ඇනිමේෂන් සහිත - බුදු දහමේ ඔබ නොදත් තාක්ෂණි&#3

raamuwa

Active member
  • Apr 6, 2019
    94
    215
    43
    ඇනිමේෂන් සහිත - බුදු දහමේ ඔබ නොදත් තාක්ෂණි

    ලොව අග්‍ර ගණයේ බුද්ධිමතුන් දහස් ගණනින් බුදු දහම වෙත ඇදී එන්නේ ඇයි? - බෞද්ධ දැනුම් පද්ධතියේ තාක්ෂණික පැතිකඩ පිළිබඳ පෙරවදනක් සහිත වීඩියෝව




    ඔබ මෙයින් යමක් ඉගෙන ගත්තේ නම්, ධර්ම දානය උතුම් දානය යැයි සිතා, ශෙයා කිරීමට අමතක කරන්නට එපා
     
    Last edited:
    • Like
    Reactions: sidathsaumya

    Glonass16

    Well-known member
  • Aug 2, 2016
    518
    532
    93
    ලොව අග්‍ර ගණයේ බුද්ධිමතුන් දහස් ගණනින් බුදු දහම වෙත ඇදී එන්නේ ඇයි? - බෞද්ධ දැනුම් පද්ධතියේ තාක්ෂණික පැතිකඩ පිළිබඳ පෙරවදනක් සහිත වීඩියෝව

    පහත ලින්කුව හරහා

    http://bit.ly/2w8dznu

    ඔබ මෙයින් යමක් ඉගෙන ගත්තේ නම්, ධර්ම දානය උතුම් දානය යැයි සිතා, ශෙයා කිරීමට අමතක කරන්නට එපා



     
    Last edited:

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    ලොව අග්‍ර ගණයේ බුද්ධිමතුන් දහස් ගණනින් බුදු දහම වෙත ඇදී එන්නේ ඇයි? - බෞද්ධ දැනුම් පද්ධතියේ තාක්ෂණික පැතිකඩ පිළිබඳ පෙරවදනක් සහිත වීඩියෝව





    ඔබ මෙයින් යමක් ඉගෙන ගත්තේ නම්, ධර්ම දානය උතුම් දානය යැයි සිතා, ශෙයා කිරීමට අමතක කරන්නට එපා

    මේ කියන විදියට පදාර්ථය කූඩාම කොටස් වලට වෙන් කරලා දැකලා, අපිට හමුවන සියලුම දේ අංශු වල එකතුවක් විදියට දැක්කම නිවන් දකිනවද?

    හැම දෙයක්ම අංශු විතරයි නම් මිනිහෙක් මැරුවම එක පවකුයි, මව මැරීමෙන් ආනන්තරිය පවකුයි වෙන්නෙ ඇයි?

    නිවන කියන්නෙ ශුද්ධාෂ්ඨක ඇතිවීම නැතිවීම දකින එකද? නැත්නම් රාග ද්වේෂ මෝහ නැති කිරීමද?



    මේ ප්‍රශ්ණ තුනට පිලිතුරු දෙන්න..

     

    raamuwa

    Active member
  • Apr 6, 2019
    94
    215
    43
    පිළිතුරු

    පළමුව, වීඩියෝව නැරඹීම පිළිබඳ හා අදහස් දැක්වීම පිළිබඳ තුති.

    ඔබ නඟා ඇති ගැටළු සියල්ල වලංගු බව නිසැකය. ඔබ මෙයට පිළිතුරු බලාපොරොත්තු වන්නේ බෞද්ධ දැනුම් පද්ධතිය හරහාද එසේත් නැත්නම් එයට පරිභාහිරව සිටද යන්න අනුව පිළිතුරු අතිශයින් වෙනස් වේ. කෙසේ නමුදු දැනට බෞද්ධ දැනුම් පද්ධතිය තුල සිට පිළිතුරු දීමට යත්න දරන්නෙමි. නිවැරදි පිළිතුරු අතිශයින් දිගු වන අතර, දැනට හැකි තරම් සංෂිප්ත ආකාරයෙන් මෙයට පිළිතුරු ගොනු කරන්නෙමි
    ඔබගේ පළමු හා තෙවන ගැටළු ද්විත්වයේම යම් කිසි සංගතභාවයක් ඇති අතර ඒ දෙකටම පිළිතුරු පහත අයුරින් දිය හැක.

    01. මේ කියන විදියට පදාර්ථය කූඩාම කොටස් වලට වෙන් කරලා දැකලා, අපිට හමුවන සියලුම දේ අංශු වල එකතුවක් විදියට දැක්කම නිවන් දකිනවද?

