ඇන්ඩෲගේ දියවෙන ඡායාරූප
රුසියානු ජාතික ඡායාරූප ශිල්පියෙක් වන ඇන්ඩෘ ඔසොකින් දියවෙමින් පවතින හිම ස්ඵටික වල ඉතාමත් සුන්දර ඡායාරූප එකතුවක් ඉදිරිපත් කොට ඇත.
පොළවට පතිත වී තත්පර කිහිපයක් ඇතුලත දියවී යන හිම මල් නොහොත් හිම ස්ඵටික ඡායාරූපගත කිරීම ඉතා අසීරු සහ ඉවසිලිවන්ත කාර්යක් වේ.
ඔසොකින්ගේ ඡායාරූපකරණය කාර්යබහුල මිනිසාගේ අවධානයට ලක්නොවන කෘමීන් , වැහි බිඳු වැනි දේවලට සීමා වන අතර මෙවර ඔහු ඒ සඳහා මතෘකා කරගෙන ඇත්තේ හිම මල්ය.

