- පස්වන එපිය -
එබුසේ නිලදාරීන් දෙදෙනා නික්මගිය පසු පෙරුමාල්ගේ සිතට නැගුන පළමු ගැටලුව වුවේ "සුපෙම්වතිය සොයා එබුසේ පැමිණියේ ඇයි" යන්නයි? ප්‍රේමය වම් කෝෂිකාවට එරුණු පසු, ගිලීම හැරෙන්න වෙන විකල්පයක් නැති බව කෙලින් පෙමේ මතක වලින් පෙරුමාල් හොදටම දනී. තම සියෝමි දුරකථනය සොයා සුපුරු අංකයට ඇමතුවේ එක ලයාන්විත වචනයකින් හිත පුරවගන්නට වුවත් ඉහත සැකය ඇයගෙන ඇසීමට තරම් ශක්තියක් ඔහු තුල නොවිය.
ප්‍රේමය මායා බෝංචි වැලටත් වඩා දළු දැම්මත්, තම පවුලේ අයවලුන් මෙම "taboo" සම්බන්දය අනුමත නොකරන බැවින් නිසි කල් පැමිණෙන තෙක් එය රහසක් ලෙස තබාගැනීමට ඔහු සිතාගත්තේය. කිරියට ලොග් වෙන්නට කන්තෝරු කාබරයට ඇතුල්වුන සැනින් විදුලිය විසන්දිවුවේ පෙර දැනුම්දීමකින් තොරවය. දුරකතනයෙක් කිරියට ආ හේෂාන් දුටුවේ පච යාපා AKA රුචිරගේ රතු බෝල නුලයි "

පානදුර Grid එකේ වදුරෙකු වැදි පීපිරියාමෙන් විදුලිය ඇණහිටි

"
වදුරන්ටත් ඕනේ නැති ලබ්බක් කියා මුමුණ ඔහු වත්තට පැමිණියේ "ඔයත් එලියට එන්න" කියමින් කෙටි පණිවිඩයක් යවමිනි.
තප්පර කිහිපයක් ගතවෙන නිමේෂයෙන් දෙනෙත් දෙක එකිනෙක ගැටුනේ "අම්බුජා" සිමෙන්ති තරම් දැඩිවය.
පොලිස් පාසල පසුකරමින් ඉදිරියට ඇදුන "බම්පර් කල්ලියේ" කැබ් රථය නියම් ගම් පසුකරමින් පැමිණ ආරාමය පිහිටි මාවතට හැරවුවේ සෙමින් සෙමිනේ. ආරාමය පෙනී පෙනී ඇදෙන රථය දෙස තම ඇස යොමු හේෂාන් මුලින්ම දුටුවේ "හොදම ලිසින් අපෙන් ගන්න" කියා සදහන්කර තිබු ප්‍රචාරක පුවරුවයි. "එබුසේ" මදිවට "බම්පි" කල්ලියත් ආරාමය සොයා පැමිණියේ ඇයි යන්න පෙරුමාල් හට මොලයේ කතිර ගැස්ම වැටුනත් ඒ බව නොපෙන්ව රථය දෙසට සෙමින් පියනගන විට එයින් බැස ආවේ හොද කොල්ලාය. පැරණි යහළුකම් නැවතත් අලුත් කරමින් පිටුපසින් රථයෙන් බැස්සේ කිරියේ බම්පි කල්ලියයි.
"රට යන්නට පාස්පෝර්ට් ගන්නට මාස 5ක් ගතවෙන, හාලුත් නැති, පොලුත් නැති, විදුලි බලයත් නැති, වතුරත් නැති අසික්කිත ඉරිදාවක්" ලෙස සුපුරුදු හදකින් මිමිණුවේ පෙරුමාල් හට ඉස්සි බලන්නට.
-මතු සම්න්බන්දයි-