    03. නිවන කියන්නෙ ශුද්ධාෂ්ඨක ඇතිවීම නැතිවීම දකින එකද? නැත්නම් රාග ද්වේෂ මෝහ නැති කිරීමද?

    නිර්වාණය යනු කුමක්ද යන්න වෙනමම සාකච්ඡා කල යුතු කරුණකි. 'නිර්වාණය දැකීම' යන පදය වෙනුවට, 'නිර්වාණය ස්පර්ශ කිරීම' යන්න වඩා නිවැරදි බව අභි ධම්ම පිටකය දෙස බලන විට මට සිතේ.

    තාර්කිකව යමක් අවබෝධ කරගැනීම හා ඉන්ද්රිය ගෝචර භාවයෙන් යමක් අවබෝධ කර ගැනීම අතර වෙනසක් පවතී. උදා:- බෝම්බයක් පිපිරීමේදී අධික ශබ්දයක් එන බව ඔබ තර්කාණුකූලව දනී (මෙය භෞතික විද්යාව ආධාරයෙන් ඔප්පු කරගත් නිසා හෝ බෝම්බයක් පුපුරණවා ඇසූ කෙනෙකු කියනවා අසා හෝ රූපවාහිනියේ දැක ඇති නිසා හෝ විය හැක). එයත් එක් තරා ආකාරයක දැන ගැනීමකි.

    දැන් ඔබ සැබැවින් බෝම්බයක් පුපුරණ ස්ථායකය සිටියේ යැයි සිතමු. ඔබගේ සවන ඉන්ද්රිය හරහා ඔබට බෝම්බය අධික ශබ්දයක් ඇති බව දැනේ. මෙය තවත් ආකාරයක දැන ගැනීමකි. මේ දෙකෙන් පුද්ගලයෙකු වශයෙන් ඔබට වඩා බලපානු ඇත්තේ කුමක්ද?

    යුධ කතා හා ඒවායේ ඇති බෝම්බ පිපිරුම් නැරඹීමට ඇධික ලෙස ප්‍රිය කල මාගේ මිත්‍රයෙකු තම ඇස් ඉදිරිපිට බස් බෝම්බයක් පුපුරණු දුටු අතර ඉන් පසු කිසි දිනෙක යුධ කතා නැරඹුවේ නැත. යුධ කතා පිළිබඳ ආසාව ඔහුගෙන් සම්පූර්ණයෙන් ගිළිහුණි.


    (බුදු දහමේ සරල කොටසේදී මනස එක් ඉන්ද්‍රියක් ලෙස සලකනු ලබන අතර අභිදහමේදී මනසත් මූලික කොටස් වලට පළමුව වෙන් කොට, ඉන් පසුව සිත් පරම්පරා ට්‍රිලියන ගණනකට බෙදා දක්වයි. සාකච්ඡාවේ පහසුව පිණිස මනස එක් ඉන්ද්‍රියක් යැයි සලකමු )

    එලෙසම, බෝම්බය පිපිරීම කනට ඇසීමෙන් ලබා ගත් ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂ දැනුම අතිෂය ප්‍රබල වන්නාසේම, මනේන්ද්‍රිය හරහා ලබා ගන්නා, නාම රූප පිළිබඳ ප්‍රත්‍යක්ෂ දැනුම නිසා ලෝකය කෙරෙහි ඇති අශාව කෙමෙන් කෙමෙන් සැබෑවටම දුරුවී, ගිළිහී යන බව බුදුන් වහන්සේ පෙන්වා දී ඇත.

    රූප කලාප ට්‍රිලියන ගණනක් සෑම මොහොතම ඉපිද ඉපිද මැරි මැරී යෑම දෙස බලා සිටින විට ලෝභ, ද්වේෂ හා මෝහ ඉබේම ගිලිහී යන බව පෙන්වා දී ඇත.


    02. හැම දෙයක්ම අංශු විතරයි නම් මිනිහෙක් මැරුවම එක පවකුයි, මව මැරීමෙන් ආනන්තරිය පවකුයි වෙන්නෙ ඇයි?

    අප සියලු දෙනා යෝධ ක්‍රීඩාවක ඉත්තන්ය. මෙම ක්‍රීඩාවේ නීති වලින් සමහරක් අපි දන්නෙමු. විශේෂයෙන් ඉන්ද්‍රිය ගෝචර වන දෑ (උදා :- ඔබේ ගෙල තදින් මිරිකාගෙන සිටියොත් ඔබ මරණයට පත් වේ, ඔබේ සිරුරේ යමක් තදින් හැපුනොත් වේදනාවක් දැනේ).

