමින් හෙමින් සාලෙට ගියා.



"අපි කැමතියි චූටි...... දැන් යන්න.... ගිහින් ලෑස්ති වෙන්න..... මේ අයියට පරක්කු වෙනවා පුතේ...... උඹල දෙන්නා හැමදාම මේ වගේම සතුටින් ඉදපල්ලා........"



මම කිරිල්ලි වගේ දිව්වේ ලෑස්ති වෙන්න.
මට හිතුනේ හරියට රටක් රාජ්ජයක් ලැබුණා වගේ.
විනාඩි පහෙන් මම ලෑස්තියි.



අපි දෙන්නම අම්මටයි තාත්තටයි දණ ගහලා වැදල ගෙයින් එළියට බැස්සා.



එළියට එද්දි නම් හිතුනේ, සපුමල් කුමාරයත් යුද්දේ දින්නනේ..... කියලා.



අපේ දඩුමොණරෙට නගින්න යද්දි
අනේ, මෙන්න මම වැටුනා.



හිමීට ඇස් දෙක ඇරලා බැලුවා. අප්පේ..... පුදුම කරුවලක්...
අතේ පෝන් එක වගේ යාන්තමට වැදුණට අරන් බැලුවා.
රෑ වෙලානේ.... කළුවර නොවී තියෙයිද....
හීනේ බල බලම මම ඇදෙන්නේ බිමට වැටිලා.



ඊමේල් එකකින් අවේ හෙදයිනං දෙන්න බලන්න අර මොනවද එක