ඇඳුම නං නරක නෑ

manojmashz

Active member
  • Sep 16, 2011
    365
    96
    28
    colombo
    bds-hanoi.info


    අලුත විවාහ වී නිවසට පැමිණි ලේලිය දිනක් නිරුවතින් නාන කාමරයේ සිට පැමිණෙනු දුටු නැන්දම්මා, ඒ ගැන අප්‍රසාදයෙන් යුතුව ලේලියට දොස් පැවරුවා ය.

    එවිට ලේලිය, නැන්දම්මාගේ ඇ‍ඟේ දැවටෙමින් චාටු බසින් මෙසේ කීවා ය.
    අනේ අම්මේ, එහෙම කියන්න එපා, මේකට තමයි ආදරයේ ඇඳුම කියන්නේ. අම්මාගේ පුතා හරිම කැමැතියි මේ ඇඳුමට. ඒකනේ එයා මට මෙච්චර ආදරේ.

    එම සිදුවීමෙන් පාඩමක් ඉගෙන ගත් නැන්දම්මා, දිනක් එම උපායෙන් තම සැමියාගේ ආදරය යළි දිනා ගැනීමට සිතා, සැමියා නිවසට ගොඩ වදිමින් සිටි මොහොතක නිරුවතින් ඔහු ඉදිරියට පිය මැන්නා ය.
    වියපත් ගැහැණියක වූ තම බිරිඳ මෙසේ නිරුවතින් සිටීම විමතියට මෙන්ම ජුගුප්සාවටද කරුණක් වූ බැවින් සැමියා ඇයගෙන් ඒ ගැන විමසී ය.‍

    දෙයියනේ, මොකද්ද ඔයාට වෙළා තියෙන්නේ ? මොකද මේ අමු හෙළුවෙන් ?
    හා හා එහෙම කියන්න එපා, මේකට තමයි ආදරයේ ඇඳුම කියන්නේ, ඇයගේ පිළිතුර විය.
    බිරිඳ ටික වේලාවක් බලා සිටි ඔහු අවසානයේ මෙසේ පැවසී ය.

    ආදරයේ ඇඳුම නේද.. ම්..ම්.. ඇඳුම නං නරක නෑ, හැබැයි ටිකක් අයන් කරලා ගත්තා නං තමයි හොඳ...