ඇන්ටාර්ක්ටිකාවේදී සොයාගත් සමාන්තර විශ්වය

reddeckuka

Well-known member
  • Nov 26, 2018
    3,114
    2,206
    113
    නාසා ආයතනය මගින් සමාන්තර විශ්වයක් පිලිබදව සාධකයක් මේ වන විට සොයාගැනීමට සමත්වී තිබෙනවා. මෙම සමාන්තර විශ්වය හරියටම අපට යාබදව පිහිටා තිබෙන අතර ඔවුන් තවදුරටත් පෙන්වා දෙන්නේ අප විශ්වයේ භෞතික විද්‍යා මූලධර්ම වලට ප්‍රතිවිරුද්ධ මූලධර්ම මෙම විශ්වය තුල ක්‍රියාත්මක වන බවයි.

    20 වන ශතවර්ෂය තුල සමාන්තර විශ්ව පිලිබදව බොහෝදෙනා අතර කතාබහක් පැතිර තිබුණි. 1952 වසරේදී භෞතික විද්‍යා විද්වතුන් අප ජීවත් වන්නේ බහුවිශ්වීය ආකෘතියක් (Multiverse Model) තුල බවට සංවාදයක් ඇතිකලෝය. එමෙන්ම එම කාල වකවානුවේදී ක්වන්ටම් විද්‍යා විද්වතෙක් වන Erwin Schrodinger විසින් තමන්ගේ දේශනයක් තුල සදහන් කලේ අපගේ මානයන්ට අමතරව වෙනත් මානයන් මේ විශ්වය තුල පවතින බවය. දැන් ඔබ සියලු දෙනාටම සිත තුල කුතුහලය දනවන ප්‍රශ්නය නම් අප කෙසේද මෙවැනි සමාන්තර විශ්ව හදුනාගන්නේ කෙසේද යන්නය. මෙම ප්‍රශ්නය සදහා වර්තමාන ලෝකය විසදුමක් සොයාගෙන ඇත. එනම් අප විශ්වයෙන් පැමිණෙන කොස්මික් කිරණ වල අඩංගු විවිධ අංශුන් වල හැසිරීම පිළිබදව සිදුකල ඇති පර්යේෂණ මගිනි.

    නාසා ආයතනය සතු ANITA නොහොත් Antarctic Impulsive Transient Antenna මගින් මෙම නිරීක්ෂණ සිදු කොට ඇත.ඔවුන් විසින් සියුම් ඉලෙක්ට්‍රොනික උපාංග සහිත ඇන්ටෙනා විශාල බැලූන් ආධාරයෙන් ඇන්ටාර්ක්ටිකාවේ ඉහළ සීතල වියළි අහස මත ස්ථාන ගත කිරීම මගින් මෙම නිරීක්ෂණ සිදු කොට ඇත. මේ සදහා ඇන්ටාර්ක්ටිකා ප්‍රදේශය තෝරාගැනීමට හේතුව වන්නේ මෙම නිරීක්ෂණ සදහා අවම රේඩියෝ තරංග බලපෑමක් ඇතිකිරීම යන සාධකය මුල් කරගෙනය. පෘතුවිය තුලට අවට අවකාශයෙන් විශාල ශක්තියකින් යුක්ත කොස්මික් කිරණ මගින් විවිධ අංශූන් නිරන්තරයෙන් පැමිණීම සිදුවේ. ඒවායින් සමහරක් අප පෘතිවියේ නිපදවන ශක්තීන් වලට වඩා මිලියන ගණනින් ප්‍රබල ශක්ති මුලාශ්‍ර වේ.

    අවම ශක්තියකින් යුක්ත “නියුට්‍රිනෝ” (neutrino) වැනි අංශු පහසුවෙන් අපගේ වායුගෝලය මෙන්ම පෘතිවියේ පෘෂ්ඨය හරහාද පහසුවෙන් ගමන් කර අනෙක් පසෙන් මතුවේ. ඒ එම අංශු අපගේ පරිසරයේ ඇති විවිධ දෑ සමග අවම අන්තර්ක්‍රියාවක් දක්වන නිසාය. නමුත් ඉතා ප්‍රබල ශක්තියක් සහිත “ටෝ නියුට්‍රිනෝ” (Tau Neutrino) වැනි අංශු පෘතුවියේ ඇති ඝන ද්‍රව්‍ය සමග අන්තර්ක්‍රියා කර වෙනත් අංශු බවට පරිවර්තනය වන නිසා, මුල් අංශු පෘතිවිය හරහා ගමන් කිරීමේ සම්භාවිතාවය ඉතා අඩු අගයක් ගනී.