    එමෙන්ම මෙමෙ ක්‍රීඩාවේ අප නොදන්නා නීති කෙතරම් ඇත්දැයි අප නොදනී. ආගම් වලින් අප නොදන්නා නීති පහදා දීමට උත්සාහ කොට ඇත. ඉතින් මෙමෙ නීති අතිශය සංකීර්ණ විය හැක.

    බුදු දහමේම ඇති මෙමෙ කොටස බලන්න. දෙදහස් දහනවයේ මැයි විසි වනදා සවස පහට ඔබ මුවෙකුට ඊතලයක් විද්දේ යැයි සිතමු. මුවා මාරාන්තික තුවාල සහිතව පැන ගිය අතර කැලේ දින ගණනක් පණ අදිමින් සිටි මුවා දෙදහස් දහනවයේ මැයි විසි හත් වනදා (එනම් දින හතකට පසු ) උදේ නවයට මරණයට පත් වූවා යැයි සිතමු.

    මෙහිදී මුවා මැරීමට අදාල කර්මය ඔබගේ කර්ම ගිණුමට එකතු වේ. නමුත්, ඔබට එය එකතු වන්නේ දෙදහස් දහනවයේ මැයි විසි වනදා සවස පහටයි. එනම් මුවාට ඊතලය වදින විටමයි. දින ගණනකට පසුව මැරීමට සිටියද, ඔබගේ ක්‍රියාව නිසා මුවා පසුව හෝ මරණයට පත් වීමට නියත නම්, ඔබට එවිටම මුවෙකු මැරීමේ කර්මය එකතු වේ. එහෙත් මුවා තවම මැරී නැත.

    ඉතින් අපි අන්ධකාරයේ අතගාමින් මෙමෙ ක්‍රීඩාවේ නීති සොයමින් යන්නෙමු.

    සංවාදයට විවෘතයි. මුණ ගැසීම සතුටක්.
     
    Last edited:

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH

    යුධ කතා හා ඒවායේ ඇති බෝම්බ පිපිරුම් නැරඹීමට ඇධික ලෙස ප්‍රිය කල මාගේ මිත්‍රයෙකු තම ඇස් ඉදිරිපිට බස් බෝම්බයක් පුපුරණු දුටු අතර ඉන් පසු කිසි දිනෙක යුධ කතා නැරඹුවේ නැත. යුධ කතා පිළිබඳ ආසාව ඔහුගෙන් සම්පූර්ණයෙන් ගිළිහුණි.

    මෙතන ඔයාගෙ යාලුවට තියෙන්නෙ යුද්ධ කතා පිලිබද ද්වේශයක්. යුද්ධ ෆිල්ම් බලන්න ආස කෙනෙක් එය රාගයෙන් බලයි. ඕක රහතන් වහන්සේ කෙනෙක් බැලුවට රාග/ද්වේශ දෙකම නැහැ.








    රූප කලාප ට්‍රිලියන ගණනක් සෑම මොහොතම ඉපිද ඉපිද මැරි මැරී යෑම දෙස බලා සිටින විට ලෝභ, ද්වේෂ හා මෝහ ඉබේම ගිලිහී යන බව පෙන්වා දී ඇත.
    මෙන්න මේක පිටකයේ සදහන් කොටස මොකක්ද?


    02. හැම දෙයක්ම අංශු විතරයි නම් මිනිහෙක් මැරුවම එක පවකුයි, මව මැරීමෙන් ආනන්තරිය පවකුයි වෙන්නෙ ඇයි?

    මේකට ඔබ කෙලින් පිලිතුරක් දීලා නැහැ..


    සංවාදයට විවෘතයි. මුණ ගැසීම සතුටක්.

    හොදින් කතා කිරීම ගැන තුති...



    ඔබ නාමරූප වල "රූප" කියා කියන්නෙ කුමකටද?
     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    රූප යනු රූප කලාපයි.

    මට දැනගන්න ලැබුනා පටිච්චසමුප්පාදයේ රූප වල විස්තර..vvv

    350. එහි විඥානප්‍රත්‍යයෙන් උපදනා නාමරූප කවරෙ යත්: නාමයෙක් ඇත, රූපයෙක් ඇති.

    එහි නාම කවරෙ යත්: වේදනාස්කන්ධ ය, සංඥාස්කන්ධ ය, සංස්කාරස්කන්ධ යි. මේ ‘නාම’ යි කියනු ලැබේ.

    එහි රූප කවරෙ යත්: සතර මහාභූතයෝ ද සතර මහාභූතයන් නිසා උපන් රූපය දැ යි මේ ‘රූප’ යි කියනු ලැබේ. මෙසේ මේ නාමය ද මේ රූපය දැ යි මේ විඥානප්‍රත්‍යයෙන් උපදනා ‘නාමරූප’ යි කියනු ලැබේ.
    [/COLOR]