    මේ හේතුව නිසා සෛද්ධාන්තිකව එක් පසකින් පෘතිවියට ඇතුල්වන අවම ශක්තියකින් යුක්ත neutrino වැනි අංශු අනෙක් පසෙන් පෘතුවියෙන් ඉහලට ගමන් කිරීම නිරීක්ෂණය සාමාන්‍ය දෙයක් වුවද, එක් පසකින් පෘතිවියට ඇතුල්වන අධි ශක්ති සහිත Tau Neutrino වැනි අංශු පෘතුවි තලයේ අනෙක් පසෙන් ඉහලට ගමන් කිරීම නිරීක්ෂණය ඉතා විරල වියයුතුය.

    නමුත් ANITA මගින් 2016 සිදුකරන ලද පරීක්ෂණ වලදී සැලකිය යුතු Tau Neutrino ප්‍රමාණයක් ඉහලට ගමන් ගන්නා ආකාරය නිරීක්ශනය කරන ලදී.

    හවායි විශ්වවිද්‍යාලයේ මූලික අංශු පිළිඹඳ භෞතික විද්‍යා මහාචාර්යවරයෙකු වන පීටර් ගොර්හම් (Peter Gorham) පෙන්වාදෙන්නේ මෙවැනි ආකාරයට Tau Neutrino හැසිරීමක් ඇතිවිය නොහැකි බවය. ඔහු යෝජනා කරන්නේ පෘතුවිය හරහා මෙවැනි අංශු සංක්‍රමණය වීමේදී ඒවා වෙනත් අංශු වලට වෙනස් වී නැවත Tau Neutrino බවට පත්වීම සිදුවිය හැකි බවය. එය බිලියනයකට එක වරක් පමණක් සිදුවීමේ සම්භාවතවයකින් යුක්ත වේ.

    එනමුත් ANITA කණ්ඩායම මෙවැනි ආකාරයේ අසාමාන්‍ය සිදුවීම් රාශියක් නිරීක්ෂණය කොට ඇත. එමනිසා ඔවුන් Peter Gorham ගේ මතය සමග එකග වීමට මැලිකමක් දක්‌වයි. ඔවුන් විශ්වාස කරන්නේ මහා පිපුරුමේදී අප විශ්වය ආරම්භ වන අවස්ථාවේදීම එයට ප්‍රතිවිරුද්ධ ආකාරයෙන් ක්‍රියාකරන සමාන්තර විශ්වයක් නිර්මාණය වන්නට ඇති බවත්, ඔවුන් නිරීක්ෂණය කරන Tau Neutrino එම විශ්වයේ එවා විය හැකි බවත්ය. එම විශ්වය තුල ධන ඍණ ලෙස හැසිරෙන අතර, දකුණ වම ලෙසද, කාලය ආපස්සට ගමන් කිරීමද සිදුවේ. මෙය අපේ විශ්වයේ දර්පණ විශ්වය ලෙස හදුන්වන ඔවුන් එහි ජීවයක් පවතී නම් එහි සිටින ජීවය අපගේ පසුගාමින් ලෙස හදුන්වාදී ඇත.
    ----------------------------------


    99158841_395279098098626_2600290221677346816_n.jpg
    99295191_395279531431916_294255184475848704_n.jpg

    100045626_395279471431922_8729494769689952256_n.jpg


    මධුර කාවින්ද කුරේ
    ආදි නාලන්දීය තාරකා විද්‍යා සංගමය

    Sources:

    https://www.newscientist.com/…/mg24532770-400-we-may-have-…/

    https://www.dailystar.co.uk/…/nasa-scientists-detect-parall…
     

    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    සියලු දේ ප්‍රතිවිරුද්ධයි කියන්නේ ගෑනු විශ්වය පිරිමි විශ්වය කියලා තියනවද දන්නේ නෑ .
     
    Last edited:
    • Like
    Reactions: reddeckuka

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,510
    1
    62,320
    113
    Mother Earth
    අප්පා මොළේ කුරොවල් වුණා ඒක කියවලා. මූට දැන් රෙප් දෙන්නෙ කොහොමද බන් ? උගෙ පෝස්ට් එකට අපි අගයක් දෙන්නෙ කොහොමද ? :unsure: